Nothern Melbourne Sri Lankan Association


Dhamma Talks

Ripplebrook Retreats

Retreat Fri 8th March 2019 to Sunday 11th March 2019

Retreat Talks - Fri 8th March 2019 until 11th March 2019 by Ven Wagadapola Wimalagnaana Thero 1.190308_Evening Talk

2. 190309_Morning Talk

3. 190309_Q&A Talk

4. 190309_Evening Talk

5. 190310_Morning Talk

6. 190310_Q&A

7. 190310_LunchTime-Dhana

8. 190310_Evening Talk

9. 190311_Morning-Sathipattana Sutta


Retreat December 2017

1.Jhana Nissaya Sutta

2. Chanki Sutta

3.Vibhanga Sutta-Satipattana

4.Jhana Nissaya Sutta

5.Parileyyaka Sutta

6.Annathittiya Sutta

7.Avijja Sutta

8.Kinmulaka Sutta

9.Tikandaki Sutta

10.Tikandaki Sutta

Retreat Friday 7th February to Sunday 9th February 2019

අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහයන් -2019 පෙබරවාරි 8 සිකුරාදා සිට 2019 පෙබරවාරි 9 ඉරිදා දක්වා රිප්ල්බෘක් ආරණ්‍ය යේදී
1. Friday 7th February 2019 Evening Talk

2. Saturday 8th February 2019 Early Morning Talk

3. Saturday 8th February 2019 Morning Talk

4. Saturday 8th February 2019 Afternoon Talk

5. Saturday 8th February 2019 Evening Talk

6. Sunday 9th February 2019 Morning Talk

7. Sunday 9th February 2019 Mid day Talk

Retreat 7 & 8th December 2018


1. Friday 7th December 2018 Evening Talk

2. Saturday 8th December 2018 Early Morning Talk

3. Saturday 8th December 2018 Morning Talk

4. Saturday 8th December 2018 Afternoon Talk

5. Saturday 8th December 2018 Evening Talk

6. Sunday 9th December 2018 Morning Talk

7. Sunday 9th December 2018 Mid day Talk

Dhamma Talks

Ripplebrook Retreats

Sunday 16th December 2018 at Wonga Place Gowanbrae

Retreat 7th Sunday 16th December 2018 at Wonga Place Gowanbrae


Retreat 21st to 28th December 2018

අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහයන් - දෙසැම්බර් 21 සිට 28 දක්වා රිප්ල්බෘක් ආරණ්‍ය යේදී
1. Friday 21st December 2018 Part 1

2.Friday 21st December 2018 Part 2

3. Saturday 22nd December 2018

4. Saturday 22nd December 2018

5.Saturday 22nd December 2018

6. උද්දේසිත සුත්‍රය - අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහයන් - දෙසැම්බර් 22,2018

6.Saturday 22nd December 2018

7. Saturday 22nd December 2018

8. Sunday 23rd December 2018

9.Sunday 23rd December 2018

10. චචක්ක සුත්‍රය - මජ්ජිම නිකාය -අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 23,2018
10.Sunday 23rd December 2018

11. Monday 24th December 2018

12.Monday 24th December 2018

13. Monday 24th December 2018

14. නිබ්බෙදිත සුත්‍රය - අංගුත්තර නිකාය -අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 24,2018
14.Monday 24th December 2018

15. Tuesday 25th December 2018

16.Tuesday 25th December 2018

17. Tuesday 25th December 2018

18.නන්දකෝවාද සුත්‍රය පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 25,2018
18.Tuesday 25th December 2018

19.Tuesday 25th December 2018

20.Wednesday 26th December 2018

24.පටිච්ච සමුප්පාද - නතුම්ම සුත්‍රය සංයුක්ත නිකාය - අබිසමය සංයුක්තය පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 26,2018
21. Wednesday 26th December 2018

22.Wednesday 26th December 2018

23.Wednesday 26th December 2018

21.පටිච්ච සමුප්පාද - පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 27,2018
24.Thursday 27th December 2018

25.Thursday 27th December 2018

26. Thursday 27th December 2018

27.අධිවුර්ති පද සුත්‍රය - අංගුත්තර නිකාය - පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 28,2018
27.Thursday 27th December 2018

Retreat Friday 11th Jan to Sunday 13th Jan 2019

අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහයන් -2019 ජනවාරි 11 සිකුරාදා සිට ජනවාරි 13 ඉරිදා දක්වා රිප්ල්බෘක් ආරණ්‍ය යේදී
1.Friday 11th January 2019

2.Friday 11th January 2019

3.Saturday 12th January 2019

4.Saturday 12th January 2019

5.Sunday 13th January 2019


More to come....
රස වෑහෙන බණ කතා

සත් කල්ප නරකය -දාන මාන පින්කම් කරන අයගේ සිත් කළකිරවන්න එපා සත් කල්ප නරකය මේ කල්පය මහා කල්ප හයක් දුක් විඳින්න තිබෙන නරකය යි. මෙහි උපත ලබන්නේ දාන, ශීල, භාවනා, පින්කම් කරන අයගේ සිත් කලකිරවන්නන් ය. දන් දෙන්න එපා, සිල් රකින්න එපා, භාවනා කරන්න එපා, මේ ස්ථානයට දන් දෙන්න එපා යනුවෙන් කෙනෙකුගේ සිත කළකිරවීම යි. ඒ වගේම බුද්ධ, ධම්ම. සංඝ රත්නත්‍රයට සිල් වතුන්ට , ගුණ වතුන්ට දෝෂාරෝපණය කරන, අසභ්‍ය වදනින් බැණ වැද දාන මානාදී පින්කම් කරන අයගේ සිත් කිළිටි කරන නිසා, ඒ අය මහා කල්ප හයක් ආයු ඇති, මේ කියන සත්කල්ප නරකාදියට වැටී දුක් විඳියි. එතැන සිටින යම පල්ලන් විසින් ඇදගෙන ගොස් ඒ නරකයට දමා දිය යුතු දෙතිස් වධයම දෙයි. අතපය කපා දමනවා, උල තියනවා , එසේම කෙස් වැටියෙන් ඇද දමා එහෙ මෙහෙ ඇද දමනවා, ගින්නට දමනවා. මෙලෙස අපායේ ඇති සියලුම දඬුවම් ලබා දෙයි. ඒ නිසා හොඳට මතක තබා ගත යුත්තේ දාන මාන පින්කම් කරන අයගේ සිත් කළකිරවන්න එපා. දාන මාන පින්කම් කරන අයගේ ගුණ පවසන්න, එයට සහාය දී උපකාර කරන්න. බුද්ධ, ධම්ම , සංඝ ආදී රත්නත්‍රයට, සිල්වතුන්ට, ගුණවතුන්ට දෝෂාරෝපණයෙන් වැළකිය යුතු යි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ පැවසිය යුතු යි. එබඳු අය මනු ලොව ද, දෙව් ලොව ද උපත ලබා ලැබිය යුතු සියලුම සම්පත් ලබයි. මෙම අපායෙන් වැළකී සුගතියකම වාසය කර, නිවන් සම්පත් ලබයි. (කහගොල්ලේ සෝමවංශ හිමි)

දස පින්
සනීපය ආරක්ෂා කැරැ ගැන්මෙන් ඇඟ හොඳට වැඩෙයි. ඇඟේ හයි හත්තිය ඇති වෙයි. වැඩි කලක් සැප සේ ජීවත්විය හැකි වෙයි. එසේ ම හිතේ සනීප ගතිය රැක ගැන්මෙන් හිතේ සක්තිය, හිතේ හයිය වැඩි වෙයි, හිත දියුණු වෙයි. හොඳ ගුණයට පැහැදීම, නරක ගතියෙක් තමා තුළ ඇති නො වන්නට පරිස්සම් වන ගතිය, නරක කැත ගතිවලට නො කැමති කම (හෙවත් පිළිකුල), ලෝභ නැති කම, තරහ නො වෙන ගතිය, ඇත්ත ඇති හැටියට දකින ගතිය යන ආදි ගති ලෙඩ නැති හිතේ ලකුණු ය. මේ හොඳ ගති හිතේ පුරුදු වීමෙන් සිත තුළ වැඩී යෑමෙන් හොඳ දෑ කිරීමට හිත නැමේ. මෙ සේ හොඳ හිතෙන් කරන ඒ හොඳ දෑවලට පින් ය කියා නෙමෙකි. ‘පින්’ යන වචනයේ මුල් තේරුම නම් “එය කරන්නහු ගේ හිත සුද්ද කරන දැ ය” යනුයි. හිතේ හොඳ ගති දියුණු වීමෙන් කරන හොඳ ක්‍රියා දහවගෙකි. ඒවාට දස පින් යැයි කියත්.
1. ඉන් පළමු වැන්න දීම යි.
අපට වැඩියෙන් හොඳ වු අය සිටිති. අපට වඩා හික්මීම ඇති, අපට වඩා කරුණාවන්ත, ලොව හැම දෙනා ම ගැන තමාට මෙන් ම ආදරය පවත්තන, අනුන් ගැහුවත් බැන්නත් තරහ නැති ව ම ඒ සියල්ල ඉවසන, මේ ආදි වශයෙන් හොඳ ගතිවලින් අපට වඩා දියුණු වුණු අය සිටිති. එබඳු හොඳ ගුණ, උසස් උතුම් දෑ හැටියට සලකන අප තුළ, එබඳු ගති ගුණ අපට වඩා දියුණු වී ඇති අය ගැන ද සැලකිල්ලත් ආදරයක් ඇති වේ. එබඳු අයට සැලකිලි දක්වන්නට, වඳින්නට පුදන්නට, අපේ හිත නැමෙයි. එහෙම ඇත්තනට එතුමන් පුරන ඒ ගුණ දහම් දියුණු කිරීමට උදව් දීමක් වශයෙන් සලකන්නට ද අපේ සිත නැමේ. අප සතු දෑ කෙරෙහි අප තුළ ඇති ඇල්ම පවා අත්හැරලා ඒ වා වියදම් කැරැ ඒ උතුමනට හොඳින් සලකන්නට අපට සිතෙයි. එබඳු උතුමනට කෑම පීම ආදිය දීමෙන් සැලැකිලි දැක්වීම එක් දීමෙකි. අපට වඩා දුප්පත් අසරණ අය පෙනුණා ම අපේ හිතේ ඔවුන් විඳින දුක ගැන කනගාටු ගතියෙක්, කරුණාවෙක්, අනුකම්පාවෙක්, පපුව උණු වීමෙක් ඇති වේ. අප කොතරම් ආශාවකින් රැකගෙන තිබෙන දෑ වූවද ඔවුන් හට දී ඔවුන් සනසන්නට සිත් වෙයි. ඒ කරුණාව උඩ අසරණ අයට සංග්‍රහ කිරීමත් එක් දීමෙකි. මෙසේ ගෞරවයෙන් දෙන දීමත්, කරුණාවෙන් දෙන දීමත් යන දෙක ම දාන (දීම) නමැති පින්කමයි.
2. දෙවෙනි පින්කම සිල් රැක්ම යි.
සිල් නම් හීලෑ ගුණය යි. සතුන් මැරුම්, අන්සතු දෑ අයුතු අන්දමින් ගැනුම්, නරක ආශාවෙන් නො හොබනාකම් කැරැම්, මත්පැන් බීම, බොරු කීම්, කේලාම් කීම්, නපුරු වචන කීම්, වැද ගැම්මකට නැති දෑ දෙඩීම්, අයුතු දෑ කිරීමෙන් ජීවිකාව කිරීම් යන මේවාහැඩි නො හීලෑ (දුස්සීල) කම් ය. ඒ නො හීලෑ කම්වලින් වැළැකී හෙවත් ඒවා අත්හැර හීලෑගතිය, ඛ්ඹ්ක්මුම්කම ඇති කැරැ ගත යුතු යි. මෙ සේ හික්මුම සීල (සිල්) නම්, මෙය ද හිතේ හොඳ ගති නිසා ම ඇති වන එකෙකි.
3. තෙ වෙනි පින් කම භාවනාව යි.
අපේ හිත ඒ මේ අතට දුවන්නට වුණා ම නොයෙක් නරක ගති හිතේ ම ඇති වන්නට ඉඩ තිබේ. ප්‍රිය නැති කෙනෙකු දුටුවා ම තරහ ඇති වේ. යමක් ලබා ගැන්මේ ආශාව නිසා හිත තුළ නොසන්සුන්කමද ඇති වේ. මෙසේ නොයෙක් අතට හිත යෑමෙන් හිතේ කලබල ගති හැදේ. ඒවායින් හිත වෙන් කැර ගෙන යම් කිසි හොඳ ගතියකට ම හිත නමා ගෙන, එහි ම හිත බැඳ තබන්නට පුරුදු වුණොත් නරක – ගතිවලට හිතේ ඉඩ නො ලැබේ. එබැවින් නරක අතට හිත නො නැමෙන්නටත්, හිතේ හොඳ ගුණ තහවුරු වෙන්නටත් අප විසින් පුරුදු කළ යුතු හොඳ වැඩෙක් තිබේ. එ නම් හොඳ අන්දමට හිත එකඟ කැරැ, හිත එක දැයකට ම නමා තබා ගෙන ඉඳීම යි – “මුළු ලෝකයේ හැම දෙනාට ම හොඳක් ම වෙච්චාවේ” කියා හිතින් කැමැති වෙමින්, ඔවුන් සැප සේ ඉන්ද යුතු අන්ද ම හිතෙන් දැක දැක එයට කැමැති කම දියුණු කරමින් අපට ඉන්නට පිළිවන. මේ ආදී යම් කිසි හැටියෙකින් හිතේ එකඟකම දියුණු කිරීමෙන් හිත වැඩෙයි. මෙ සේ හොඳ අතට හිතේ එකඟකම දියුණු කිරීම එක් භාවනාවෙකි. අපේ ඇඟ වෙනස් වන හැටි, දිරන හැටි, හිත වෙනස් වන හැටි, හිතත් හිතේ ගතිත් ඇඟත් දුක් වන සැටි, ඒවායේ නො නැසෙන හර ගතියක් නැති සැටි හිතින් බලමින් ඒ ගැන දැනීම දියුණු කළ යුතු. මෙසේ ඒ දැනුම වැඩීමෙන් ඒ කිසිවක් ගැන ආශාවක් ලෝබයක් ඇති නො වේ. ඒ කිසිවකට අනුන් ගෙන් කරදරයක් වුණාට තරහවකුත් ඇති නො වේ. ඒ වා නිසරු බව දැනෙන බැවිනි. මෙසේ ජීවිතයට ඇති සැටි දන්නා නුවණ වැඩීම ද එක් භාවනාවෙකි. මේ හිතේ එකඟකම වැඩීම සමාධි භාවනා නමි, නුවණ වැඩීම විපස්සනා භාවනාව නමි. මෙය පුරුදු කිරීමෙන් හිතේ නරක ගති දුරු වේ. හොඳ ගති දියුණු වේ. නුවණ ද වැඩේ.
4. සිවුවන පින්කම නම් යටත් පහත් කම පෑම යි.
මා පියනට වැඩි හිටියනට ගුරුවරුනට ගුණවනයනට යටත් පහත් කම් දැක්වීම, ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිදුම් යන මේ සියල්ල එයට ඇතුළති. මෙය පුරුදු කිරීමෙන් උඩගු කම් ආදී නරක ගති නැතිවී හිත ශුද්ධ වේ. පාලි භාෂාවෙන් මෙයට අපචායන යන නම බැවහර යි. 5. පස් වන පින්කම නම් මා පිය ආදීනට වතාවත් කිරීම යි.
ඔවුනට ලෙඩ දුකේ දී සාත්තු කිරීම, ඔවුනට කෑම් බීම් ආදිය පිළියෙල කරදීම, දර වතුර ගෙනවුත් දීම, අත් පා මිරිකීම, ගමන් බිමන්වල දී ඔවුන් හා යෑම් ආදියෙන් උපකාරී වීම යන ආදිය මෙයට ඇතුළත්ය. මෙය පුරුදු කරන්නා ද මෙයින් ලෝබ තරහ උඩගුකම් ආදි නරක ගති හිතින් දුරලයි. ඔහුගේ හිත හොඳ ගතිවලින් පිරෙයි. ශුද්ධ වෙයි. මෙයට පාලියෙන් වෙයියාවච්ච යන නම වැහැරැවේ. 6. හවන පින්කම නම් පින් දීම යි.
හොඳ දෑ කිරීමෙන් ගුණ නුවණ වැඩේ. කෙනෙකු කරන හොඳ දැයට සතුටු වීම ඒ හොඳ දෑ හිතින් පිළිගැනීමයි. අන් කෙනකු දන්දීම්, සිල් රැකීම් ආදි වශයෙන් හොඳ වැඩ කරනවා. දැක අප එයට සතුටු වෙනවා නම් එයින් අපේ සිතින් ඒ පින කළා නම් වේ. ඉතින් අපත් පිනක් කොට එයට අන් අය සතුටු කැරැවීමෙන් ඔවුන් තුළද හොඳ ගති ඇති වේ. එයින් අපට මෙන් ඔවුනට ද යහපතෙක් ම සැලැසේ. මෙසේ හෙයින් අප පිනක් කළා ම “මේ පින අන් සත්ත්වයනට ද සතුටට හේතු වේ වා. මේ පිනට සතුටු ව ඔහු ද සැප ලබත්වා’යි සිතින් සිතීම, වචනයෙනුත් කීම අනුන් හට උපකාර කිරීමෙකි. මෙ සේ කිරීමේදී මෙයට බලාපොරොත්තු වන සමහර දෙවිවරුද, අපේ අදහස්, අපේ වචන තේරුම් ගත හැකි අන් සත්ත්වයෝ ද අප කළ පිනට සතුටු වෙති. එයින් ඔහු තමන් තුළ ද හොඳ අදහස්, පින් සිත් ඇති කැර ගනිති. එයින් සැප ලබති. අපේ නැසී ගිය නෑදෑයන් ගෙන් යම් යම් අය එබඳු පින් ගන්නට හැකි පේ‍්‍රත ජන්මයෙක ඉපිද හිටියොත් අප පින්දීමේ දී ඒවා අනුමෝදන් කොට ගෙන හෙවත් ඒවාට සතුටුව කුසල් වඩා ගෙන සැපතට පැමිණෙති. එබැවින් අනුන් හට පින්දීම පින් අනුමෝදන් කැරැවීම හිතවත් කමින් කරන උපකාරයෙකි. උතුම් පිනෙකි. මෙයට පාලියෙන් පත්ති දාන යන නම වැහැරැවෙයි.
7. හත්වන පින නම් පින් ගැනීම යි.
උඩ කී පරිදි අප අනුනට පින් දෙන්නා සේ ම අන් අය අපට ද පින් දෙති. ඉතින් පින් කැමැති අප විසින් ඔවුන් හිතවත් කමින් අපට දෙන පින් සතුටින් ගත යුතු යි. හෙවත් ඔවුන් තමන් කළ පින් අපට අනුමෝදන් කරන විට අපත් ඒවා අප කළ දෑ සේ ම සිතා සතුටු විය යුතුයි. මේ අනුන් දෙන පින් ගැනීමට පාලි භාෂාවෙන් පත්තානුමෝදනා යැ යි කියනු ලැබේ.
8. අට වන පින්කම බණ කීම යි.
අනුන් නරක සිතුම් පැතුම්වලිනුත් නරක කියුම් කැරුම්වලිනුත් බේරා ගෙන හොඳ අතේ යවන අදහසින් උපදෙස් දීම, හොඳ දෑ කියා දීම බණ කීම නමි, ධර්ම දේශනා කියන්නේත් මෙයටම යි. අනුනට බණ කියන්නේ ඔවුනට හිතවත් බැවිනි. කරුණාවෙනි. එය කරන්නහු ගේ හිත එයින් වඩ වඩා පිරිසිදු වේ.
9. නව වන පින්කම නම් බණ ඇසීම යි.
අපට අපේ යහපත පිණිස හොඳ අය උපදෙස් දෙති. අපේ මවු, පියා, ගුරුවරු, සිල්වත් ගුණවත් හාමුදුරුවරු දැනුමැතිකම් දෙති. පින් පව් තෝරා කියා දෙති. ඒවා අසා තේරුම් ගැනීම අපේ යුතු කම යි. මෙ සේ බණ ඉගැන්මෙන් දැනීම ඇති වේ. එයින් හිත නරකින් ඉවත් ව හොඳ වේ. හෙවත් පිරිසිදු වේ. ධර්ම ශ්‍රවණය කියා බැවහැර වන්නේ බණ ඇසීමට යි.
10. දස වන පින්කම නම් නිවැරැදි දැකීම හෙවත් හරි නුවණ ඇති කැර ගැන්මයි.
සමහරු “සත්ත්වයා මෙයින් ම අවසන් වෙතැ”යි වරදවා සලකති. එය ඇදට දැකීමෙකි. තව කෙනෙක් “මෙහි අප තුළ වෙනස් නො වී එක ලෙස ම පවත්නා යම් කිසි හරයක්, ‘ආත්මය’ කියා එකක් ඇතැයි”යි ද “එය දිගින් දිගට අලුත් අලුත් ශරීරවලට එකතු වෙවී යතැ”යි ද වරදවා සිතති. මේ දෙක ම වක් වූ ඇද වූ දැකුම් ය. වැරැදි සැලැකුම් ය. බණ දහම් ඇසීමෙන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් මේ වැරදි හැර දමත හැකි යි. සත්ත්වයා යනු එක් අන්දමකට ම තිබෙන වෙනස් නො වී සිටින කිසියම් දැයක් නො වේ යැ යි ද, නිතර වෙනස් වෙවී යන ස්වභාව වැලක් යැයි ද දැනීම නිවැරැදි යි. එය හරි දැක්මෙකි. තව ද හේතුවක් කාරණයක් නැති ව, ලොව යම් යම් දෑ ඉබේ ම ඇති වේ යැ යි සමහරු සලකති. තව කෙනෙක් සියල්ල දන්නා දක්නා සියලු බලැති කෙනකු ගේ කැමැත්ත අනුව ලොවෙත් සත්ත්වයන්ගේත් පැවැත්ම වේ යැයි සලකති. තවත් අයෙක් මේ අත්බැව්හි සිදුවන සියල්ල පෙර අත්බැව්හි කළ කර්ම නිසාම වේ යැ යි සලකති. මේ හැම දැකුම් සැලැකුම් වැරැදි ය, ඇද ය. හේතුවක් නැති ව කිසිවක් ඇති නො වේ. යමක් වීමට හේතුවක් තිබිය යුතු ය. සත්ත්වයා ගේ මෙහි සිදුවීම්වලින් ඇතැම් දෑ මෙ අත්බව්හි ම වු ඇතැම් කරුණින් වේ. ඇතැම් දෑ පෙර අත්බව්හි කළ කර්ම නිසා වේ. ඇතැම් දෑ මෙ අත් බව්හි කරන දෑ නිසාම සිදුවේ. ඇතැම් දෑ මෙ අත්බව්හි කරන දෑත් පෙර අත් බව්හි කළ කර්මත් යන දෙකෙන් ම සම්බන්ධයෙන් වේ. මේ හරි දැක්මයි, ඇද නැති දැක්ම යි. සෘජු දෘෂ්ටිය යි. සම්‍යක්දෘෂ්ටිය යනු ද මෙය යි. දස වන පින හැටියට දැක්වුණේ මේ සම්‍යක්දෘෂ්ටිය ඇති කැර ගැන්ම යි.


    Your words
Life hacks
    How to eat to live for 100 years

    How to face Karma in Life and live a happy life

    success

Ripplebrook Retreat Dhamma Talks





Retreat Fri 8th March 2019 to Sunday 11th March 2019

Retreat Talks - Fri 8th March 2019 until 11th March 2019 by Ven Wagadapola Wimalagnaana Thero 1.190308_Evening Talk

2. 190309_Morning Talk

3. 190309_Q&A Talk

4. 190309_Evening Talk

5. 190310_Morning Talk

6. 190310_Q&A

7. 190310_LunchTime-Dhana

8. 190310_Evening Talk

9. 190311_Morning-Sathipattana Sutta



Retreat December 2017

1.Jhana Nissaya Sutta

2. Chanki Sutta

3.Vibhanga Sutta-Satipattana

4.Jhana Nissaya Sutta

5.Parileyyaka Sutta

6.Annathittiya Sutta

7.Avijja Sutta

8.Kinmulaka Sutta

9.Tikandaki Sutta

10.Tikandaki Sutta

-->

Retreat Friday 7th February to Sunday 9th February 2019

Retreat 7th February to Sunday 9th February 2019
--> අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහයන් -2019 පෙබරවාරි 8 සිකුරාදා සිට 2019 පෙබරවාරි 9 ඉරිදා දක්වා රිප්ල්බෘක් ආරණ්‍ය යේදී
1. Friday 7th February 2019 Evening Talk

2. Saturday 8th February 2019 Early Morning Talk

3. Saturday 8th February 2019 Morning Talk

4. Saturday 8th February 2019 Afternoon Talk

5. Saturday 8th February 2019 Evening Talk

6. Sunday 9th February 2019 Morning Talk

7. Sunday 9th February 2019 Mid day Talk
-->

Retreat 7 & 8th December 2018


1. Friday 7th December 2018 Evening Talk

2. Saturday 8th December 2018 Early Morning Talk

3. Saturday 8th December 2018 Morning Talk

4. Saturday 8th December 2018 Afternoon Talk

5. Saturday 8th December 2018 Evening Talk

6. Sunday 9th December 2018 Morning Talk

7. Sunday 9th December 2018 Mid day Talk

-->

Sunday 16th December 2018 at Wonga Place Gowanbrae

Retreat 7th Sunday 16th December 2018 at Wonga Place Gowanbrae

-->

Retreat 21st to 28th December 2018

Retreat 21st to 28th December 2018
--> අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහයන් - දෙසැම්බර් 21 සිට 28 දක්වා රිප්ල්බෘක් ආරණ්‍ය යේදී
1. Friday 21st December 2018 Part 1

2.Friday 21st December 2018 Part 2

3. Saturday 22nd December 2018

4. Saturday 22nd December 2018

5.Saturday 22nd December 2018

6. උද්දේසිත සුත්‍රය - අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහයන් - දෙසැම්බර් 22,2018

6.Saturday 22nd December 2018

7. Saturday 22nd December 2018

8. Sunday 23rd December 2018

9.Sunday 23rd December 2018

10. චචක්ක සුත්‍රය - මජ්ජිම නිකාය -අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 23,2018
10.Sunday 23rd December 2018

11. Monday 24th December 2018

12.Monday 24th December 2018

13. Monday 24th December 2018

14. නිබ්බෙදිත සුත්‍රය - අංගුත්තර නිකාය -අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 24,2018
14.Monday 24th December 2018

15. Tuesday 25th December 2018

16.Tuesday 25th December 2018

17. Tuesday 25th December 2018

18.නන්දකෝවාද සුත්‍රය පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 25,2018
18.Tuesday 25th December 2018

19.Tuesday 25th December 2018

20.Wednesday 26th December 2018

පටිච්ච සමුප්පාද - නතුම්ම සුත්‍රය සංයුක්ත නිකාය - අබිසමය සංයුක්තය පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 26,2018
21. Wednesday 26th December 2018

22.Wednesday 26th December 2018

23.Wednesday 26th December 2018

පටිච්ච සමුප්පාද - පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 27,2018
24.Thursday 27th December 2018

25.Thursday 27th December 2018

26. Thursday 27th December 2018

අධිවුර්ති පද සුත්‍රය - අංගුත්තර නිකාය - පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහය - දෙසැම්බර් 28,2018
27.Thursday 27th December 2018



Retreat Friday 11th Jan to Sunday 13th Jan 2019

අති පුජ්‍ය වෙගොඩාපොල විමලඥාන හිමියන් විසින් දේශිත ධර්ම විග්‍රහයන් -2019 ජනවාරි 11 සිකුරාදා සිට ජනවාරි 13 ඉරිදා දක්වා රිප්ල්බෘක් ආරණ්‍ය යේදී
1.Friday 11th January 2019

2.Friday 11th January 2019

3.Saturday 12th January 2019

4.Saturday 12th January 2019

5.Sunday 13th January 2019


More to come....

රස වෑහෙන බණ කතා



දස පින්
🌸සනීපය ආරක්ෂා කැරැගැන්මෙන් ඇඟ හොඳට වැඩෙයි. ඇඟේ හයි හත්තිය ඇති වෙයි. වැඩි කලක් සැප සේ ජීවත්විය හැකි වෙයි. එසේ ම හිතේ සනීප ගතිය රැක ගැන්මෙන් හිතේ සක්තිය, හිතේ හයිය වැඩි වෙයි, හිත දියුණු වෙයි. හොඳ ගුණයට පැහැදීම, නරක ගතියෙක් තමා තුළ ඇති නො වන්නට පරිස්සම් වන ගතිය, නරක කැත ගතිවලට නො කැමති කම (හෙවත් පිළිකුල), ලෝභ නැති කම, තරහ නො වෙන ගතිය, ඇත්ත ඇති හැටියට දකින ගතිය යන ආදි ගති ලෙඩ නැති හිතේ ලකුණු ය. මේ හොඳ ගති හිතේ පුරුදු වීමෙන් සිත තුළ වැඩී යෑමෙන් හොඳ දෑ කිරීමට හිත නැමේ. මෙ සේ හොඳ හිතෙන් කරන ඒ හොඳ දෑවලට පින් ය කියා නෙමෙකි. ‘පින්’ යන වචනයේ මුල් තේරුම නම් “එය කරන්නහු ගේ හිත සුද්ද කරන දැ ය” යනුයි. හිතේ හොඳ ගති දියුණු වීමෙන් කරන හොඳ ක්‍රියා දහවගෙකි. ඒවාට දස පින් යැයි කියත්.
1. ඉන් පළමු වැන්න දීම යි.
අපට වැඩියෙන් හොඳ වු අය සිටිති. අපට වඩා හික්මීම ඇති, අපට වඩා කරුණාවන්ත, ලොව හැම දෙනා ම ගැන තමාට මෙන් ම ආදරය පවත්තන, අනුන් ගැහුවත් බැන්නත් තරහ නැති ව ම ඒ සියල්ල ඉවසන, මේ ආදි වශයෙන් හොඳ ගතිවලින් අපට වඩා දියුණු වුණු අය සිටිති. එබඳු හොඳ ගුණ, උසස් උතුම් දෑ හැටියට සලකන අප තුළ, එබඳු ගති ගුණ අපට වඩා දියුණු වී ඇති අය ගැන ද සැලකිල්ලත් ආදරයක් ඇති වේ. එබඳු අයට සැලකිලි දක්වන්නට, වඳින්නට පුදන්නට, අපේ හිත නැමෙයි. එහෙම ඇත්තනට එතුමන් පුරන ඒ ගුණ දහම් දියුණු කිරීමට උදව් දීමක් වශයෙන් සලකන්නට ද අපේ සිත නැමේ. අප සතු දෑ කෙරෙහි අප තුළ ඇති ඇල්ම පවා අත්හැරලා ඒ වා වියදම් කැරැ ඒ උතුමනට හොඳින් සලකන්නට අපට සිතෙයි. එබඳු උතුමනට කෑම පීම ආදිය දීමෙන් සැලැකිලි දැක්වීම එක් දීමෙකි. අපට වඩා දුප්පත් අසරණ අය පෙනුණා ම අපේ හිතේ ඔවුන් විඳින දුක ගැන කනගාටු ගතියෙක්, කරුණාවෙක්, අනුකම්පාවෙක්, පපුව උණු වීමෙක් ඇති වේ. අප කොතරම් ආශාවකින් රැකගෙන තිබෙන දෑ වූවද ඔවුන් හට දී ඔවුන් සනසන්නට සිත් වෙයි. ඒ කරුණාව උඩ අසරණ අයට සංග්‍රහ කිරීමත් එක් දීමෙකි. මෙසේ ගෞරවයෙන් දෙන දීමත්, කරුණාවෙන් දෙන දීමත් යන දෙක ම දාන (දීම) නමැති පින්කමයි.
2. දෙවෙනි පින්කම සිල් රැක්ම යි.
සිල් නම් හීලෑ ගුණය යි. සතුන් මැරුම්, අන්සතු දෑ අයුතු අන්දමින් ගැනුම්, නරක ආශාවෙන් නො හොබනාකම් කැරැම්, මත්පැන් බීම, බොරු කීම්, කේලාම් කීම්, නපුරු වචන කීම්, වැද ගැම්මකට නැති දෑ දෙඩීම්, අයුතු දෑ කිරීමෙන් ජීවිකාව කිරීම් යන මේවාහැඩි නො හීලෑ (දුස්සීල) කම් ය. ඒ නො හීලෑ කම්වලින් වැළැකී හෙවත් ඒවා අත්හැර හීලෑගතිය, ඛ්ඹ්ක්මුම්කම ඇති කැරැ ගත යුතු යි. මෙ සේ හික්මුම සීල (සිල්) නම්, මෙය ද හිතේ හොඳ ගති නිසා ම ඇති වන එකෙකි.
3. තෙ වෙනි පින් කම භාවනාව යි.
අපේ හිත ඒ මේ අතට දුවන්නට වුණා ම නොයෙක් නරක ගති හිතේ ම ඇති වන්නට ඉඩ තිබේ. ප්‍රිය නැති කෙනෙකු දුටුවා ම තරහ ඇති වේ. යමක් ලබා ගැන්මේ ආශාව නිසා හිත තුළ නොසන්සුන්කමද ඇති වේ. මෙසේ නොයෙක් අතට හිත යෑමෙන් හිතේ කලබල ගති හැදේ. ඒවායින් හිත වෙන් කැර ගෙන යම් කිසි හොඳ ගතියකට ම හිත නමා ගෙන, එහි ම හිත බැඳ තබන්නට පුරුදු වුණොත් නරක – ගතිවලට හිතේ ඉඩ නො ලැබේ. එබැවින් නරක අතට හිත නො නැමෙන්නටත්, හිතේ හොඳ ගුණ තහවුරු වෙන්නටත් අප විසින් පුරුදු කළ යුතු හොඳ වැඩෙක් තිබේ. එ නම් හොඳ අන්දමට හිත එකඟ කැරැ, හිත එක දැයකට ම නමා තබා ගෙන ඉඳීම යි – “මුළු ලෝකයේ හැම දෙනාට ම හොඳක් ම වෙච්චාවේ” කියා හිතින් කැමැති වෙමින්, ඔවුන් සැප සේ ඉන්ද යුතු අන්ද ම හිතෙන් දැක දැක එයට කැමැති කම දියුණු කරමින් අපට ඉන්නට පිළිවන. මේ ආදී යම් කිසි හැටියෙකින් හිතේ එකඟකම දියුණු කිරීමෙන් හිත වැඩෙයි. මෙ සේ හොඳ අතට හිතේ එකඟකම දියුණු කිරීම එක් භාවනාවෙකි. අපේ ඇඟ වෙනස් වන හැටි, දිරන හැටි, හිත වෙනස් වන හැටි, හිතත් හිතේ ගතිත් ඇඟත් දුක් වන සැටි, ඒවායේ නො නැසෙන හර ගතියක් නැති සැටි හිතින් බලමින් ඒ ගැන දැනීම දියුණු කළ යුතු. මෙසේ ඒ දැනුම වැඩීමෙන් ඒ කිසිවක් ගැන ආශාවක් ලෝබයක් ඇති නො වේ. ඒ කිසිවකට අනුන් ගෙන් කරදරයක් වුණාට තරහවකුත් ඇති නො වේ. ඒ වා නිසරු බව දැනෙන බැවිනි. මෙසේ ජීවිතයට ඇති සැටි දන්නා නුවණ වැඩීම ද එක් භාවනාවෙකි. මේ හිතේ එකඟකම වැඩීම සමාධි භාවනා නමි, නුවණ වැඩීම විපස්සනා භාවනාව නමි. මෙය පුරුදු කිරීමෙන් හිතේ නරක ගති දුරු වේ. හොඳ ගති දියුණු වේ. නුවණ ද වැඩේ.
4. සිවුවන පින්කම නම් යටත් පහත් කම පෑම යි.
මා පියනට වැඩි හිටියනට ගුරුවරුනට ගුණවනයනට යටත් පහත් කම් දැක්වීම, ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිදුම් යන මේ සියල්ල එයට ඇතුළති. මෙය පුරුදු කිරීමෙන් උඩගු කම් ආදී නරක ගති නැතිවී හිත ශුද්ධ වේ. පාලි භාෂාවෙන් මෙයට අපචායන යන නම බැවහර යි. 5. පස් වන පින්කම නම් මා පිය ආදීනට වතාවත් කිරීම යි.
ඔවුනට ලෙඩ දුකේ දී සාත්තු කිරීම, ඔවුනට කෑම් බීම් ආදිය පිළියෙල කරදීම, දර වතුර ගෙනවුත් දීම, අත් පා මිරිකීම, ගමන් බිමන්වල දී ඔවුන් හා යෑම් ආදියෙන් උපකාරී වීම යන ආදිය මෙයට ඇතුළත්ය. මෙය පුරුදු කරන්නා ද මෙයින් ලෝබ තරහ උඩගුකම් ආදි නරක ගති හිතින් දුරලයි. ඔහුගේ හිත හොඳ ගතිවලින් පිරෙයි. ශුද්ධ වෙයි. මෙයට පාලියෙන් වෙයියාවච්ච යන නම වැහැරැවේ. 6. හවන පින්කම නම් පින් දීම යි.
හොඳ දෑ කිරීමෙන් ගුණ නුවණ වැඩේ. කෙනෙකු කරන හොඳ දැයට සතුටු වීම ඒ හොඳ දෑ හිතින් පිළිගැනීමයි. අන් කෙනකු දන්දීම්, සිල් රැකීම් ආදි වශයෙන් හොඳ වැඩ කරනවා. දැක අප එයට සතුටු වෙනවා නම් එයින් අපේ සිතින් ඒ පින කළා නම් වේ. ඉතින් අපත් පිනක් කොට එයට අන් අය සතුටු කැරැවීමෙන් ඔවුන් තුළද හොඳ ගති ඇති වේ. එයින් අපට මෙන් ඔවුනට ද යහපතෙක් ම සැලැසේ. මෙසේ හෙයින් අප පිනක් කළා ම “මේ පින අන් සත්ත්වයනට ද සතුටට හේතු වේ වා. මේ පිනට සතුටු ව ඔහු ද සැප ලබත්වා’යි සිතින් සිතීම, වචනයෙනුත් කීම අනුන් හට උපකාර කිරීමෙකි. මෙ සේ කිරීමේදී මෙයට බලාපොරොත්තු වන සමහර දෙවිවරුද, අපේ අදහස්, අපේ වචන තේරුම් ගත හැකි අන් සත්ත්වයෝ ද අප කළ පිනට සතුටු වෙති. එයින් ඔහු තමන් තුළ ද හොඳ අදහස්, පින් සිත් ඇති කැර ගනිති. එයින් සැප ලබති. අපේ නැසී ගිය නෑදෑයන් ගෙන් යම් යම් අය එබඳු පින් ගන්නට හැකි පේ‍්‍රත ජන්මයෙක ඉපිද හිටියොත් අප පින්දීමේ දී ඒවා අනුමෝදන් කොට ගෙන හෙවත් ඒවාට සතුටුව කුසල් වඩා ගෙන සැපතට පැමිණෙති. එබැවින් අනුන් හට පින්දීම පින් අනුමෝදන් කැරැවීම හිතවත් කමින් කරන උපකාරයෙකි. උතුම් පිනෙකි. මෙයට පාලියෙන් පත්ති දාන යන නම වැහැරැවෙයි.
7. හත්වන පින නම් පින් ගැනීම යි.
උඩ කී පරිදි අප අනුනට පින් දෙන්නා සේ ම අන් අය අපට ද පින් දෙති. ඉතින් පින් කැමැති අප විසින් ඔවුන් හිතවත් කමින් අපට දෙන පින් සතුටින් ගත යුතු යි. හෙවත් ඔවුන් තමන් කළ පින් අපට අනුමෝදන් කරන විට අපත් ඒවා අප කළ දෑ සේ ම සිතා සතුටු විය යුතුයි. මේ අනුන් දෙන පින් ගැනීමට පාලි භාෂාවෙන් පත්තානුමෝදනා යැ යි කියනු ලැබේ.
8. අට වන පින්කම බණ කීම යි.
අනුන් නරක සිතුම් පැතුම්වලිනුත් නරක කියුම් කැරුම්වලිනුත් බේරා ගෙන හොඳ අතේ යවන අදහසින් උපදෙස් දීම, හොඳ දෑ කියා දීම බණ කීම නමි, ධර්ම දේශනා කියන්නේත් මෙයටම යි. අනුනට බණ කියන්නේ ඔවුනට හිතවත් බැවිනි. කරුණාවෙනි. එය කරන්නහු ගේ හිත එයින් වඩ වඩා පිරිසිදු වේ.
9. නව වන පින්කම නම් බණ ඇසීම යි.
අපට අපේ යහපත පිණිස හොඳ අය උපදෙස් දෙති. අපේ මවු, පියා, ගුරුවරු, සිල්වත් ගුණවත් හාමුදුරුවරු දැනුමැතිකම් දෙති. පින් පව් තෝරා කියා දෙති. ඒවා අසා තේරුම් ගැනීම අපේ යුතු කම යි. මෙ සේ බණ ඉගැන්මෙන් දැනීම ඇති වේ. එයින් හිත නරකින් ඉවත් ව හොඳ වේ. හෙවත් පිරිසිදු වේ. ධර්ම ශ්‍රවණය කියා බැවහැර වන්නේ බණ ඇසීමට යි.
10. දස වන පින්කම නම් නිවැරැදි දැකීම හෙවත් හරි නුවණ ඇති කැර ගැන්මයි.
සමහරු “සත්ත්වයා මෙයින් ම අවසන් වෙතැ”යි වරදවා සලකති. එය ඇදට දැකීමෙකි. තව කෙනෙක් “මෙහි අප තුළ වෙනස් නො වී එක ලෙස ම පවත්නා යම් කිසි හරයක්, ‘ආත්මය’ කියා එකක් ඇතැයි”යි ද “එය දිගින් දිගට අලුත් අලුත් ශරීරවලට එකතු වෙවී යතැ”යි ද වරදවා සිතති. මේ දෙක ම වක් වූ ඇද වූ දැකුම් ය. වැරැදි සැලැකුම් ය. බණ දහම් ඇසීමෙන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් මේ වැරදි හැර දමත හැකි යි. සත්ත්වයා යනු එක් අන්දමකට ම තිබෙන වෙනස් නො වී සිටින කිසියම් දැයක් නො වේ යැ යි ද, නිතර වෙනස් වෙවී යන ස්වභාව වැලක් යැයි ද දැනීම නිවැරැදි යි. එය හරි දැක්මෙකි. තව ද හේතුවක් කාරණයක් නැති ව, ලොව යම් යම් දෑ ඉබේ ම ඇති වේ යැ යි සමහරු සලකති. තව කෙනෙක් සියල්ල දන්නා දක්නා සියලු බලැති කෙනකු ගේ කැමැත්ත අනුව ලොවෙත් සත්ත්වයන්ගේත් පැවැත්ම වේ යැයි සලකති. තවත් අයෙක් මේ අත්බැව්හි සිදුවන සියල්ල පෙර අත්බැව්හි කළ කර්ම නිසාම වේ යැ යි සලකති. මේ හැම දැකුම් සැලැකුම් වැරැදි ය, ඇද ය. හේතුවක් නැති ව කිසිවක් ඇති නො වේ. යමක් වීමට හේතුවක් තිබිය යුතු ය. සත්ත්වයා ගේ මෙහි සිදුවීම්වලින් ඇතැම් දෑ මෙ අත්බව්හි ම වු ඇතැම් කරුණින් වේ. ඇතැම් දෑ පෙර අත්බව්හි කළ කර්ම නිසා වේ. ඇතැම් දෑ මෙ අත් බව්හි කරන දෑ නිසාම සිදුවේ. ඇතැම් දෑ මෙ අත්බව්හි කරන දෑත් පෙර අත් බව්හි කළ කර්මත් යන දෙකෙන් ම සම්බන්ධයෙන් වේ. මේ හරි දැක්මයි, ඇද නැති දැක්ම යි. සෘජු දෘෂ්ටිය යි. සම්‍යක්දෘෂ්ටිය යනු ද මෙය යි. දස වන පින හැටියට දැක්වුණේ මේ සම්‍යක්දෘෂ්ටිය ඇති කැර ගැන්ම යි. .


යශෝධරා මහරහත් තෙරණිය
යශෝධරා මහරහත් තෙරණිය. ( අභිඤ්ඤාලාභි භික්ෂුණීන් අතර අගතැන්පත් ) බුදුබව පතා එක්තරා වීර පුරුෂයෙක් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පිරුවේ ය. ඒ හා සමගාමීව එක්තරා වීර කාන්තාවක් ද බුදු බව පතන ඒ වීර පුරුෂයාගේ භාර්යාව වෙම්වා’යි ප්‍රාර්ථනා කළා ය. ඒ වීර පුරුෂයා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වන අතර, ඒ වීර කාන්තාව යශෝධරා දේවිය යි. බුද්ධත්වය ලබන ආත්මය දක්වා අති දීර්ඝ කාලයක් හිතාදර බැඳීමකින් එකට වෙළී සාර්ථක යුග දිවියක් ගත කළ මෙබඳු ස්වාමි භාර්යා දෙපළක් සිටියා ද යන්න සිතීම පවා අතිශයින් ම දුර්ලභ ය. යශෝධරාව යනු දඹදිව සිටි ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් අතර ශ්‍රේෂ්ඨ කාන්තාවකි. මෙම උදාර චරිතය කියවන විවාහක කාන්තාව තම ස්වාමියාට වඩ වඩාත් ගරු කරනු ඇත. විවාහක පුරුෂයෙකු නම් තම බිරිඳට තව තවත් ආදරය කරනු ඇත. වාසනාවන්ත යුග දිවියක් ගත කරන සැමියාත්, භාර්යාවත් සිතන්නේ කුමක් ද? අප දෙදෙනාගේ බැඳීම එකතුවීම ආත්ම ගණනක සිට පැවත එන්නක් බවයි. යශෝධරාව දීපංකර බුදුරදුන්ගේ සිට බුදුවරුන් විසි හතර නමකගෙන් සිද්ධාර්ථ බෝ සතුන්ගේ බිරිඳ වන බවට විවරණ ලබා ඇත. වෙස්සන්තර ආත්ම භාවයෙන් චුතව තුසිත දෙව්ලොව උපන් මේ දෙපළ බුදුවන ආත්මභාවයෙහි දී සිද්ධාර්ථ කුමාරයා මහාමාය දේවියගේ කුසයෙහිත්, යශෝධරාව ශුද්ධෝදන රජුගේ නැගණිය වු අමිතා දේවියගේ කුසයෙහිත් පිළිසිඳ ගත්හ. මේ දෙපළම එකම දවසේ එකම වේලාවට එනම් වෙසක් පොහොය දින මෙලොව එළිය දුටහ. සියලුම කාන්තාවන්ට වඩා පංච කල්‍යාණයෙන් අනූන රූප ශෝභාවෙන් යුක්ත හෙයින් බිම්බා යන නමින් ද, නිමිත්ත පාඨකයන් විසින් අනාගතයෙහි මහත් කීර්තියක් හා යසසක් ලබන බව ප්‍රකාශ කළ හෙයින් ‘යශෝධරා ‘ යන නමින්ද රත්‍රං හා සමානව දිලිසෙන ශරීරයක් ඇත්තී අරුත දෙන ‘භද්දකච්චානා’ යන නමින් ද යශෝධරා දේවිය ප්‍රකට වූවා ය. විවාහ ජීවිතයට පත් යශෝධරා දේවිය ඉහළ මට්ටමේ සැප විඳිමින් අවුරුදු දහතුනක් සිද්ධාර්ථ කුමාරයා සමඟ සුඛෝපභෝගී යුග ජීවිතයක් ගත කළා ය. යශෝධරාවට පුතකු ලැබුණු දින ම සියලු සම්පත් හැර දමා අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කර සිද්ධාර්ථ බෝසතාණෝ බුදු බවට පත් වූහ. බුදුරදහු කාන්තාවක් බලන්නට වැඩම කළ එකම අවස්ථාව යශෝධරාව හමුවීමට වැඩම වීමයි. මෙය බෝසත් කාලයේ සිට බුදුබව ලබා ගැනීමට තමාට සහාය දුන් ඒ උත්තම කාන්තාව හමුවීම සඳහා පැමිණි සුවිශේෂී ගමනකි. මෙම සබඳතාව සාමාන්‍ය අඹු සැමි දෙපළක් අතර වන පේ‍්‍රමයක් නොව බුදුවන උත්තමයකු හා ඇතිකරගත් අඛණ්ඩ අචල උතුම් අමරණීය පේ‍්‍රමයකි. කිඹුල්වත්පුරයට වැඩම කළ බුදුරදහු රජමාලිගයෙහි දී දන් වළඳා බණ දේශනා කළහ. යශෝධරාව මෙතැන නො සිටි හෙයින් සුද්ධෝදන රජතුමා මෙතුමියගේ කාමරයට ගොස් “දුව, යශෝධරා, ඔබත් බුදුරදුන් වැඳගන්න යැයි කී විට “මාමණ්ඩි ඔබගේ පුතාගේ හිත බොහොම තදයි. පුතා උපන් දිනම මටත් නො කියා යන්න ගියා. නමුත් කිසිදිනෙක මා ඔහුට දොස් කීවේ නැහැ. මගේ ජීවිතය ම එතුමා වෙනුවෙන් පුජා කරලයි තිබෙන්නෙ. එතුමාට මා දකින්න ඕනෑ නම් එතුමා ඒවි. එහෙම ආවොත් එතුමාට වඳින්නම්. සුද්ධෝදන රජු බුදුරදුන් ළඟට ගොස් යශෝධරා කී දෙය දැන්වී ය. රජතුමනි යශෝධරාව බලන්න අපි යමු. සැරියුත් මුගලන් දෙනම ද බුදුරදුන් සමඟ වැඩියහ. යශෝධරාවට ඕනෑ තරම් අඬන්න ඉඩ දෙන්න එය නැවැත්වුවහොත් ළය පැලී මරණට පත්වන්න පුළුවන්. එය වළක්වන්න එපා.’ බුදුරදුන් දුටු යශෝධරා, දේවිය කල්ප ගණනක් නො බිඳී පැවැත ආ ආදරය, ආලය, පේ‍්‍රමය වවාගත නො හැකිව අසිහියෙන් බුදුරදුන්ගේ ශී‍්‍ර පාද මත වැඳ වැටී සිරිපා මත හිස තබාගෙන හඬා වැටුණා ය. සිහි ආ විට ලජ්ජාවට පත් වී කුමක් වී දැයි සිතමින් පැත්තකට වූවා ය. මෙහි දී සුද්ධෝදන රජු “ස්වාමීනි බුදුරජාණන් වහන්ස,මේ යශෝධරාවට ඔබ වහන්සේ කෙරෙහි ඇත්තේ පුදුම ආදරයකි. ඔබ වහන්සේ කෙස් කපා දැමු බව දැනගත්විට ඇය ද විලුඹ තෙක් දිගැති නීල වර්ණ කේශ කලාපය කපා දැමුවා ය. කහපාට වස්ත්‍ර පොරවන බව අසා ඇය ද කසා වස්ත්‍ර ඇන්දා ය. එක් වේලක් වළඳන බව අසා දිනකට එක්වේලක් පමණක් ආහාර ගත්තා ය. මැටි පාත්‍රයේ වළඳන බව අසා මැටි භාජනයක ආහාර ගත්තා ය. සුවපහසු ආසන අත්හැරිය බව අසා එබඳු ආසන පරිහරණය අත්හැරියා ය. මල් සුවඳ නො ගල්වන බව අසා ඒවා ද අත්හැරියා ය. මෙම ලේලිය පතා නොයෙක් බල සම්පන්න රාජකුමාරවරු විවාහ යෝජනා ඉදිරිපත් කළ ද ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කර ඔබ වහන්සේ වෙනුවෙන් ම පුජා කළ ජීවිතයක් ඇය ගත කළ බව” දැන්වී ය. මාමා කෙනෙකු තම ලේලිය ගැන කරන මෙබඳු වර්ණනාවක් ලෝක ඉතිහාසය තුළ දැකගන්නට නැත. මෙය අසා සිටි බුදුරදුහු චන්නකින්නර ජාතකය, වෙස්සන්තර ජාතකය ආදි අවස්ථා ගෙන හැර දක්වමින් බුද්ධත්වයට දැක්වු පරිත්‍යාගයත්, කල්ප ගණන් පැවැති හෘදයාංගම බැඳීමත් පෙන්නුම් කරමින් යශෝධරාවගේ ගුණ කදම්බය ප්‍රකාශ කළහ. ලෝකයේ කිසිම කාන්තාවක් බුදුවරයෙකුගෙන් මෙබඳු ප්‍රශංසාවක් ලබා නැත. එදා කිඹුල්වත් පුර දී විසි දහසක් මහා සංඝරත්නය පිරිවරා බුදුරැස් විහිදුවමින් දිලිහි දිලිහී පාරේ වඩින බුදුරදුන් දැක ‘රාහලු පුතණුවනි,අර ඉදිරියෙන් ම යන්නේ ඔබගේ පියා ය. රන් කඳක් බඳු එතුමා නරසිංහයෙකි. පුත ඔබ ගොස් ,ඔබට හිමි දායාද ඉල්ලන්නැ”යි කියමින් බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ඇති සුමිහිරි සුලලිත නරසීහ ගාථා කියමින් පුතාට තම පියා හඳුන්වා දුන් ආකාරය චිත්තාකර්ෂණීය ය . නන්ද කුමාරයාත්, රාහුල පුතණුවන් හා ප්‍රජාපතී ගෝතමියත් පැවිදි වු පසු සියලු රාජ්‍ය සම්පත්වල භාරකාරයා වූයේ යශෝධරා දේවිය යි. කුමර සම්පත් තිබුණ ද, පැවිදීවීමේ අදහසින් සුද්ධෝදන රජුගෙන් අවසර ඉල්ලුවා ය. අවසරය නො ලැබිණි. රජුගේ අභාවයෙන් පසු පැවිදි වීමේ අදහසින් දහස් ගණනක පරිවාර ස්ත්‍රින් සමඟ මහා ප්‍රජාපතී ගෝතමි තෙරණිය හමුවී පැවිදි වූවා ය. බුදුරදුන්ගෙන් කර්මස්ථාන ලබාගත් යශෝධරා මෙහෙණිය ඉතා ඉක්මණින් රහත් ඵලයට ද පත් වූවා ය. බුදු සසුනෙහි කල්ප ලක්ෂයක් අතීතය දැකිය හැකි මහ රහත්හු වැඩ සිටියේ සතර නමකි. ඒ සැරියුත් මුගලන් දෙනමත්, බක්කුල මහරහතන් වහන්සේ සහ යශෝධරා රහත් මෙහෙණියත් වේ. යශෝධරා රහත් මෙහෙණියගේ දක්ෂතාවය නිසාම අභිඤ්ඤා පද ප්‍රාප්ත භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට ද පත්වූවා ය. යශෝධරා දේවියත් , සිද්ධාර්ථ කුමාරයාත් එකම දින උපන් අයුරු ම එකම දින පිරිනිවන් පෑමට ද නියමිත ය. එසේ වුවහොත් එය අන්‍යයන්ට දරාගත නො හැකිව ශෝකයට පත් වනු ඇත. මේ අනුව සිතා බලා එක් දිනකදී බුදුරදුන් බැහැ දැක අවසර ගෙන බුදුරදුන්ගේ ඉල්ලීම පරිදි විවිධ ප්‍රාතිහාර්යයන් පා හැම දෙනාගේ ම සාධුකාර නාද මධ්‍යයේ බුදුරදුන් වැඳ කමා කරවාගෙන තෙ වරක් ප්‍රදක්ෂිණා කොට, තමන් වැඩ සිටි ආරාමයට ගොස් ධ්‍යානයට සමවැදී පිරිනිවන් පෑ සේක. පිරිනිවන් පෑ ආරංචිය හැමතැනම පැතිර ගියේ ය. රජවරු, බිසෝවරු, මැති ඇමැතිවරු හා ශ්‍රාවක, ශ්‍රාවිකාවෝ ද මහජනයා ද රැස්වූහ. බුදුරදහුද එහි වැඩමවා ආදාහන කටයුතු කරවා ඉතිරිවූ ධාතූන් තැන්පත් කරවා “යශෝධරා චෛත්‍යය” නමින් චෛත්‍යයක් කරවූහ. අභියෝගයන්ට මුහුණ දීම, ධෛර්ය සම්පන්න බව පරිත්‍යාගය, ඉවසීම, දයාව, අනුකම්පාව, පතිව්‍රතාව පතිභක්තිය, ප්‍රකට කළ මේ යශෝධරා චරිතයට වඩා කාන්තාවන්ට ආදර්ශයක් පරමාදර්ශයක් වූ වෙනත් චරිතයක් මේ ලෝක ඉතිහාසය තුළ අපට දැකගන්නට නුපුළුවන. මෙම පවිත්‍ර පූජනීය චරිතයට කළ හැකි උපහාරය වන්නේ මෙම චරිතය අවබෝධ කර ගැනීමත්, එය අගය කිරීමත්, ඊට අනුගත වීමත් ඒ තුළින් තම ජීවිතය ආලෝකවත් කර ගැනීමත් ය.


ආර්ය අෂ්ඨාංගික මාර්ගය
ඔබ ස්පර්ශ ආයතන හයේ වාසය කරනවා කියන්නේ ආයතන හය උපාදාන කරගෙනයි ඉන්නේ කියන එක. දර කෑලි දෙක නිසා උපන්න ගින්න නැවත දර කෑලි දෙක දවමින් පවතින එකට ලක්ෂණයක් ඔබ ඇහැ- රූපය පැත්තට නැඹුරු වෙලා, කන - ශබ්දය පැත්තට නැඹුරු වෙලා, නාසය - ගන්ධය පැත්තට නැඹුරු වෙලා, දිව - රස පැත්තට නැඹුරු වෙලා, කය - පොට්ඨබ්බය පැත්තට නැඹුරු වෙලා මනස ධම්මායතනය පැත්තට නැඹුරු වෙලා තියෙන තාක් දකින්න දර කෑලි දෙක නිසා උපන් ගින්න නැවත දර කෑලි දෙකම දවමින් පවතින එකට. ඔබේ ඇහැ එක දර කෑල්ලක් කනබොන ආහාරයෙන් හැදුන කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු වලින් පිරුන කුණුප කොටස් ටිකක් ඇසුරු කරගෙන පවතින වර්ණ සටහන එක දර කෑල්ලක්. මේ දෙන්න නිසා වටිනාකමෙන් යුක්ත දරුවා කියන නිමිත්ත ගිනි දැල්ල වගේ. දරුවා කියන හැඟීම වටිනාකමෙනුත් වටිනාකම දරුවා කියන හැඟීමෙන් වෙන්කරන්න බැහැ. ඒ මොකද වටිනාකම දරුවා කියන චේතනාව මුල් කරගෙනයි ඔබ සකස් කරලා තියෙන්නේ. මගේ දරුවා, දරුවාගේ නම මේකයි, දරුවා පොඩි කාලේ හිනා වුනේ මෙහෙමයි, මම වඩාගෙන ගියා, දරුවා මට මෙහෙම මෙහම දේවල් කරලා තියෙනවා, එයා මාව ඉඹිනවා, මේ විදිහට කැව්වා, මේ විදිහට විහිළු කළා, මේ වමේ විදිහට හුරතල් වචන වලින් දරුවා කතා කරනවා කියල ගොඩක් විස්තර ඔබ ඔය දරුවා කියන නිමිත්තට හිතේ හිතේ බැඳලා තියෙන්නේ. අර රූපේ දකිනකොට එක ක්ෂණයෙන් මේ මොළයේ සෛල සක්‍රීයයි. ඒ චිත්තජ සටහන් වේගයෙන් ඔබට දෙනවා. එක ක්ෂණයෙන්, එක දශම මාත්‍රයයි ඕනේ ඔක්කොම විස්තර සහිත ෆයිල්ස් (Files) ටික උස්සල දෙන්න. එතකොට තමන්ගේ හිතේ මහා සෙනහසේ ගතියක් නිර්මාණය වෙනවා. රූපේ දකිනකොට මගේ මනස තුල මේ වගේ ගති ටිකක් නිර්මාණය වුනා, සිතුවිලි ටිකක් පහල වුනා කියල දන්නේ නැහැ. ඒ හිතේ ගතිය වේගයෙන්ම ඔබ රූපයට බඳිනවා. ඔබ හිතන් ඉන්නේ රූපෙයි ඒ ගති ටික ඔක්කොම කියල. දර කෑලි දෙක නිසා හටගත්ත ගින්න නැවත දර කෑලි දෙකම බදාගත්තා වගේ ඇහැත් රූපයත් නිසා උපන්න දරුවා කියන වටිනාකමෙන් යුක්ත නිමිත්ත කනබොන ආහාරයෙන් හැදුන සතරමහාධාතු රූපය අල්ලාගෙන බදාගත්තහම දැන් ඔබට හම්, මස්, ,ලේ , නහර පෙනෙන්නේ නැහැ. කබ, කදුළු, මළ, මුත්‍ර, සෙම, සොටු, කුණු කෙල ඕවා පෙන්නේ නැහැ, දරුවා කියල පෙනෙන්නේ. ඔබේ උපාදානය පතිත වෙච්ච ස්කන්ධ ටික දුකක්, ඒ ස්කන්ධයෝ දුකක්. උපාදනක්ඛන්ධා දුක්ඛා. දරුවා වූ රූපයක් යම්තාක් ඇද්ද, දරුවා බලන ඇහැක් යම්තාක් ඔබට ඇද්ද ඒ තාක් දරු ගින්න ඔබේ සන්තානේ නිවෙන්නේ නැහැ. ඔබේ සන්තානයේ දරු ගින්න යම්තාක් ඇද්ද ඊට සාක්ෂියක් ඔබට දරුවෙක්ගේ රූපයක් ඒ දරුවා බලන ඇහැකුත් තියෙන බවට. දරුවා වූ රූපෙකුත් දරුවා බලන ඇහැකුත් ඔබට යම්තාක් ඇද්ද ඒ තාක් ඔබ ගාව දරු තණ්හාව දරු ගින්න තියෙයි, දරු තණ්හාව දර ගින්න යම්තාක් ඔබේ සන්තානයේ තිබේද සාක්ෂි දරුවා බලන ඇහැකුත් දරුවා වූ රූපෙකුත් ඇති බවට. දර කෑලි දෙක සාක්ෂි ගින්නට, ගින්න සාක්ෂියි දර කෑලි දෙක ඇති බවට. මේ දර කෑලි දෙක දිගයි නම් කල්ප ගණනක්, මේ ගින්න නිවෙන් නැහැ කල්ප ගණනක්. මේ මනසේ උපදින දරු තණ්හාව හැමදාම සසරේ ගින්න ඇතිවෙන්න හේතු වෙච්ච දර කෑලි දෙක බදගාත්තා වගේ ඇහැත් රූපයත් නිසා හටගත්ත දරු තණ්හාව ඇහැ රූපේ බදාගෙනම පැවතුනා නම් ඒ ඇහැ දිගයි නම් කල්ප ගණනක්, ඒ රූපේ ඔබට පවතී නම් කල්ප ගණනක් ඔබේ දරු ගින්න නිවෙන්නේ නැහැ. ඔබේ දරු ගින්න නිවෙන්නේ කවදා හරි යම් කලෙක සළායතන නිරෝධ වුනොත්. ඔබට දරුවා බලන ඇහැක් නැතිවුනොත්, දරුවාගේ රූපයක් ඔබට නැතිවුනොත් ඔබේ දරු ගින්න නිවෙනවා. ඊට මෙහා කවදාවත් නිවෙන්නේ නැහැ. ඔබට දුක ඇතිවෙච්ච හැටි හොඳට තේරුම් ගන්න. ඔබේ දුක නිවෙන හැටි හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන ඔබ ප්‍රතිපදාව පුරන්න. මේ කාරණාව හරියට තේරුම් ගන්න කියන එක මම කියන්නේ. මේ අවබෝධය නැතුව, මේ ටික අහගන්නේ නැතුව කවදාවත් හීනෙකින්වත් නිවනට යන්නේ නැහැ. ඔබ නාම පැත්තේ භාවනා කලත්, රූප පැත්තේ භාවනා කලත් නාම රූප දෙක පිලිබදව භාවනා කලත් නිවන් දකින්නේ නැහැ. ආස්‍රවක්‍ෂය වෙන්නේ නැහැ. ආස්‍රවක්‍ෂය වෙන්නේ නාම රූප දෙකෙන් එකකින්වත් කරන භාවනාවට නෙමෙයි සම්මා දිට්ඨියට. මේ ලෝකෙට කොච්චර කතා කෙරුවත් බීරි අලියට වීනා ගහනවා වගේ තමයි ටිකකින් කියන්නේ ඔබ වහන්සේ කියන දේම අහවල් තැනත් කියනවා කියල. මට එහෙම මසුරුකමක් නැහැ. නමුත් මම කතා කරන්නේ ලොකු අර්ථයකට හිත තබලා. ඒ බණ අහන කෙනා වචන වලට විතරක් හිත තියලා බැලුවහම හැම තැනකම කියන්න වෙන්නේ සම්මා දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත කියන වචන ටිකනේ. සමානයි කියනවා. යම් ධර්මයක් සමානද අසමානද කියල බලන්නේ වචන වලින් නෙමෙයි අර්ථයෙන්. වචනය අතහැරලා අර්ථයට හිත තැබුවොත් විතරයි ඒක වෙන්නේ. ඒකද මගේ දෙයක් නෙමෙයි. මම මේ කියන්නේ ඕගොල්ලොන්ට වෙලා තියෙන දේ. ඕගොල්ලෝ දකින්න උපාදනක්ඛන්ධා දුක්ඛා - මගේ උපාදානය පතිත වෙච්ච ස්කන්ධ දුකක්. ඔබේ පන්දාහ කියන උපාදානය අර කඩදාසියට පතිත වුනොත් ඒ කඩදාසිය ඉරිච්ච එකටත් ඔබට දුක එනවා. දුකට හේතුව ඔබේ මනසේ තියෙන වටිනාකම ඒ රූපෙට බැඳපු නිසයි. ඔබට දරුවා මළ දුක ආවා නම් ඔබ දකින්න පංච උපදනක්ඛන්ධා දුක්ඛා. දරුවා කියන උපාදානය ස්කන්ධය මතට පතිත වෙච්ච එකටයි මේ දුක. හොඳ අර්ථයක් ඒකෙ තියෙනවා. උපදනක්ඛන්ධා දුක්ඛා. අශ්‍රැතවත් පෘථග්ජනයා දකින්නේ දරුවා මළ දුක. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ උපදනක්ඛන්ධා දුක්ඛා. එයා උපාදානය කියන වචනය භාවිත කලේ දරුවා කියන හැඟීමට, තණ්හාව යෙදුන දරුවා කියන නිමිත්තටයි අත්ථවාද උපාදානය. 'රූපං අත්තතො සමනුපස්සති' රූපය ආත්මය වශයෙන් දකිනකමට, 'රූපවන්තං වා අත්තානං' - රූපවත් වූ ආත්මයක් දකිනකමට, 'අත්තනි වා රූපං' - ආත්මයට හිත වූ රූපයක් දකින එකට, 'රූපස්මිං වා අත්තානං' - රූපය ඇතුලත ආත්මයක් දකිනවා කියල තේරෙන ගතියට උපාදානය කියල කිව්වේ. ඒ රූපය කෙනෙක් කියල දකිනකම අලුත්වැඩියා කළා දරුවා කියල. ඒ දරුවා මෙහෙමයි මෙහෙමයි කියල ඒ ආයුහනය ලක්ෂණය. මේ උපාදාන කියන ගතිය ඕගොල්ලෝ පුරවලා. මාළු මිරිස් කරලක් පලලා උම්බලකඩ, සම්බෝල, අල දාලා හොඳට පුරවල බැදලා හදන්නේ. ඒ වගේ උපාදාන කියන ගතිය හොඳට තෙම්පරාදු කරලා පුරවලා හදල තියෙන්නේ මේ හිතේ දරුවා කියල. 'රූපං අත්තතො සමනුපස්සති' රූපය ආත්ම වශයෙන් දකින ගතියයි ඔබ තෙලේ බැදලා සකස් කරලා රසකාරක පුරවල හදල තියෙන්නේ දරුවා කියල. ඒ දරුවා කියල හදපු නිමිත්තයි ඒ තෙලේ බහලා තියෙන්නේ, මේ ස්කන්ධ ටිකේ බහලා තියෙන්නේ. හොඳට රසට සුවදට හිටින විදිහට දරුවා දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් විදිහට දරුවෙක් හදාගෙන සතුටුවෙන විදිහට හදාගෙන තියෙන්නේ. උපාදනක්ඛන්ධා දුක්ඛා. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා උපාදානය කියන එකේ අර්ථය හොඳට ඉගෙනගෙන තියෙනවා. උපාදානය කියන්නේ මොකක්ද? පංච උපාදන්ස්කන්ධය කෙරෙහි යම් ඡන්ද රාගයක් වේද එහි උපාදනයයි. ස්කන්ධ කෙරහි නැමී පවතින ගතියටමයි උපාදානය කියන්නේ. උපගමන ස්වභාවයටයි උපාදානය කියන්නේ. අනිවාර්යයි මේ ටික, මේ ටික තමයි හදවත. හවස් වරුවේ කියල දෙන සතිපට්ඨානය නෙමෙයි. මේ ටික නොදැන ඒ ටික මැරෙන තුරා කල්පය පුරාවටම කෙරුවත් ආස්‍රවක්‍ෂය වෙන්නේ නැහැ. නාම ධර්ම භාවනා කෙරුවත්, රූප ධර්ම භාවනා කෙරුවත් නාමරූප දෙකම භාවනා කලත් ආස්‍රවක්‍ෂය වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනිපටිපදාව කියන්නේ මේ සම්මා දිට්ඨියෙන් යුක්ත සංකප්ප, වාචා, කම්මන්ත, අජීව, වායාම, සති , සමාධි කියන අංග අටකින් යුක්ත මාර්ගය. සතිපට්ඨානය කියන්න මග්ග අංග. මග්ග අංග පරියාපන්න- මාර්ග අංග අනුව ගිය ධර්මයක් මිසක මාර්ගය නෙමෙයි. තව උපාමාවක් මම කිව්වොත් ඔබ චිත්‍රපටි බලලා ඇති, ටීවී බලලා ඇති, සිනමා ශාලා වලට ගිහිල්ලා දර්ශන තිරයේ පතිතවෙන රූප දැකලා ඇති. ලෝකේ කියලා කියන්නේ තිරය ඇතුලේ රූපත් ඇත්ත කරගෙන ඒ රූප දිහා බලාගෙන සත්ව පුද්ගලභාවයෙන් දුක් විඳින මානසික මට්ටමටයි ලෝකේ කියල කියන්නේ. ටීවී එකේ තියෙන චිත්‍රපටයේ කතාවත් ඇත්ත වෙලා මිනිස්සු මැරිච්ච දුකට අඬන, මිනිස්සු ලෙඩ වෙච්ච දුකට අඬන, මිනිස්සු මහළු වෙච්ච දුකට අඬන මනසටයි ලෝකේ කියල කිව්වේ. හොඳට බලන්න. සුදු රෙද්දක් එළපු දර්ශන තිරේ මත පතිතවෙන ඡායාවද ඇත්ත කරගෙන මිනිස්සු ලෙඩ වෙච්ච, මහළු වෙච්ච, මැරිච්ච දුක් විඳින මට්ටමටයි ලෝකේ කියල කිව්වේ. ඒ දුකටයි දුක්ඛෙ අඤාණං කිව්වේ, ඒ දුක ඇතිවෙන හේතුව නොදන්නකමටයි දුක්ඛ සමුදයෙ අඤාණං කිව්වේ. ඒ දුකේ නැති බව නොදකිනකමටයි දුක්ඛ නිරොධෙ අඤාණං කිව්වේ, දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාය අඤාණං - ඒ දුක් නැති කරන ප්‍රතිපදාවක් එයාට නැහැ. දුක නැති කරන්න ක්‍රමයක් නැහැ. ඔය රූප ටික කොහොම හරි පවත්වන්න ඕනේ කියන තැනකින් විතරයි තියෙන්නේ. ඒ වගේ ලෝකෙකට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සම්මා දිට්ඨි දේශනා කලේ මොකක්ද? ඇස් ඉදිරිපිටට එන රූපෙට හොඳට ඉස්සෙල්ලා හිත තබන්න කිව්වා. පිදුරු කෙමිකල් ටිකකින් හැදුන කඩදාසිය පෙන්නුවා වගේ, කනබොන ආහාරයෙන් හැදෙන කුණුප කොටස් ටිකකින් යුක්ත සතරමහාධාතුව පෙන්නුවා වගේ ස්ක්‍රීන් එක වීදුරු. වීදුරුවෙන් එහා පැත්තේ වයර් කෑලි, කන්ඩෙන්සර්, ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර් කියා තියෙයි, ක්ෂුද්‍ර තරංග ටිකක් එයි, ආලෝක ධාරාවකුයි ඩොට් ටිකකුයි මත පතිත වෙච්ච රූපයක් තියෙයි. සිනමා ශාලා තිරයේ නම් කපු හරි මොනවා හරි රෙදි කෑල්ලක් තියෙන්නේ. රෙදි කෑල්ල මත පතිත වෙච්ච ඡායාවක් තියෙන්නේ. තිරයේ කවුරුවත් නැහැ. ස්කන්ධ. එතන දරුවෙක්, පුද්ගලයෙක් ඉන්නවා තණ්හාව ඇතිවෙනවා නෙමෙයි. හොඳට බලන්න රූපයක්, ඒ රූපේ දකිනකොට තමන් තුල 'රූපං අත්තතො සමනුපස්සති' රූපය ආත්ම වශයෙන් දකින කෙල්සය ඇතිවෙනකොට ඒක පුරවල තියෙන්නේ දරුවා කියන අදහසින් නම් ඒ රූපේ දකිනකොට දරුවා, පුද්ගලයා, සත්වයෙක් කියන හැඟීම එයි. තමන් තුල ඇතිවෙච්ච සත්ව පුද්ගල හැඟීමෙන් යුක්ත උපාදානය නැවත අර රූපය මත පතිත කලොත් උපාදනක්ඛන්ධා දුක්ඛා. තමන්ගේ උපාදානය පතිත වෙච්ච ස්කන්ධයෝ දුකක්. උපාදානය යම් රූපයක පතිත වුනොත් උපාදනක්ඛන්ධා දුක්ඛා, උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධයෝ දුකක් කියන එකට සාක්ෂි ටීවී එකේ තියෙන රූපෙත් ඔබට දුක දෙනවා. දර්ශන තිරයේ තියෙන රූපෙත් ඔබට දුක දෙනවා. එතකොට එතන මිනිහෙක් ලෙඩ වෙලා මහළු වෙලා, මැරිච්ච හින්දා නෙමෙයි, ඔබ දකිනවා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ උපාදනක්ඛන්ධා දුක්ඛා. උපාදානය පතිත වෙච්ච ස්කන්ධයෝ දුකක්. ඔබේ ඇහැ එක දර කෑල්ලක් වගේ, ටීවී එකක දර්ශන තිරයේ තියෙන රූපේ තව දර කෑල්ලක් වගේ. ඒ දෙන්නා නිසා සත්වයෙක්, පුද්ගලයෙක්, කෙනෙක් කියන හැඟීමක්, පුද්ගයෙක් පෙනෙන උපාදාන ගතියක් වෙයි නම් ඒක ගිනි දැල්ල වගේ. ඒක ඔබේ මනසේ හටගන්නේ. දර කෑලි දෙක නිසා හටගත්ත ගින්න දර කෑලි දෙකම බදාගත්තා වගේ ඇහැත් රූපයත් නිසා ඔබ තුල ඇතිවුන පුද්ගල හැඟීම ඒ ඇහැ රූප දෙකම බදාගත්තොත් ඔබට ටීවී එකේ පුද්ගලයෙක් ඉන්නවා වගේ පෙනේවි, ඒ පුද්ගලයා දකින ඇහැක් ඔබට තියේවි. ඔබට ටීවී එක ඇතුලේ පුද්ගලයෙක් ඇතිතාක්, පුද්ගලයා බලන ඇහැක් ඔබට ඇතිතාක් පුද්ගලයෙක් නිසා එන දුක ඔබට නිවෙන්නේ නැහැ. පුද්ගලයෙක් නිසා දුක්වෙන්න පුළුවන්කම ඔබේ මනස තුල ඇත්නම් ඒ තාක් පුද්ගලයෙක්ගේ රූපයක් , පුද්ගලයෙක් බලන ඇහැත් ඔබට තියේවි. පුද්ගලයෙක් බලන ඇහැකුත් පුද්ගලයෙක්ගේ රූපයකුත් තිබ්බොත් ඒ තාක් පුද්ගලයෙක් නිසා උපදින දුක ඔබ ළඟ ඇති. ගින්න ඇද්ද ඒ තාක් දර ඇති. දර ඒ තාක් ඇද්ද යම්තාක් ගින්න ඇති. ඒ පුද්ගලයා දකින ඇහැ දිගයි නම් ඔබට කල්ප ගණනක් , ඒ පුද්ගලයාගේ රූපය දිගයි නම් කල්ප ගණනක් පුද්ගලයෙක් නිසා එන දුක ගෙවෙන්නේ නැහැ. අනන්ත සංසාරේත් ඔබට ඇහැ උරුම වෙච්ච නිසයි මේ දුක තියෙන්නේ, ඔබට රූප උරුම වෙච්ච නිසයි මේ දුක තියෙන්නේ. ඒ දුකෙන් මිදෙන පිරිසිදු නිර්මල මාවත මගේ බුදු හාමුදුරුවෝ මෙච්චර පැහැදිලි කරලා දෙද්දී ඒක උඩ පය ගහගෙන, ඒක දෙපයින් පාගගෙන විමුක්තියක් හොයන එක ගැන මට දුකයි. කනගාටුයි. ඒකයි මම මේ ලෝකෙට කියන්නේ. ඕගොල්ලෝ කවුරු මොනවා කිව්වත් මොන විදිහට දැක්කත් මට කමක් නැහැ. නමුත් මේ ක්‍රමයෙන් තොරව කවුරුවත් මිදෙන්නේ නැහැ. සහේතුකව ඔබ, ඔබලා කෙරෙහි දකින්න, ඔබට ඇයි දරු ගින්න නිවෙන් නැත්තේ, ඔබ බෞද්ධ, ඔබ බණ අහනවා, ඔබ මෙච්චර කල් භාවනා කරනවා, ඔබේ දරුවා මැරුනොත් අඬන්න වෙන හේතුව හෙල්ලිලවත් තියෙයිද කියල බලන්න ඔබ ඔබෙන්ම අහලා. ඔබට එයින් මිදෙන අවබෝධයක් ඔබට ලැබිලා තියෙයිද කියල බලන්න. ඉතින් ඵලක් තියෙයිද, වැඩක් තියෙයිද ඔබ මරණෙන් පස්සේ විමුක්තියක් නම් බලාපොරොත්තු වෙන්නේ මේ ශාසනේට කියන්න එපා සන්දිට්ඨිකයි, අකාලිකයි, එහි පස්සිකයි කියල. මේ ශාසනෙන් බැහැර මරණෙන් පස්සේ විමුක්තියක් ගැන පෙන්වන මනසත් , ජීවත්වෙනකන්ම දුක් විඳලා විදලා මරණෙන් පස්සේ දුකෙන් මිදීමක් පෙන්වන නිවන අතර වෙනසක් නැහැ. ඔබ බලන්න, ඔබට ගෙවල් දොරවල්, රන් , රිදී මුතු මැණික් තියෙනවා ඔබ බණ අහනවා, භාවනා කරනවා වටිනාකමේ දශමයක්වත් හෙල්ලිලා තියෙනවද කියල, වටිනාකම දවසින් දවස ගෙවිලද අඩුවෙලාද කියල. හිටපු ඔබ ඔබම නෙමෙයිද කියල බලන්න. ඔබට ඒ වගේ වටිනාකම අඩුවුනකම ලෝකෙට පෙන්න කතා කල හැකියි නමුත් ඔබ ඔබේ හදවතින් මනින්න ඔබේ මනසේ මේ දේවල් වල වටිනාකම අඩුවෙලාද , ගෙවිලද කියල? මම හිතන්නේ නැහැ, එහෙම නොහිතන්න එකක්. එකට ධර්මය සාක්ෂි දරනවා. ධර්මය කැඩපතක්.බැලිය හැකියි. ඔබ දුක්ඛ නිරෝධ ගාමිනීපටිපදාව නොදැන භාවනාවක් කලාට ඒක මේ ශාසනේට අයිති භාවනාවක් වෙන්නේ නැහැ. ඒක ආර්ය අෂ්ඨාංගික මාර්ගය වෙන්නේ නැහැ. ඔබ නාම ධර්ම දන්නවා ඇති විදර්ශනා කරනවා ඇති ඔබ රූපය දන්නවා ඇති විදර්ශනා කරනවා ඇති ඔබ උදය වැය බලනවා ඇති. ඒත් මොකටද කියල ඔබ දන්නේ නැහැ. ඔබ බෞද්ධ ප්‍රතිපදාවට අයිති කෙනෙක් නෙමෙයි. නාමිකව බෞද්ධ වෙන්න පුළුවන් ඔබ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දන්නේ නැත්තම් ඔබේ උපාදානය පතිත වෙච්ච ස්කන්ධයෝ දුකක් කියන එක ඔබට පෙනිලා නැත්තම් ඒකට හේතුව ඔබේ උපාදානය කියපු එක කියල දැකලා නැත්තම් මගේ උපාදානය ස්කන්ධ මත පතිත නොකලොත් විතරයි දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ කියන එක පැහැදිලි නොවුන නම් ඒ සදහා ස්කන්ධයන්ගෙන් උපාදානයත්, උපාදානයෙන් ස්කන්ධයන් වෙන් කරන ප්‍රයෝගයක් මම කලයුතුයි කියන අවබෝධය ඔබට ඇවිල්ල නැත්තම් ඔබ චතුරාර්ය සත්‍යය දන්නේ නැහැ. ඔබ ස්කන්ධයන්ගෙන් උපාදානයත් උපාදානයෙන් ස්කන්ධයත් වෙන් කරන ප්‍රයෝගය දන්නා දක්නාකම තිබුනොත් එකල්හි ඔබට ත්‍රිශික්ෂාව උපදී. සීලයක පිහිටලා සමාධි වඩමින් මේ ප්‍රයෝගයේ යෙදෙන්න. ඒ ත්‍රිශික්ෂාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුරනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාව නැහැ. හැබැයි ත්‍රිශික්ෂාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තියෙන කෙනාට. මතුසම්බන්ධයි අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2017. 01. 12 දුරුතු පොහෝ දින පුරා පැවැත් වූ දෙවන දේශනාව ඇසුරෙන්. සම්පූර්ණ දේශනාව ශ්‍රවණය කිරීමට. http://www.mediafire.com/file/8x5z11jejfy7w15/2017-01-12_Part2_-_Duruthu_Poya_Labunoruwa.mp3 පළමු දේශනාව http://www.mediafire.com/file/wa13c32s4tld23t/2017-01-12_Part1_-_Duruthu_Poya_Labunoruwa.mp3 තෙවන දේශනාව http://www.mediafire.com/file/e1ybwm1t47lesnx/2017-01-12_Part3_-_Duruthu_Poya_Labunoruwa.mp3 හතරවන දේශනාව http://www.mediafire.com/file/rp6crjjj9qftgfj/2017-01-12_Part4_-_Duruthu_Poya_Labunoruwa.mp3


සඝ සතු කර දන් දීම කියන්නේ මොකක්ද?
🌺🌺ප්‍රශ්නය: සඝ සතු කර දන් දීම කියන්නේ මොකක්ද? 🌸🌸පිළිතුර: කුඩා හෝ මහත් වූ දෙයක් අතීතයේ, වර්තමානයේ හා අනාගතයේ යන තුන් කාලයටම අයත් ස්වාමීන් වහන්සේලාගේ සීල, සමාධි හා ප්‍රඥා ගුණ සිහිකරමින් ඒ ගුණයන්ට පොදුවේ පූජා කිරීමයි. 🌺🌺ප්‍රශ්නය: දානයක් දෙද්දී ඒ විදිහට හිතින් හිතන එකටද සඝ සතු කර දන් දෙනවා කියන්නේ ? 🌸🌸පිළිතුර: ඔව්. ඒක වචනයෙන් කියන්නේ "ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම" කියලා. එතනින්ම එය සගසතු වෙනවා. සංඝික දානය =========== අටමහා කුසලයන්ගේ සතරවන කුසලය වන්නේ සඟ සතු දානමය පුණ්ය කර්මය වේ. තමා අයිති දෙයක් වෙනත් අයෙකුට සතුටු සිතින් දීම පරිත්යාග කිරීම තම අයිතිය අත්හැර පූජා කිරීම දානය වශයෙන් සඳහන් කළහැකිය. බුදු දහමේ දස දාන වස්තුවක් ගැන සඳහන් වේ. ආහාර පාන , ගෙවල්, වස්ත්ර, යාන වාහන, මාලා ආදී ඒ අතර වේ. නමුත් කෙනෙකුට කාලීනව අවශ්ය වන්නේ ප්රයෝජනවත් වන්නේ යම් දෙයක්ද ඒදේ දීම දානයට වස්තු වශයෙන් දැක්විය හැකිය. තමා පරිත්යාග කරන්නේ යම් දෙයක් ද ඒදේ සතුටු සිතින් ශ්රද්ධා දි ගුණ ධර්ම පෙරදැරිව කර්ම ඵල විශ්වාසයෙන් යුක්තව දීම හෙවත් පරිත්යාගය දානය වශයෙන් සඳහන් කෙරේ. බුදු දහමේ බෞද්ධ ජනතාවට අනුගමනය කළයුතු පිංකම් රාශියක් දක්වා ඇත. ඒවා අතර ත්රිවිධ පුණ්ය ක්රියා දස පුණ්ය ක්රියා, දස පාරමිතා, දස රාජ ධර්ම, සතර සංග්රහ වස්තු ආදී ඒවා යින් කීපයකි. මේ සෑම පිංකමකම පළමු අංකයට සඳහන් වන පුණ්ය ක්රියාව වන්නේ දානය බව පෙනේ. එයට විශේෂ ස්ථානයක් හිමිකර දී ඇත්තේ පරිත්යාගය තුළින් ආශාව, ලෝභය නැතිකරගැනීමට තෘෂ්ණාව නැතිකර ගැනීමට දීම හෙවත් පරිත්යාගය උපකාරී වන බැව් සිතා වියයුතුයි. ඒ අතරත් ආහාර දීමට පරිත්යාග කිරීමට බොහෝදෙනා උනන්දුවෙති. එයට හේතුව පුද්ගලයෙකුට ජීවත් වීමට අවශ්ය ප්රධානම දේ ආහාර වීමයි. ඒ බව සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා යන පාඨයෙන් දැක්වෙන්නේ සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන බැවිනි. මෙම දීමනාව නොයෙක් ආකාරයෙන් සිදුකෙරේ. විශේෂයෙන් පෞද්ගලිකව දීම හා සාංඝිකව දීම යනුවෙන් ප්රධාන කොටස් දෙකකි. පෞද්ගලික දාන 14 ක් දැක්වෙන අතර සඟ සතු දාන 07ක් දක්ඛිණා විභංග සූත්රයේ සඳහන් වේ. 🌺පෞද්ගලික දාන 14 මෙසේය. 1.බුදුරජාණන් වහන්සේට දෙන දානය 2.පසේ බුදුවරයන්ට දෙන දානය 3.රහතන් වහන්සේලාට දෙන දානය 4. රහත් මඟට පිළිපන් අයට දෙන දානය 5.අනාගාමී පුද්ගලයන්ට දෙන දානය 6.අනාගාමී මගට පිලිපන් පුද්ගලයාට දෙන දානය 7. සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය 8.සකෘදාගාමි මගට පිළිපන් පුද්ගලයාට දෙන දාමය 9.සෝවාන් පුද්ගලයාට දෙන දානය 10.සෝවාන් මගට පිළිපන් පුද්ගලයාට දෙන දානය 11. ශාසනයෙන් බැහැර නිකෙළෙස් අයෙකුට දෙන දානය 12.පෘථජ්ජන සිල්වතෙකුට දෙන දානය 13.පෘථජ්ජන දුස්සීලයෙකුට දෙන දානය 14. තිරිසන් සතෙකුට දෙන දානය යනු පුද්ගලික දාන 14 වේ. 🌺සාංඝික දාන 07 ක් දැක්වේ ඒවා නම් 1.බුද්ධ ප්රමුඛ භක්ෂු භික්ෂුණී යන උභතො සංඝයා විෂයෙහි දෙන සඟ සතු දානය 2.සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය 3.භික්ෂු සංඝයාට පමණක් දෙන දානය 4.භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය 5. මාගේ දානයට මෙපමණ භික්ෂුහුද මෙපමණ භික්ෂුණීහුද වැඩම කෙරෙත්වායී පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය 6.මෙතෙක් භික්ෂුන් ලැබේවායී ආරාධනා කොට දෙන සඟසතු දානය. 7.මෙතෙක් භික්ෂුණින් ලැබේවායී ආරාධනා කොට දෙන සඟ සතු දානය වශයෙන් සාංඝික දාන හතක් දක්ඛිණ විභංග සූත්රයෙහි සඳහන්වේ. මෙකල දිය හැක්කේ අංක 03 සහ 06 යටතේ දැක්වෙන සඟසතු දානමය පිංකම් පමණක් වේ (උපුටා ගැනීමකි)


ප්‍රථම ධර්ම දේශනාවේදී හෙලිකල චතුරාර්ය සත්‍යය ( 01-කොටස)
🔴දුක්ඛ ආර්ය සත්‍යය🔴 🌼“ඉදං ඛො පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං, ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්යාධි පි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.” 🌼"මහණෙනි, දුඃඛ ආර්ය සත්‍යය නම් මෙසේය. 🔹️භවයෙහි ඉපදීම ද දුකකි, 🔹️උපන්නහුගේ ශරීරය දිරීම ද දුකකි, 🔹️නානා ව්‍යාධීන් හට ගැනීම ද දුකකි, 🔹️මරණය ද දුකකි, 🔹️අප්‍රිය වස්තු, අප්‍රිය පුද්ගලයන් හා එක්වීම ද දුකකි, 🔹️ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම ද දුකකි, 🔹️වුවමනා දෙය නොලැබීම ද දුකකි, 🔹️කොටින්ම කිව්වොත් පංච උපාදාන ස්කන්ධයම දුකකි. " ✅සංසාරය යනු කවරේද? 🌼අටුවාවල සංසාරය හදුන්වා ඇත්තේ මෙසේය. 🌼“ඛන්ධානඤ්චෙව පටිපාටි - ධාතු ආයතනානි ච අබ්බොච්ඡින්නං වත්තමානං - සංසාරොති පවුච්චති” 🌼“ස්කන්ධයන්ගේ ද ධාතුන්ගේ ද ආයතනයන්ගේ ද පරම්පරා වශයෙන් නොසිඳී පැවැත්ම සංසාරය යි කියනු ලැබේ”. 🌼සංසාරය යනු කුමක්දැයි සරලව කිවහොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදනා සත්ත්වයන්ගේ ජාති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරය යි. 🌼විශ්වයෙහි අනන්ත සත්ත්වයෝ ඇත්තාහ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාළහ. 🌼“අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො පුබ්බාකෝටි න පඤ්ඤායති”. 🌼“මහණෙනි, මේ සංසාරය නො දක්නා ලද අක් ඇත්තේ ය. එහි මුල පටන් ගැනීම නො පෙනෙන්නේ ය.” 🌼මෙසේ වදාරන ලදුයේ සංසාරයාගේ පටන් ගැනීම වූ මුල් ආරම්භය තිබියදී එය බුදුරජාණන් වහන්සේට නොපෙනෙන නිසා නොව සංසාරයාගේ මුලාරම්භයක් නැති නිසා ය. 🌼මුල් ආරම්භයක් නැත්තා වූ මේ සංසාරය ඉතා දීර්ඝ බැවින් එක් එක් සත්ත්වයකු විසින් අතීතයේ නූපන් ජාතියක් නැත. එක සත්ත්වයකු එක් එක් ජාතියක උපන් වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත. සංසාරයේ ඒ ඒ සත්වයා ඉපදීම නිසා විදි දුක අප්‍රමාණය. 🌼කවර දුකක් වින්දේද යත්? ඒ මෙසේය. 🙏එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි (හුනවනයෙහි) වාසය කරන සේක. 🙏ඉක්බිති සියල්ලන්ම ආරණ්යක වූ, සියල්ලන්ම පිණ්ඩපාතික වූ සියල්ලන්ම පාංසුකූලික වූ, සියල්ලන්ම තේචීවරික වූ, සියල්ලන්ම සංයෝජන සහිත වූ (පෘථග්ජන වූ), තිසක් පමණ වූ, පාවාරට වැසි භික්ෂූහු, බුදුරජාණන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියාහුය. 🙏පැමිණ, බුදුරජාණන් වහන්සේට නමස්කාරකොට, එක් පැත්තක හුන්නාහුය. 🙏ඉක්බිති බුදුරජාණන් වහන්සේට මේ සිත පහළ විය. 🙏"මේ තිසක් පමණ පාව්යෙයක භික්ෂූහු වනාහි සියල්ලෝම ආරණ්යක වූවාහුය. සියල්ලෝම පිණ්ඩපාතිකයහ. සියල්ලෝම පාංසුකූලිකයහ. සියල්ලෝම තේචීවරිකයහ. සියල්ලෝම සංයෝජන සහිතයහ. යම්සේ මේ ආසනයෙහිදීම මොවුන්ගේ සිත් (තණ්හාදී) ආශ්‍රවයන්ගෙන් දැඩිකොට නොගෙන ඉන් මිදෙත්ද (රහත්වෙත්ද) එසේ මම මොවුන්ට ධර්මය දේශනා කරන්නෙම් නම් ඉතා හොඳය" කියායි. 🙏ඉක්බිති භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. 🙏එවිට භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. 🙏“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ, ගැලුවාවූ යම් ලෙයක් වේද, සතර මහා සාගරයෙහි යම් දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?” 🙏“ස්වාමීනි, අපි වනාහි භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, අපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය." 🙏“මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, මා විසින් දේශනා කරනලද ධර්මය තොපි ඒ ආකාරයෙන් දන්නාහුය." 🙏"මහණෙනි, මේ දීර්ඝකාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය." 🙏"මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි ගොන්ව ඉපදුණාවූ තොපගේ හිස් සිඳීමෙන් ගැලු යම් ලෙයක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය." 🙏“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මීගොන්ව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය." 🙏“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි එළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය." 🙏“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි බැටළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය." 🙏“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මුවව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය." 🙏“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි සූකරව (හූරුව) ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය." 🙏“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි කුකුළුව ඉපද තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය." 🙏“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි ගම්පහරණ සොරුයයි අල්වාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය." 🙏“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි මංපහරණ සොරුයයි (මංකොල්ල කාරයෝයයි) අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය." 🙏“මහණෙනි, බොහෝ කාලයක් මුළුල්ලෙහි අන් අඹු සොරුයයි අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ යම් ලෙයක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය." ඉතිරිය පසුවට, 🌹ඔබ සැමට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...


♨️♨️♨️පංචානන්තර්යය කර්මයෙන් වළකින්න, මේ ටික දැනගන්න.♨️♨️♨️
💥ආනන්තර්යය කියනුයේ මරණයට අනතුරුව එන භවයේ අනිවාර්යයෙන්ම විපාක දෙන බැවිනි. 💥ආනන්තර්යය කර්ම කළ අයට අපායෙන් මිදීමට උපක්‍රමයක් නැත්තේ ය. ඒ වසාලන්න සමත් කුසලයක් නැත. කොතරම් විශාල පින් කන්දක් කළත් අපායේ ඉපදීම වැලැක්විය නොහැකිය. 💥නියත මිථ්යා දෘෂ්ටිය මහා පාපයක් වුව ද, මරණයට කලින් දෘෂ්ටිය හළ හොත් ඒ තැනැත්තාට සුගතියට යා හැකි ය. 💥පඤ්චානන්තර්යය කර්මය යටතට ගැනෙන්නේ, (1) මව මැරීම (2) පියා මැරීම (3) රහතුන් මැරීම (4) බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම (5) සංඝයා භේද කරවීම ය. 💥දැන් මේ එකිනෙක විස්තර වශයෙන් දැන ගනිමු. (1),(2) මාපියන් ඝාතනය. 💥මනුෂ්‍ය ජාතික දරුවකු විසින් මනුෂ්‍ය වූ තමාගේ මව හෝ පියා මැරුව හොත් ආනන්තරිය අකුසලය සිදු වේ. 💥සමහර කෙනකුට මාපිය දෙදෙනාගෙන් එකෙක් තිරිසන් විය හැකි ය. මනුෂ්‍ය ජාතික දරුවා විසින් ඒ තිරිසන් මව හෝ පියා මැරීමෙන් ආනන්තර්යය කර්මය සිදු නොවේ. නමුත් බරපතල වූ අකුශලයක් සිදු වේ. 💥මනුෂ්‍යයකු විසින් නොදැනීමෙන් වුවද තමාගේම මව හෝ පියා හෝ මැරුවේ නම් ආනන්තර්යය කර්මය සිදුවේ. 💥ඒ නොදැන මැරීම පිලිබඳ කරුණු පැහැදිලි කිරීම පිණිස ඒලක චතුෂ්කය ය, චෞර චතුෂ්ක ය ය, සංග්‍රාම චතුෂ්කය ය, පලාල චතුෂ්කය ය යනුවෙන් චතුෂ්ක සතරක් දක්වා තිබේ. ♨️ඒලක චතුෂ්කය 💥යම් තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරමියි සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්යය කර්මය සිදුවේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි. 💥මව හෝ පියා මරන්නට සිතාගෙන රාත්‍රියේ ගොස් පහර දුන් කල්හි එතැන මව හෝ පියා නො සිට එළුවකු සිට ඒ පහර වැදී මිය ගියේ ද, පහර දුන්නහුට ආනන්තර්යය කර්මය සිදු නොවේ. 💥මා පියන් මරමියි සිතා මා පියන් මරන්නා හට ආනන්තර්ය්ය කර්මය සිදුවේ. එළුවකැයි සිතා එළුවකු මරන්නා හට ආනන්තර්ය්ය කර්මය සිදු නොවේ. ♨️චෞර චතුෂ්කය 💥රාත්‍රී කාලයේ දී සොරෙකැ යි සිතා තමාගේ නිවසට පැමිණි අයෙකු මැරූවිට පැමිණ ඇත්තේ මව හෝ පියා නම් ආනන්තර්ය්ය කර්මය සිදුවේ. 💥මාපියෝ යයි සිතා සොරකු මරන්නා හට ද සොරෙකැයි සිතා සොරකු මරන්නා හට ද ආනන්තර්ය්ය කර්මය නො වේ. මා පියෝ යයි සිතා මා පියන් මරන්නහුට ආනන්තර්ය්ය කර්මය වේ. ♨️සංග්‍රාම චතුෂ්කය 💥යුද්ධයක දී විරුද්ධ පක්ෂයේ තම පියා සිටිනු දැක අන්යයන්ට පහර දුන් කල්හි පියා ද පලායෙති’ යි සිතා අන්යයන්ට පහර දෙන කල්හි, වැරදීමකින් පියාට ද පහරක් වැදී මළේ ද එයින් ආනන්තර්ය්ය කර්මය සිදු නොවේ. පහර දීම පියා මරනු පිණිස කරන ලද්දක් නොවන හෙයිනි. 💥නමුත් අන්‍යයන්ට පහර දෙන විට පියාට වැදිය හැකිබව දැනගෙන කලහොත් ආනන්තරිය කර්මය සිදුවේ. නිදසුනක් ලෙස විරුද්ධ පක්ෂයේ තම පියා සිටිනු දැක ඉදිරියේ සිටින සතුරෙකුට ඊයක් විද්ද කල්හි, ඊතලය ඔහුගේ සිරුර විනිවිද ගොස් පියාට ද වැදෙන බව දැන, ඉදිරියේ සිටින සතුරාට විද්ද කල්හි, ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදී ඔහු මළ හොත් ආනන්තර්ය්ය කර්මය සිදු වේ." ♨️පලාල චතුෂ්කය 💥ආයුධය සුද්ධ කර ගනු පිණිස පිදුරු ගොඩක ඇන්න කල්හි මව හෝ පියා එහි සැඟවී සිට ඒ පහර වැදී මිය ගියේ ද, ආනන්තර්ය්ය කර්මයක් සිදු නොවේ. 💥යම් සත්වයෙක් පිදුරුගොඩ යට සැඟ වී සිටින බව දැනගෙන ඔහු මරමි යි සිතා පිදුරු ගොඩට ඇන්න කල්හි මව හෝ පියා එහි සැගවී සිට ඔවුන් මරණයට පත් වී නම් ආනන්තර්ය්ය කර්මය සිදුවේ. 💢මාපියන් දෙදෙනාගෙන් කවරෙකු මැරූ විට වඩාත් බරපතල වේද? 💢දෙදෙනාගෙන් වඩා ගුණ ඇත්තා මැරූ විට මහත් වූ අකුසලය වේ. එසේම ආනන්තරිකද වේ. 💢පීතෘඝාතක කර්මය කල අජාසත් රජු බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණ අයගෙන් අග්‍ර වූයේ අජාසත් රජතුමා ය. එතුමා බොහෝ පින් කෙළේ ය. එහෙත් පීතෘඝාත කර්මය කළ බැවින් ඔහුට නරකයෙන් නො මිදිය හැකි විය. බොහෝ පින් කිරීමෙන් එතුමාට ඇති වූ මඳ සැනසිල්ල නම් මහා නරකයට නො වැටී කුඩා තැනකට වැටීම ය. එම ආනන්තරිය කර්මය නසන්නට ඔහුට ද නොහැකි විය. ඉතින් දැන් කාලයේ වෙසෙන්නෙක් මව හෝ පියා මරා කෙලෙස නම් කුසල් වලින් එය වසන්නද? කිසිම කලක නොහැකි ය. .............මේ කරුණු සිහියට නගා ගෙන සියල්ලෝම මාපිය ඝාතනයෙන් ද එය සිදුවිය ආකාර වලින් ද වැලකෙත්වා.......... (3) රහතුන් මැරීම 💥මනුෂ්‍ය ජාතික රහත් කෙනකු මැරීම අරහන්තඝාතක නම් ආනන්තර්ය්ය කර්මය වේ. 💥මනුෂ්‍ය නොවූ රහත් කෙනකු මැරීම මහාසාවද්ය කර්මයක් වේ. ආනන්තර්ය්ය නොවේ. 💥අරහන්ත ඝාතනය බරපතල කමින් තුන්වන තැන ගනී. (4) බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම ය 💥සම්මා සම්බුදුවරුන්ගේ ජීවිතය කිසිවකුට නැසිය නොහැක. ඝාතනය කල නොහැක. අත පය බිද දැමිය නොහැක. බුදුවරුන්ගේ ශරීරය සිදුරු කළ හැක්කේ ද නොවේ. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ ආනුභාවය අන්තරාය නිවාරන පිරිතේ මෙලෙස විස්තර වෙයි. 💥"බුද්ධානං ජීවිතස්ස - නසක්කා කේනචි - අංතරායෝ කාතුං බුද්ධානං ඡබ්බංන රංසීනං - නසක්කා කෙනචි අංතරායෝ කාතුං බුද්ධානං ද්වත්තිංස මහා පුරුෂ ලක්කනානං නසක්කා කේනචි අංතරායෝ කාතුං බුද්ධානං අබිහට චතුංනං පච්චයානං - නසක්කා කේනචි අංතරායෝ කාතුං ඉමේසං චතුංනං අච්චරියානං - නසක්කා කේනචි අංතරායෝ කාතුං එතෙන සච්චවජ්ජේන - අංතරාවයෝ අසේසතො - මාරාගයෝ චිනස්සංතු ජය සිද්ධී බවංතුතේ - ජයසිද්ධි බවංතු මේ" 💥"බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. බුදුරජාණන්වහන්සේ ගේ සවනක් ඝන රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට නොහැකිය. බුදුරජාණන් වහන්සේ ගේ දෙතිස් මහා පුරිස ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට නොහැකිය. මේ සත්‍ය ක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සහමුළින්ම දුරුවේවා සියලු ලෝ වැසියනට ශාන්තිය උදා වේවා.!!! 💥බුදු සිරුරකට තද පහරක් වැදුනහොත් ශරීරයේ ලේ තැළී කැටි වේ. නමුත් ලේ පිටතට ගලා යාමක් නැත. එසේ කිරීම ලෝහිතුප්පාදක කර්ම නම් ආනන්තර්යය කර්මය යි. 💥ලෝහිතුප්පාදක කර්මය බරපතල භාවයෙන් දෙවන තැන ගනී. (5) සංඝයා භේද කරවීම ය 💥ආනන්තර්යය කර්ම අතුරෙන් සංඝ භේද කර්මය සියල්ලට ම වඩා බරපතල පාප කර්මය වේ. එය කළ අයෙක් කල්පයක් මුළුල්ලෙහි මහා නරකයෙහි පැසෙති. ඉතිරි ආනන්තරිය කර්ම කළ අය ඊට අඩු කාලයකින් ද නරකයෙන් මිදෙති. සංඝභේද කර්මය පැවිද්දෙකුට මිස ගිහියෙකුට කළ නොහැකිය. 💥දෙව්දත් තෙර මේ අවසානයේ දැක්වූ ආනන්තරිය පාප කර්ම දෙක සිදුකල බව ඔබ දන්නේය. ♨️සෘජුව ආනන්තරිය නොවූවත් එවන් බරපතල අකුසල කර්මයෝ 🔴චෛත්‍යය බිඳීම, 🔴බුදු පිළිම විනාශ කිරීම, 🔴බෝරුක් විනාශ කිරීම, 🔴වෙහෙර විහාර විනාශ කිරීම. ♻️අකුසල් නොවන අවස්ථා ⚛බෝරුක ආරක්ෂා කරනු පිණිස දිරූ අතු අස් කිරීම පාපයක් නොවේ. ⚛ශාරීරික ධාතු සහිත චෛත්යයකට පිළිමයකට බෝ අතු බෝ මුල් වලින් අනතුරක් වත හොත් ඒවා ආරක්ෂා කරනු පිණිස බෝ අතු බෝ මුල් අස් කිරීම ද පාපයක් නොවේ. පාරිභෝගික වස්තුවට වඩා ශාරීරික ධාතු උතුම් වන නිසාය. ⚛බෝධි ප්‍රාකාර, මලසුන් ආදිය ආරක්ෂා කරනු පිණිස, බෝ මුල් වලට හෝ බෝ අතුවලට අනතුරු නොකළ යුතුය. 🚩සියලු සත්වයෝ ධර්ම ඤාණයෙන්, අවබෝධයෙන් පිරෙත්වා!🚩 🌼සාදු සාදු සාදු🌼


ලොව ශ්‍රේෂ්ඨතම කායික වෛද්‍යවරයාණෝ
ක්‍රිස්තු පූර්ව සවන සියවස තරම් දුරාතීතයේදී බුදුන් වහන්සේ දේශනා කළ කරුණු තුළ නූතන වෛද්‍ය ශාස්ත්‍රය පවා ඉක්මවාගිය පෘථුල දැනුම් සම්භාරයක් අන්තර්ගත ව ඇති අයුරු අද අපි විමසා බලමු. මිනිසාට වැලඳෙන කායික රෝග පිළිබඳ ව බුදුන් වහන්සේගේ මෙම වර්ගීකරණය සඳහන් ව ඇත්තේ අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රයෙහි ය. ‘ඉති ඉමස්මිං කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති, සෙය්‍යථිදං, චක්ඛු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ, ජිව්හා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කණ්හ රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්ඡි රෝගෝ, මුච්ඡා, පක්ඛන්ධිකා, සූලා, විසූචිකා, කුට්ඨං, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්ඡු, රඛසා, විතච්ඡිකා, ලෝහිත පිත්තං, මධුමේහෝ, අංසා, පිළකා, භගන්දලා, පිත්ත සමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතු පරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා, සීතං, උණ්හං, ජිගච්ඡා, පිපාසා, උච්චාරෝ, පස්සාවෝති.’ පඤ්චස්කන්ධයේ ඇති විය හැකි මෙම රෝගාබාධ 48කින් යුතු ලැයිස්තුව කා හටත් වැටහෙන ලෙස කෙටියෙන් පැහැදිලි කිරීම වැදගත් යැ යි සිතේ. ඉහත සඳහන් රෝග පිළිවෙළින් දක්වන්නේ නම් මෙබඳු ය:
01. ඇස් රෝග,
02. කන් රෝග,
03. නාසයේ රෝග,
04. දිව හා සම්බන්ධ ආබාධ,
05. ශාරීරික රෝග,
06. හිසේ අමාරු,
07. කම්මුල්ගාය,
08. මුඛයේ රෝග,
09. දත් රෝග,
10. කැස්ස,
11. ඇදුම,
12. පීනස,
13. බඩ දැවිල්ල,
14. උණ,
15. උදරාබාධ,
16. සිහිමූර්ඡාව,
17. ලේ බඩ යෑම,
18. ඉදිමුම,
19. බඩරිදුම,
20. ලාදුරු,
21. ගඩු,
22. සුදු කබර,
23. ක්ෂය රෝගය,
24. අපස්මාරය,
25. වටපණු රෝග,
26. කැසිල්ල,
27. විදාරණය හෙවත් පිට දැමීම (උෂ්ණ ලෙඩකි),
28. පයේ මහපට ඇඟිල්ලේ නියපොත්ත මස කාගෙන වැඩීම නිසා ඇති වන අධික වේදනාව,
30. රක්ත පිත්ත රෝගය,
31. දියවැඩියාව,
32. අර්ශස්,
33. පිළිකා,
34. භගන්දලා (සුව කිරීමට අපහසු රෝගයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ),
35. පිත්තාශය සම්බන්ධ ආබාධ,
36. සෙම නිසා හටගන්නා රෝග,
37. වාතය නිසා හටගන්නා රෝග,
38. වා, පිත්, සෙම් යන තුªන් දොස් කිපීම,
39. විවිධ ඍතු ගුණ නිසා ඇති වන ආබාධ,
40. ආසාත්මිකතා / චර්යාත්මක විෂමතා නිසා ඇති වන රෝග,
41. හදිසි අනතුරු / වධ බන්ධන ආදියෙන් ඇති වන රෝගාබාධ,
42. කර්ම විපාක හේතුවෙන් ඇති වන රෝග,
43. සීතල,
44. තද උණුසුම,
45. බඩගින්න,
46. පිපාසය,
47. මල පහ කිරීම සාමාන්‍ය ලෙස සිදු නොවීම,
48. මූත්‍ර පහ කිරීම සම්බන්ධ අපහසුතා.
මෙම ලේඛනයේ සඳහන් රෝග වර්ගීකරණය ඉතා පුළුල් වූවකි. මෙහි සඳහන් බොහෝ රෝග පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නොවූවත්, ඍතු ගුණය, විෂම පරිහාරය, උපක්‍රමය යන මේවා පිළිබඳ බොහෝ දෙනකුට නිිසි අවබෝධයක් නැත. ඍතු වෙනස් වීම නිසා ලෙඩ රෝග වැලදෙන බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. වැසි සමය එළඹෙත් ම විවිධ උණ රෝග හා සෙම ආශ්‍රිත රෝග බහුල වන බව අපි අත්දැකීමෙන් දනිමු. දෙවැන්න විසම පරිහාරයෙන් හටගන්නා රෝග ය. විවිධ ආසාත්මිකතා හේතුවෙන් මෙන් ම අපේ පැවැත්මේ අඩු-පාඩු හේතුවෙන් නොඑසේ නම් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන්, දුම්පානයෙන් වැලඳෙන රෝග, පෙණහලු පිළිකා, සිරෝසිස් වැනි රෝග මෙයට උදාහරණ වේ. එමෙන් ම අනවශ්‍ය ලෙස දිව පිනවීමට යෑමෙන් වැලඳෙන ලෙඩ රෝග රැසක් ද වර්තමානයේ දැකගන්නට තිබේ. තෙල් මිරිස් රසයට අනවශ්‍ය ලෙස ගිජු වීමෙන් වැලඳෙන කොලෙස්ටරෝල් හා ගැස්ට්‍රයිටීස් වැනි රෝග අයත් වන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් මේ විසම පරිහාරයෙන් වැලෙඳන රෝග ගණයට ය. තුන්වැන්න ඕපක්කමිකා ආබාධා නැති නම් උපක්‍රමයෙන් වන රෝග ය. පරමාණු, රසායනික හා න්‍යෂ්ටික අවි-ආයුධ ආදිය නිසා මිනිසාට වැලඳෙන රෝග-ආබාධ මේ ගණයට අයත් වේ. විශේෂයෙන් දියුණු යැ යි සම්මත බටහිර රටවල මහා පරිමාණ ඖෂධ සමාගම්වල වෙළෙඳ උපක්‍රම නිසා නොදියුණු දිළිඳු රටවල ජනතාව බරපතළ ලෙස පීඩා විඳින බව නොරහසකි. නොයෙකුත් රෝග කාරක විෂබීජ ශරීරගත වන්නට සලස්වා තම ඖෂධ අලෙවිය වැඩි කරගැනීමට උත්සාහ ගන්නා ඖෂධ සමාගම් පිළිබඳවත්, ප්‍රමිතියකින් තොර බාල ඖෂධ බෙදාහරින සමාගම් පිළිබඳවත් ලොවට අනාවරණය වූයේ අද-ඊයේ නො වේ. මෙබඳු උපක්‍රමශීලි වෙළෙඳපොළ අරමුණු හේතුවෙන් මිනිසාට ලෙඩ රෝග වැලෙඳන බව බුදුන් වහන්සේ අදින් වසර 2600කට පෙර දේශනා කර තිබීම පුදුම සහගත නො වේ ද? දහම පිළිබඳ පුළුල් අවබෝධයක් නැති බොහෝ දෙන තමන්ට වැලඳෙන ලෙඩ රෝග සියල්ල කර්මය විපාක දීමෙන් (කම්ම විපාකජා ආබාධා) සිදු වන බව විශ්වාස කරති. එහෙත් සියල්ල සිදු වන්නේ කර්මයෙන් ය යන ජෛන මතය ප්‍රතික්ෂේප කරන බුදුන් වහන්සේ මිනිසාට ලෙඩ-රෝග වැලඳෙන හේතු අට අතරින් කර්මය පෙන්වා දී ඇත්තේ අවසාන හේතුව වශයෙනි. සබ්බාසව සුත්‍රයේදී ප්‍රත්‍ය පරිභෝජනයේ මූලික අරමුණු පැහැදිලි කරන බුදුන් වහන්සේ ඇඳුම්, ආහාර-පාන නිවාස හා බේත්-හේත් මිනිසාගේ මූලික අවශ්‍යතා බව පෙන්වා දෙයි. සබ්බාසව සූත්‍රයට අනුව ආහාර-පාන ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ශරීරයේ පැවැත්ම, ජීවිතේන්ද්‍රියේ යැපීම, බඩගින්න දුරලීම පැරණි වේදනා නැති කිරීම හා අලුතින් වේදනා නූපදීම, නිවැරදි බව, පහසු විහරණය, උතුම් ජීවිතයක් ගත කිරීමට අනුග්‍රහය යන කරුණු ඉටු වීම සඳහා ය. නීරෝගි, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් තමන්ගේ කෑමෙහි ප්‍රමාණය, සීමාව තමන් දැනගත යුතු බවයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම (භෝජන්‍යෙය මත්තං සුතා). නූතන පෝෂණවේදීන්ගේ මතය ද කුස පුරා ආහාර ගැනීම කිසි සේත් නොකළ යුතු බව යි. කුසෙන් අඩක් ආහාර ද, අනෙක් අඩෙන් අඩකට චතුර ද ගෙන සෙසු අඩ කෑම දිරවීම සඳහා අවශ්‍ය වාත සංසරණයට හිස් ව තබාගැනීම ලෙඩ දුක් දුරු ව නීරෝගි වීමේ මඟ බව බුද්ධ භාෂිතය යි. අධික ලෙස ආහාර ගැනීම නිසා බොහෝ ස්ථූල පෙනුම ගෙන දෙන බවත්, වයසට අනුව උස හා බර පැවතිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත මඟිනුත් පෝෂණවේදීන්, හෘදය හා කායික රෝග විශේෂඥයන් විසිනුත් තහවුරු කරගෙන තිබේ. මේ හා බැඳුණු සරල බුදුවදන නම් මෙබඳු අයගේ ශරීරය ගවයකුගේ මෙන් මසෙන් වැඩුණ ද නුවණ වැඩීමක් නොවන බව යි. එමෙන් ම ‘ස්ථූලං රෝග ආකරං’ යනුවෙන් පුද්ගලයකුගේ අධික මහත ඔහුට ම රෝග ආකරයක් වන බව ද බුදු හිමියෝ පවසති. බුදු වදනෙහි මෙන් ම ආයුර්වේදයේ ද නූතන වෛද්‍ය විද්‍යාවේ ද අදහස නම් කෙට්ටු ශරීරයක් සහිත පුද්ගලයා නීරෝගි බවත්, වැඩි ආයුෂ ප්‍රමාණයක් විඳින බවත් ය. ශරීරය බර වැඩි මහත් පුද්ගලයා පහසුවෙන් රෝගවලට ගොදුරු වන බවත්, ආයු කාලය ද අඩු බවත් ඒවායේ දැක්වේ. කෑම-බීම සම්බන්ධයෙන් පමණ ඉක්මවා යෙදෙන්නකුගේ චර්යාව කෙබඳු වේ ද? එහි ප්‍රතිඵල කවරේ ද? මෙම ප්‍රශ්නය වරක් බුදු හිමියන් ඉදිරියට පැමිණියේ ය. කොසොල් රජු පමණ ඉක්මවා අනුභව කොට අවුත් බුදුන් වහන්සේ ඉදිරියේ ඉතා අපහසුවෙන් හැසිරෙන හැටි දුටු බුදුන් වහන්සේ මෙම ගාථාවෙන් රජුට අනුශාසනා කළ බව සංයුක්ත නිකායේ දැක්වේ: ‘මනුජස්ස සදා සතිමතෝ මත්තං ජානාති ලද්ධභෝජනේ තනු තස්ස භවන්ති වේදනා සනිකං ජීරති ආයුපාලයන්ති (හැම කල්හි සිහි ඇති ව, පමණ දැන ආහාර ගන්නාගේ වේදනා තුනී වෙයි. වැළඳූ ආහාර සෙමෙන් දිරයි. ආයුෂ ද රැකෙයි). ආයුවඩ්ඪන සූත්‍රයේදී ආහාරයේ තුලිත බව හා යෝග්‍ය බව ගැන විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බුදුන් වහන්සේ ආහාරය රෝග නිවාරණ සාධකයක් ලෙසින් ද පෙන්වා දී ඇත. තව ද ලුණුකැඳෙහි ගුණ දක්වා ඇති බුදුන් වහන්සේ එය පවස සංසිඳුවා, ගිනි නසන බවත් වාතය සමහන් කරන බවත්, බඩ බුරුල් කොට ආමදෝෂ නසන බවත්, ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච සම්පත් ළඟා කරන බවත් පෙන්වා දෙති. ආහාරය සම්බන්ධයෙන් විනය පිටකයේදී බුදුන් වහන්සේ විසින් දේශිත බොහෝ කරුණු ශීලයට මෙන් ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ද එක සේ වැදගත් ය. ‘ජිගච්ඡා පරමා රෝගා’ යනුවෙන් කුසගින්න යනු බලවත් ම ස්වාභාවික රෝගයක් ලෙස පෙන්වා දී ඇත. එමෙන් ම ‘සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා’ යනුවෙන් ජීවිතය පවත්වා ගැනීමට ආහාරයේ ඇති අවශ්‍යතාව අවධාරණය කර ඇත. තමන්ට නොගැළපෙන හෝ අහිතකර ආහාර ගැනීම, හිතකර ආහාර වුවත් පමණ ඉක්මවා ගැනීම, අනුභව කළ ආහාර දිරවීමට පෙර නැවත ආහාර ගැනීම යන කරුණු මිනිසා ලෙඩ කරවන බව බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේදී පෙන්වා දී ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව මෙම කරුණු තුන ම දියවැඩියාව වැලඳීමේ හේතු ය. බුදුන් වහන්සේගේ දේශනා බොහෝ සෙයින් ම භික්ෂූන් වහන්සේගේ දෛනික ජීවන රටාව ඉලක්ක කරගනිමින් දේශිත වුව ද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එම උපදෙස් ගිහි-පැවිදි භේදයකින් තොර ව අනුගමනය කළ හැකි බවට විවාදයක් නැත. භික්ෂූන් වහන්සේලා හට විකාල භෝජනය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ පැනවූ ශික්ෂා පදය ආරක්ෂා කිරීම ගිහියකුගේ වුව සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත වීමට හේතු වන බව නොකිව මනා ය. එමෙන් ම නිර්මාංස ආහාරයෙන් යැපීම ගිහි-පැවිදි භේදයකින් තොර ව සෞඛ්‍ය ප්‍රශ්න අවම කරන්නා වුත්, සෞඛ්‍ය තත්ත්වය සුරකින්නා වුත් සාධකයක් බව නූතන වෛද්‍ය විද්‍යාව පවා පිළිගනී. භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න බව රැකදීම සඳහා බුදුන් වහන්සේ දුන් අවවාද රැසක් ත්‍රිපිටකයේ අන්තර්ගත ය. රස බොජුන් වළඳා ශරීරයට නිසි ව්‍යායාමයක් නොමැති ව වාසය කිරීමෙන් භික්ෂු සංඝයා වහන්සේගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය පිරිහී, රෝගාබාධවලට පහසුවෙන් ගොදුරු වන බව බුදුන් වහන්සේගේ වෛද්‍යවරයා වූ ජීවක කෝමාරභච්චයන් ද පෙන්වා දී තිබේ. ශාරීරික සෞඛ්‍යය රැකෙන අයුරින් සක්මන් භාවනාවෙහි යෙදීම, ආරණ්‍ය, සංඝාවාස, නිවාස, ගෙවත්ත නිසි පරිදි අතුපතුගා පිරිසිදු කිරීම ආදි ක්‍රියාවන්හි නිරත වීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුදැන වදාළහ. එසේ ම ඉඳීම්, සිටීම්, සැතපීම්, සක්මන් කිරීම් ආදි සතර ඉරියවුව ද උන් වහන්සේ දක්වා ඇත්තේ කය නීරෝගි ව පවත්වාගැනීමේ ව්‍යායාම ක්‍රමයක් ලෙසිනි. දෛනික ජීවිතයෙහි වරින් වර මේ සතර ඉරියාපථයන් ම පැවැත්විය යුතුª බව බුද්ධ දේශනාව යි. මේ අතරින් සක්මන හෙවත් ඇවිදීම වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා ඕනෑ ම පුද්ගලයකුට වඩාත් සුදුසු ම ව්‍යායාමය ලෙස පිළිගෙන ඇත. එමගින් රුධිරගත සීනි ප්‍රමාණය දහනය කරවන බවත්, රුධිරගත මේද ප්‍රමාණය අවම කරවන බවත් විශේෂඥ මතය යි. එමෙන් ම සක්මන් කිරීමේදී මුළු ගත පුරා අධික ලෙස ඩහදිය වැගිරේ. ඩහදිය හෙළීමෙන් තොර වීම, ලෙඩ රෝග තමන් වෙතට කැඳවාගැනීමකි. ශරීරයේ තරබාරුව නැති කරලීමේත්, මේද ප්‍රමාණය අවම කරලීමේත් හැකියාව ඇත්තේ ගලන ඩහදියට ය. භික්ෂූන් වහන්සේ අරබයා ම ලියැවුණු එක ම වෛද්‍ය ග්‍රන්ථය වන භේසජ්ජ මඤ්ජුසාව (බේත් පෙට්ටිය) නම් ග්‍රන්ථයෙහි භික්ෂූන් වහන්සේගේ දෛනික ජීවිතයේ චර්යාත්මක විෂමතා හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය පිරිහී, පහසුවෙන් රෝගාබාධයන්ට ගොදුරු වන්නේ ය යන අදහස වඩාත් විස්තාරණය කොට දක්වා ඇත. විශේෂයෙන් වැළැකිය යුතු ආහාර-පාන වර්ග කිහිපයක් සහ එකතැන හිඳීම, නිතර සැතපීම, ඉරමුදුනෙන් මෙපිට නිදීම, කෑමෙන් පසු නිදීම යන චර්යාවන් ප්‍රමේහ හේතු බව එහි දැක්වේ. වර්තමානයේ බොහෝ භික්ෂූන් වහන්සේට ලැබෙන ආහාර-පානවල බලපෑමත් දෛනික පුරුද්දක් බවට පත් ව ඇති දානයෙන් පසු ව සැතැපීමත් උන් වහන්සේ අතර දියවැඩියා රෝගය බහුල වීමට හේතු වී ඇතැ යි පැවැසේ. පිෂ්ටය බහුල හීල් දානයක් වළඳන උන් වහන්සේට එම දානය දිරවීමට ප්‍රමාණවත් කාලයක් නොතබා ම දහවල් දානය වැලඳීමට සිදු වීම අහිතකර භෝජන චර්යාවක් බව තවදුරටත් දැක්විය හැකි ය. භික්ෂූන් වහන්සේගේ නීරෝගි බව පවත්වාගෙන යෑම සඳහා බුදුන් වහන්සේ විසින් අටපිරිකරට පෙරහන්කඩක් ඇතුළත් කොට, පැන් පෙරාගෙන පානය කිරීමට අනුදැන වදාරනු ලැබ ඇත. එදා උන් වහන්සේ ස්වකීය භික්ෂු සංඝයා වහන්සේ වෙනුවෙන් අනුදැන වදාළ මෙම කරුණ නූතන වෛද්‍ය විද්‍යාවට ද එකඟ ය. අද බොහෝ නිවෙස්වල වතුර පෙරන උවාරණ භාවිත කරනු ලැබේ. ජලය වැඩිපුර පාවිච්චිය ශරීරයට ගුණදායක බව නූතන වෛද්‍යවරු පවසති. වකුගඩු රෝග හා ගැස්ට්‍රයිටීන් වැනි රෝගාබාධවලට ද ක්‍රමවත් ජල පානය වැදගත් ය. ස්වාභාවික ලෙඩ සුව කිරීමේ ක්‍රමයක් ලෙස ජල චිකිත්සාව වර්තමානයේ ජනප්‍රිය වී ඇත. එමෙන් ම මත්ද්‍රව්‍ය භාවිත කර පුනරුත්ථාපනය වන පුද්ගලයන්ගේ ස්නායු ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා ජල චිකිත්සාව යොදාගනු ලැබේ. විනය පිටකයේ භේසජ්ජඛන්ධකය වූකලි භික්ෂූන් වහන්සේ විෂයයෙහි අනුදැන වදාළ වෛද්‍යමය ප්‍රතිකාර ඇතුළත් පුස්තකය යි. බේත්-හේත් සහ ආහාර සාමාන්‍ය වශයෙන් පස් වැදෑරුම් වන අතර, එයට පඤ්ච භේසජ්ජනී යනුවෙන් ද ව්‍යවහාර වේ. මේවා නම් ගිතෙල්, වෙඬරු, තෙල් (තල, අබ, එඬරු ආදි තෙල්), මී පැණි හා උක් සකුරු ය. මේ පිළිබඳ මහාවග්ග පාළියෙහි දැක්වෙයි. කෙසේ වෙතත් අතිරේක ලාභ ලෙස අනුදැන වදාළ ඉහත කී පස් වැදෑරුම් ද්‍රව්‍ය භික්ෂූන්ගේ ශරීර ස්කන්ධයේ සමතුලිත පැවැත්මට සමබල ආහාරයක් වන අතර, නිතර භාවිතයෙන් රෝගාබාධයන්ගෙන් මිදෙන්නේ යැ යි දැක්වේ. ග්‍රීෂ්ම ඍතුවේ දැඩි උෂ්ණත්වය නිසා රොගාතුර වූ භික්ෂූන් වහන්සේට බුදුන් වහන්සේ මේ පස් වැදෑරුම් ද්‍රව්‍ය නියමිත වේලාවන්හිදී පිළිගෙන අනුභව කිරීමට අනුදැන වදාරා ඇත. මේ හැර ආයුර්වේදයෙහි බහුල ව ඇති අරළු-බුලු නෙල්ලි (ත්‍රිපලා), කටුකරෝසන, වළඟසාල්, ගම්මිරිස්, තිප්පිලි, වදකහ, අමුකහ, ඉඟුරු, දුම්මැල්ල, කලාඳුරු, කොහොඹ, ඔලිඳ අතිවිඩයන් හා සැවැන්දරා ඖෂධ වශයෙන් යොදාගැනීමට අවශ්‍ය උපදෙස් ත්‍රිපිටකයේ ද සඳහන් වේ. බුදුන් වහන්සේ සාමාන්‍ය සුළු සුළු ආබාධවලට අනුදැන වදාළේ සාමාන්‍යයෙන් භික්ෂූන් භාවිත කළ ඖෂධ වර්ග ය. වනයෙහි වසන භික්ෂූන්ට විසකුරු සර්පයන්ගෙන් නොයෙක් විට අනතුරු පැමිණිණි. සර්ප විෂට ගව ගොම, ගව මූත්‍ර, අළු සහ මැටි අනුදැන වදාරා තිබේ. ‘අනුජානාමි භික්ඛවේ චත්තාරි මහා විකටානි ධාතුං ගුටං මුත්ත පාරිතං මන්තකං’ (විනය පිටකය). පාණ්ඩුවට ගව මූත්‍රයෙහි දැමූ අරළු අනුදැන වදාරා ඇත. මෙයට අමතර ව ගස්වැල්වල මුල් ද ඖෂධ ලෙස භාවිත කිරීමට අනුදැන තිබේ. මෙම මුල් වර්ග නම් සියඹලා, ඉඟුරු, සුදුලූනු, කටුකරෝසන, සැවැන්දරා ආදි මුල් ය. මෙබඳු මුල් වර්ග රැසක් ඖෂධ වශයෙන් නම් කළ බුදුන් වහන්සේ ඒවා ඖෂධ වශයෙන් මිස ආහාර වශයෙන් නොගන්නා ලෙස ද දැක්වූ හ. භික්ෂූන් විවිධ වෘක්ෂවල පොතු ඖෂධ වශයෙන් භාවිතයට බුදුන් වහන්සේගෙන් අවසර පැතූ විට එයට අවසර දුන් බුදුන් වහන්සේ ඖෂධ සකසාගැනීම සඳහා ඇඹරුම් ගලක් සහ මෝල් ගසක් ද අනුදැන වදාළ සේක. එමෙන් ම කසාය භාවිතයට ද අවසර දුන් බව විනය පිටකයෙහි දැක්වේ. ගස්වල ඵල හා කොළ වර්ග ද, ඇතැම් ගස්වල ලහටු වර්ග ද ඖෂධ වශයෙන් භාවිතයට ගැනීම අනුමත කර ඇත. බුදුන් වහන්සේ භාවිතයට අවසර දුන් ලුණු වර්ග 5ක් පිළිබඳ ව ද විනය පිටකයේ සඳහන් වේ. මුහුදු ලුණු (සමුද්ද ලෝණ), කළු ලුණු (කාල ලෝණ), සිද්ධි ප්‍රදේශයේ ගල් ලුණු (සින්ධව ලෝණ), කෑම පිසීමට ගන්නා ලුණු (උබ්භිද ලෝණ) සහ රතු ලුණු (බිල ලෝණ) යනු ඒවා ය. වශීකරණ විෂ ශරීරගත වූ භික්ෂුවකට නඟුලේ ඇලුණු මඩ දියෙන් කලතා පෙවීමට අනුදැන වදාරා ඇත. බඩ වියළීමට (දුම්මගාහරිත) අමු ආමිසකාර ආහාර භාවිතය නිර්දේශ තිබේ. ශරීර දුර්ගන්ධයට ප්‍රථමයෙන් විරේචනයක් ද, දෙවනු ව කැඳ ද, එයට පසු ඇටවලින් සෑදු සුප් සහ අවසාන වශයෙන් හොදි වර්ගයක් ද දීමට උපදෙස් දී තිබේ. තව ද උදරවාත ආබාධයකදී ලුණු කැඳ සුදුසු බව සඳහන් කර ඇත. මෙයට අමතර ව ග්‍රහණියට බත් කාරම් ද, වණයක් සෑදුණු විට අබ කුඩු එළීම ද, ඇඟ ඩහදිය ගැන්වීම සඳහා ස්වේද කර්මය ද, ඇස් ලෙඩට අඳුන් ගෑම ද, ඇඟ කැසීමට ගොම මැටි හා තම්බාගත් කහට කුඩු ද, හන්දි රුදාව සඳහා ලේ ඇරීම ද, කකුල් පැළීම නවත්වනු පිණිස පය තෙල් ගැල්වීම ද, මස් දලුව ලුණු කැටයෙන් කැපීම ද, වණයට දුම් ඇල්ලීම වැනි ප්‍රතිකාර හා ඖෂධ රාශියක් භික්ෂූන්ගේ රෝග සඳහා බුදුහු අනුදැන වදාළහ. තව ද, හිසරදයට තෙල් ගල්වා නස්‍ය කිරීම හා ධූම විධි කිරීමද, ආම ජීරණ දෝෂවලදී එම උදරගත වාතයන් බැහැර වීමට උක් හකුරු පානය හා උණු පැන් පානය ද තුවාල සඳහා ඖෂධීය කහට දියෙන් ඒවා පිරිසිදු කොට තල අඹරා පැලැස්තර යෙදීම ද, එහි කැසීම ඇති කල අබ කුඩු යෙදීම ද වණය වේළීමක් නැතොත් ඔසු දුම් ඇල්වීම ද පාණ්ඩු රෝගයට අරළු කුඩු ගව මූත්‍රයෙන් දිය කර පෙවීම ද ආදි වශයෙන් විවිධාකාර රෝග සඳහා උන් වහන්සේ ඖෂධ හා ප්‍රතිකාර නියම කළ සේක. පුද්ගලයකුගේ නීරෝගි බව සඳහා පෞද්ගලික සනීපාරක්ෂාව ඉතා වැදගත් ය. බුදුන් වහන්සේ භික්ෂූන් අරබයා දේශනා කළ බොහෝ දේ ගිහි-පැවිදි භේදයකින් තොර ව සියලු මනුෂ්‍යයන්ට අනුගමනය කළ හැකි ය. දකින කවරකු හට වූව ද ප්‍රියමනාප වන අයුරින් සමාජයේ ජීවත් වීමෙහි අගය බුදුන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. හිස-රැවුළු බා, ගැටවටු ගන්වා සිවුරු පෙරවා ප්‍රසන්න ව වාසය කරන ලෙස උන් වහන්සේ භික්ෂූන්ට උවදෙස් දුන්නේ ප්‍රියමනාප ලෙස ජීවත් වීම පෞද්ගලික ගරුත්වයට ද හේතු වන බැවිනි. දත් මැදීම පිළිබඳ ව අංගුත්තර නිකායේ එන මෙම විස්තරයෙන් බුදුන් වහන්සේ එබඳු සරල දේ පිළිබඳ ව පවා දැක්වූ උනන්දුව පැහැදිලි වේ. ඒ අනුව දිනකට තුන් වරක් වත් දත් මැදිය යුතු යැ යි දක්වන බුදුන් වහන්සේ එමගින් මුඛයෙන් දුගඳ නොහමන බවත්, රසනහර පිරිසිදු කරන බවත්, බඩේ අමාරු අජීර්ණ ඇති වීම වළකින බවත් කෑම රුචිය වඩෙන බවත් පෙන්වා දෙති. මෙලෙස ම ශරීරය පිරිසිදු ව තබාගැනීම සඳහා ස්නානය කළ යුතු බව ද, පාචිත්තපාළියෙහි දැක්වේ. ඒ අනුව උෂ්ණාධික තත්ත්වයක් ඇති වූ විට, රෝගයක් වැලඳී සුව වූ විට, දෛනික වැඩ අවසන් වූ විට, දුරබැහැර ගොස් පැමිණි විට (වෙහෙස නිවීමෙන් පසු) හා දූවිලි සහිත පරිසරයකදී ස්නානය කළ යුතු බව උන් වහන්සේ පෙන්වා දී ඇත. බුදුන් වහන්සේ වෛද්‍යවරයකුගේ කාර්යභාරයෙහි පමණක් නො ව, හෙද කාර්යයෙහි ද නිරත වූ බව පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කතාවෙන් තහවුරු වේ. සිරුරෙන් සැරව ගලන ගඩු සෑදීම හේතුවෙන් සෙස්සන් විසින් පිළිකුල් කැරුණු පූතිගත්ත තිස්ස හිමියන් උණ දියෙන් නහවා, සිවුරු සෝදවා දී සියතින් ම උවටැන් කළ බුදුන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කිරීම තමන් වහන්සේට උපස්ථාන කිරීමට සමාන කොට දක්වා ඇත (‘යෝ භික්ඛවේ මං උපට්ඨ හෙය්‍ය සෝ ගිලානං උපට්ඨහෙය්‍ය’). එක් අවස්ථාවක බුදුන් වහන්සේ නකුල පිතා නමැති ගෘහපතියා අමතා මෙසේ දේශනා කළ සේක: ‘ආතුරෝභයං ගහපති කායෝ, අන්ධභූතෝ පරියෝනද්දෝ. යෝහි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බාලයා? තස්මා තිහතේ ගහපති ඒවං සික්ඛි තබ්බං ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති.’ ‘ගෘහපතිය, කෙළ, සෙම්, සොටු ආදිය නිතර වැගිරෙන මේ කය ආතුර ය; දුබල ය; එබැවින් වැටුණ හොත් බිඳී යන බිත්තරයක් වැනි ය. සියුම් සමකින් වැසී ඇති එකකි. ගෘහපතිය, යමෙක් මේ දුබල කය පරිහරණය කරමින් මොහොතකුදු තමන් නීරෝගි යැ යි ප්‍රතිඥා කෙරේ නම් එය අනුවණකම හැර කිමෙක් ද? ගෘහපතිය, ආතුර කයක් ඇති ඔබ අනාතුර සිතක් ඇතියකු වන පරිදි පිළිපැදිය යුතු ය. අනේක විධ වූ ව්‍යාධීන් හටගන්නා ස්වභාවයක් ඇති මෙම පඤ්චස්කන්ධය ගැන අවබෝධ කරගත් නුවණැතියෝ එහි ඇලී නොසිට ආතුර වූ පඤ්චස්ඛන්ධය හැර අනාතුර වූ නිවනට පිවිසෙන්නෝ ය.’ මේ අයුරින් බුදුන් වහන්සේ සෑම විට ම කායික රෝග උපමාවට ගනිමින් පවා කායික රෝගවලට වඩා මානසික රෝගවලට ප්‍රතිකාර කිරීමට උනන්දු වූ හ. මන්ද: කායික රෝගවලට කරන ප්‍රතිකාර තාවකාලික වන නමුත් මනෝ ප්‍රතිකාර එබඳු තාවකාලික ඒවා නොවන, සදාකාලික නිවීම, සැනසීම ලබාදෙන්නක් වන බැවිනි. මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් ලොව පැරණිතම රෝහල් පද්ධතිය පිළිබඳ ව ය. මේ පිළිබඳ ව පුරාවිද්‍යාත්මක සාධක හමු වන්නේ ද ඉන්දියාවෙන් නො ව, ලක්දිව මිහින්තලයෙනි. ඒ 2 වන සේන රජතුමා විසින් පිහිටුවනු ලැබූ (චූළවංසයේ ද සඳහන්) මිහින්තලා ගල පාමුල ඇති රෝහල යි. බාහිර රෝග සායනයකින්, බෙහෙත් ගබඩාවකින්, බෙහෙත් පිළියෙල කරන ස්ථානයකින් සහ එක් එක් රෝගියාට වෙන් වූ කුටිවලින් සමන්විත ව තුබූ බැව් ද තහවුරු වී තිබේ. අපේ ආදි මුතු-මිත්තන්, බටහිර ජාතීන් වෛද්‍ය විද්‍යාව ගැන සිතලා වත් නැති යුගයක මනා පරිපාලනයක් සහිත රෝහල් පද්ධතියක් පවත්වාගෙනයෑම විස්මයට කරුණක් නොවන්නේ බුදුදහමේ සඳහන් කායික මානසික වෛද්‍ය විද්‍යාත්මක කරුණු රැස හේතුවෙනි. අප රටේ බොහෝ පාසල් සිසු-සිසුවියන් මෙන් ම අනෙකුත් උගත් වැඩිහිටි පරපුර ද අතර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලැකෙන්නේ හිපොක්‍රටීස් ය. මනෝ වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලැකෙන්නේ සිග්මන් ෆෙ‍්‍රායිඩ් ය. හෙද සේවාවේ නිර්මාතෘවරිය ලෙස හැඳින්වෙන්නේ ෆ්ලෝරන්ස් නයිටිංගේල් ය. මෙතරම් විද්‍යානුකූල උරුමයක් සතු ව තිබියදීත් අප විසින් වුව තවමත් නඩත්තු කරමින් පවත්වාගෙන යනු ලබන්නේ බටහිරින් ණයට ගත් අධ්‍යාපන ක්‍රමයක් වීම තුළ එහි වරදක් ද නැත! හිපොක්‍රටීස්ලාට, ෆෙ‍්‍රායිඩ්ලාට මෙන් ම නයිටිංගේල්ලාට ද සියවස් ගණනාවකට පෙර ගෞතම බුදුන් වහන්සේ මේ සියල්ල දේශනා කොට ආදර්ශ සපයා ඇති බව අප අමතක නොකළ යුතු ය. සියල්ල බටහිරට ම පවරා දී අද අප ලජ්ජාසහගත නිහැඬියාවක ගැලී සිටිමු. එය රටේත්, ජාතියේත් අවාසනාව මිස අන් යමක් නො වේ. අපි අපේ මුදුන් මුල් අහිමි කරගෙන අවසන් ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉරානය, චීනය වැනි පෙරදිග රටවලට තරම් දියුණු ශිෂ්ටාචාර උරුමයක් කිසිදු බටහිර රටකට නැත. එහෙත් ඔවුන් මුළු ලෝකය ම ඔවුන්ගේ ආධිපත්‍යයට නතු කරගෙන අවසන් ය. කණගාටුවට කරුණ නම් එබඳු දියුණු ශිෂ්ටාචාරයක්, හර පද්ධතියක් අප සතු ව තිබූ බව පිළිගැනීමට පවා ඇතැම් ලාංකිකයන් මැළිකමක් බියක් දැක්වීම ය.


ආලවක දමනය ජේතවනාරාමයේ සිට අලව් නුවරට තිස්‌ යොදුන් පමණ දුර විය. එනුවර රජගහනුවර හෝ සැවැත්නුවර මෙන් පසිඳු නුවරක්‌ද නොවීය. අලව් නුවර වැඩිපුරම විසුවෝ යක්‍ෂ නම් ගණයට අයත් වන්නෝය. ඔව්හු ස්‌වභාවයෙන් ම දැඩියෝ ය. රළු වරම් ගති ඇත්තෝය. තදින් කිපෙති. ඈත ගම් දනව්වක සිට හෝ අලව් නුවරට ආගිය අය හිඟ වූහ. සංචාරක වෙළෙන්දන්ගේ ඝෝෂාව නොඇසුණි. විශේෂ කර්මාන්ත යෑයි කිව හැකි දෙයක්‌ද නොවීය. හරිත වර්ණ වන රේඛාවන්ගෙන් ද සිහිල් නිල් දිය දහරාවෙන්ද මනාව සැදුණු හාත්පස නම් නෙතට සුවයකි. මෙනුවර ආලවක නම් යක්‌ අධිපතියෙක්‌ වසයි. ඔහු දැසි දසුන් පිරිවර කර ගත්තේ ආඪ්‍ය ජීවිතයක්‌ ගෙවයි. හේ මායාබල ඇත්තේ ය. මනාව වැඩුණු සිරුරු ඇත්තේය. අලව් නුවර පමණක්‌ නොව නොයෙක්‌ තන්හි විසූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ගෞරවය ඔහුට නොඅඩුව ලැබුණි. ආලවකගේ සියලු කුදු මහත් කටයුතු ඉටු වූයේද ඒ ගෝත්‍ර ජනයා අතින්මය. කෙනෙක්‌ ඔහුට නිතිපතා මස්‌ සැපයූහ. තව කෙනෙක්‌ සුරාව සැපයූහ. ආලවක මිනීමස්‌ අනුභව කිරීමටද ගිජු විය. එහෙත් ඔහු කිසි විටෙක සිය ගෝත්‍රිකයන් අල්ලා අනුභව කළේද නැත. ඈත නුවරකින්, ගමකින් මෙම අඩවිය පසු කර යන අයෙක්‌ වෙත් නම් ඔවුන්ට නිසැකයෙන්ම ආලවකගේ ගොදුරක්‌ වීමට සිදුවන්නේමය. එක්‌ දිනක අලව් නුවරට නුදුරුව දඩ කෙළියෙහි ගිය කිසියම් රජෙක්‌ ආලවකගේ නෙත ගැටුණි. රාජාභරණ නොමැතිව සිටි ඔහුගේ පෙනුම සාමාන්‍ය වැසියකුගේ මෙන් විය. ආලවක වාත වේගයෙන් ඔහු ලුහුබැඳ ගොස්‌ අල්ලා ගත්තේය. බියට පත් වූ රජු තමන් පිළිබඳ සියලු තොරතුරු කීවේය. එහෙත් ආලවක කියා සිටියේ අනවසරයෙන් තම අඩවියට පැමිණ දඩයම් කිරීම වරදක්‌ බවය. ඒ සඳහා දඩයක්‌ ගෙවිය යුතු බවද ඔහු කියා සිටියේය. රජු ද කිසිදු වගවිභාගයකින් තොරව ඔහු සමඟ එකඟතාවකට එළඹියේය. "හොඳයි මා නුඹව නිදහස්‌ කරනවා. එක්‌ කොන්දේසියක්‌ උඩ, හෙට පටන් දිනපතාම මාගේ වාසභවනට මට දරුවකු එවිය යුතුයි. යම් දිනක එය කඩ කළහොත් එදින මම නුඹ මරා අනුභව කරමි." ආලවකගේ යක්‍ෂ විලාසය නිසාම බියට පත්ව සිටි රජු ඒ සඳහා එකඟ විය. එතැන් සිට රාජපුරුෂයෝ හිරු නැඟෙන විටම ඒ රටේ කොතැනකින් හෝ දරුවෙක්‌ අල්ලා ගෙනැවුත් ආලවකට ලබා දුන්හ. වැඩි දවසක්‌ ඒ ක්‍රියාව කළ නොහැකි විය. තම රජතුමන්ගේ ජීවිතය ගලවා ගැනීම සඳහා රටේම දරුවකු බිල්ලට යෑවීමට සිදුවීම ගැන වැසියෝ කම්පා වූහ. එහෙත් රජ අණට කෙසේ පටහැනි වන්ටද? ඒ නිසාම සමහරු නිවෙස්‌ ද හැර වෙනත් පළාත්වලට පළා ගියහ. කිසිවක්‌ කර ගත නොහැකි වූ අය පමණක්‌ එහි රැඳී සිටියහ. කාලය මෙලෙස ගෙවී ගියේය. මුළු රාජ්‍යයේම සිටි සියලුම දරුවන්ද බිළි පිණිස යවා නිම විය. එතැනදී රාජපුරුෂයෙක්‌ මෙසේ කියති. "දේවයන් වහන්ස, දැන් ඔබ වහන්සේගේ රාජ්‍යයෙහි සිටි සියලුම දරුවෝ අවසන්ව සිටිති. හෙට උදෑසන යක්‌ෂයා වෙත රැගෙන යා යුත්තේ ඔබ වහන්සේගේ ප්‍රිය පුත් කුමරාය. වෙන කළ යුතු දෙයක්‌ අපි නොදනිමු. රාජපුරුෂයන්ගේ වදන් ඇසූ රජු මහත් සේ කැළමිණි. ඔහුට කෙළින් සිටගත නොහැකි විය. දෑස්‌ ඉදිsරිපිට ආලවක යක්‌ෂයාගේ රුදුරු විලාසය මැවුණි. ඔහුගේ බියකරු තර්ජනය ඇසුණි. තවත් දවසක්‌ හෝ දිවි රැකගත යුතු මගක්‌ කල්පනා කරන්නටද විය. එහෙත් කිසිවක්‌ සිතට නො එයි. ඔහු අසිහියෙන් මෙන් මාළිගාවේ ඔබ මොබ යන්නට විය. මරණ බය වැඩි වැඩියෙන් දැනෙන්නට ද විය. යළි වහාම රාජපුරුෂයන් කැඳවූ හේ මෙලෙස කීවේය. "ම විසින් මගේ රාජ්‍යයෙහි සිටි සියලුම දරුවන් යක්‌ෂයා වෙතටම යවන ලද්දෙමි. දැන් මගේ පුතුගේ වාරයද පැමිණ තිබේ. යම්හෙයකින් ම පුතු ඔවුන් වෙත බිළි පිණිස නොයවන්නේ නම් ඒකාන්තයෙන්ම මගේ ජීවිතයද අවසන් වන්නේය. එසේ වුවහොත් නපුරකි. වහාම ශ්‍රී යහන් ගබඩාවට ගොස්‌ ම පුත් කුමරුන් රැගෙන ඔවුන්ට ලබා දෙනු" රාජපුරුෂයෝ ඒ අසා යහපතකැයි පවසා එදා රාත්‍රිය නින්දට ගියහ. එහෙත් රජුට නම් නින්දක්‌ නැත. දේවිය හැඬූ කඳුලෙන්ය. සිය පුතු යක්‍ෂයාට බිළි නොදෙන ලෙස ඕ අප්‍රමාණව ඇවිටිලි කළාය. "මේ මොන විපක්‌ද? ඔබ වැනි සිත් පිත් නොමැති පියවරු තව සිටිත්දැ"යි දොස්‌ නගන්නට ද වූවාය. එහෙත් රජු ළදැඩියකු සේම සිටියේ වෙනත් කළ හැකි දෙයක්‌ නොවූ හෙයිනි. මේ සියලු සිදුවීම් බුදුහු පෙර දිනයේ අලුයම ලොව බලද්දී දිව ඇසින් දැක සිටියහ. ආලවක යක්‌ අධිපතියා මෙන්ම නර බිළි සඳහා රැගෙන එන කුමරුන්ද හේතු සම්පත් සහිත බව උන් වහන්සේ වේලාසනින්ම දැක ගත්හ. බුදුන් වහන්සේ පෙර දින සන්ධ්‍යාවෙහිම තිස්‌ යොදුන් දුර එක්‌ සැණින් ගෙවා අලව් නුවරට වැඩ ආලවක භවන අබියස නිශ්ශබ්දව වැඩි සිටියහ. ආලවක යක්‌ අධිපතියන්ගේ මන්දිරය වටා පවුරක්‌ බැඳ තිබිණි. එහි වටා මුරකාවල්ය. ප්‍රධාන දොරටුව ඉදිරිපිට පමණක්‌ රැකවලෙක්‌ විය. හේ නමින් ගද්‍රභය. විය. ගද්‍රභ ආලවකයනගේ හිතවත්ම සේවකයකු විය. ඔහු දැඩි ස්‌වාමි භක්‌තියකින්ද යුතුය. ආලවක භවන රාත්‍රිය කාලය මුළුල්ලේම අඳුරේම වෙයි. ඇතුළේ පන්දමක්‌ හෝ දැල්වෙන්නේ විශේෂම අවස්‌ථාවකදී පමණි. එහෙත් එම භවනට ඇතුල්වන ප්‍රධාන දොරටුව අසල නම් ගිනිමැලයක්‌ ගැසීමේ සිරිතක්‌ විය. ගිනිමැලය ගැසුවේ සොර බියකින් නොව වෙනත් වන සතු=න්ගෙන් හා උරගාදීගෙන් විය හැකි අනතුරු වළක්‌වාලීමටය. මේ දිනයේදීත් අඳුර වැටී ස්‌වල්ප වේලාවක්‌ ගෙවිණි. ගද්‍රභ ගිනිමැලය දැල්වීමට එන්නේ ඒ භවන ඉදිරිපිට වැඩ සිටින බුදුන් වහ න්සේ දුටුවේය. එහෙත් ඒ බුදුන්යෑයි ගද්‍රභට වැටහීමක්‌ නැත. ඔහුට එක්‌ වරටම පසක්‌ වූයේ සිය යක්‌ අධිපති භවන අබියස සිටින්නේ සාමාන්‍ය කෙනෙක්‌ විය නොහැකි බවය. ගද්‍රභ බුදුන් වහන්සේ සමීපයටම පැමිණ මෙසේ කීවේය. මම ඔබ කවරෙක්‌දැයි නොදනිමි. ඔබ වහන්සේගේ සිරුර රන්වන්ය. දෙනෙත් කාන්තිමත්ය. හාත්පස අන්ධකාරය දුරලමින් ප්‍රභාමත් රැස්‌ වළල්ලක්‌ විහිඳ යන්නේය. එහෙත් ඔබ වැනි සියුම්. පැහැපත් සිරුරැති, ප්‍රසන්න ඉඳුරන් ඇති කෙනෙක්‌ මේ අසලටවත් නොආ යුත්තේය. මෙම භවනට අධිපති මහා හිත්පිත් නැති යක්‍ෂයෙකි. ඔවුන්ගේ කුරිරු බව දන්නා මෙනුවර කිසිවෙක්‌ රාත්‍රියට තබා දහවල් කාලයටවත් මේ අසලකට හෝ නොඑති. වහා මෙතැනින් ඉවත් වන්න. තවද මගේ ස්‌වාමියා මිනීමස්‌ බුදින යක්‍ෂයෙකි. ඔවුන් තුළ ළතෙත් බවක්‌ නැත්තේමය. බුදුහු එය අසා සිටියත් මුවින් එකම වදනක්‌ හෝ පිට නොකළහ. අඩුම තරමින් තමන් වහන්සේ බුදුන් බව හෝ නොකීසේක. අනතුරුව ඔහු අමතා මෙසේ වදාළහ. ගද්‍රභ, ඔබට බරක්‌ නොවන්නෙහි නම් මට අද රාත්‍රිය මෙහි ගෙවීමට ඉඩ දුන මැනවි. නමින්ම තමන් අමතන ශ්‍රමණයන් පිළිබඳව ඔහුට ඇතිවූයේ දැඩි කුතුහලයකි. මෙබඳු ශ්‍රමණයන් වහන්සේ නමක්‌ තමන් කිසිම දිනක දැක නැති බවද ඔහුට සහතිකය. එහෙත් දිගු කලක්‌ මුළුල්ලේ දන්නා හඳුනන අයෙක්‌ සේ තම නම කියන්නට තරම් ශ්‍රමණයන්ට හැකිවීම ගැන ඔහු තුළ සතුටක්‌ද නැගුණි. මට කිසිදිනක ඔබ වැනි ශ්‍රමණ කෙනෙක්‌ හමුවූ බවක්‌ නම් මතක නැත. එහෙත් ඔබගේ ඇමතුමද වදන්ද මට බෙහෙවින් ම සමීපය. ඒ නිසාම මම මෙසේ කියන්නෙමි. මේ භවන ඔබට රැය ගත කිරීමට තරම් තැනක්‌ නම් නොවේ. මෙය විස භවනකි. වහාම ඒ අදහස අත්හැර හැකි ඉක්‌මනින්ම පිටව යනු යෙහෙකි. ඔව්හු යහපත අයහපත නොසළකන්නෝය. යුක්‌තිය නොතකන්නෝය. දැඩිය. රළුය. ප්‍රචණ්‌ඩය. ඔබගේ මෘදු ගුණය , සෞම්‍ය බව ඔහු වැනි ළදැඩියකු කෙසේ හඳුනා ගන්නෙහිද? ඔබ යම් විපතක වැටීම මා සිතටද දැඩි දුකක්‌මය. තවම අඳුර වැටෙමින් තිබේ. මම මේ වන ලැහැබින් එතෙරව යැමට මග පෙන්වීමටද එන්නෙමි. මා කියන බස්‌ ඇදහුව මැනවි. බුදුහු භද්‍රයන්ගේ පහන් සිත දුටහ. එහෙත් ඔවුන්ට කිසිවක්‌ම නොවදාළේ ඉතින් ඔබට බරක්‌ නොවන්නේ නම් මමඅද රෑ මෙහි රැඳෙමි. මට සිදුවිය හැකි විපතක්‌ නැත. මම සියලු තතු දැන දැනම ඔබගේ යක්‍ෂාධිපතිගේ අභිවෘද්ධිය සඳහාම පැමිණියෙක්‌මියි වදාළේය. ගද්‍රභයන්ට එවර කිසිවක්‌ කීමට තරම් සිතක්‌ නොවීය. මන්ද යත් බුදුවරයෙක්‌ එලෙස කරන අයෑදුමක්‌ කිසිවකුට පිටු දැකිය නොහැකි හෙයිනි. ගද්‍රභ බුදුන් වහන්සේට ඉඩ දී පසෙකට විය. එහෙත් ඔහුගේ සිත ගිනි ගති. කුමක්‌ කරම් දැයි සිතාගත නොහැකි තරමට ම සිත ව්‍යාකූල විය. "අහෝ මා මෙතරම් කරුණු කියද්දීත් මේ ශ්‍රමණයෝ ඒ කිසිවක්‌ බැරෑරුම් සේ නොදකිති. මෙහි කිසියම් අබිරහසක්‌ විය හැකිය. ඒ කුමක්‌ වුවද මවිසින් මගේ ස්‌වාමියන් මෙහි පැමිණීමට පෙර මේ සියලු තතු ඔහුට දන්වන්නේ නම් මා රැකෙයි. නොඑසේ නම් මටද විපතකි. ගද්‍රභ බුදුහු කුමක්‌ කරත්දැයි යක්‌ භවන තුළට ගොස්‌ බැලුවේය. බුදුන් වහන්සේ කිසිදු චකිතයකින් තොරව ආලවකගේ සුවපහසු අසුනෙහිම හිඳ ගෙන සිටින අයුරු දුටු හේ තවත් කැළඹීමට පත්විය. අද නම් මහා විපතක්‌ සිදු නොවුවහොත් පුදුමයකි. ඔහු කල්පනා කළේය. අවිනිශ්චිත හැඟීමෙන් යළි පිටතට පැමිණි ගද්‍රභ එක පිම්මේ ආලවකයන් වෙත දුවන්ට විය. ඒ වනවිට ඔවුන් සිsටියේ නුදුරු තැනක යක්‌ සමාගමක්‌ ඇමතීමට ගොසින්ය. තම සේවකයා කලබලයෙන් එන අයුරු ඔහු දුරදීම දුටුවේය. රැස්‌ව සිටි පිරිස ද කුහුලින් මෙන් බලන්ට වූහ. ආලවක සිතන්නේ ඒකාන්තයෙන්ම කිසියම් සතුරු ආක්‍රමණයක්‌ සිදුවී ඇති බවය. ඔහු ගද්‍රභ ඒමටත් පෙර ශාලාවෙන් පිට විය. "මොකද බොල.. තොප...... සිහි විකල්ව මෙන් මෙසේ ඒමට හේතුව. ගද්‍රභ තවත් බිය විය. ඔහුගේ මුවට වචන ආවේද හෙමින් ය. තව මොහොතකින් තම ස්‌වාමියා ප්‍රචණ්‌ඩ වන අයුරුද ඔහුට සිහි විය. ඔහු හිතට දිරි ගෙන සිද්ධිය විස්‌තර කරන්නට විය. "උතුමාණනි, ගැත්තාට අනුකම්පා කළ මැනවි. මේ මගේ දොසකින් වූ දෙයක්‌ ද නොවේ. මම මගේ ශක්‌ති පමණින් එය වළක්‌වා ලීමට උත්සාහ කළෙමි. එහෙත් මට එයට ඉඩ නොලැබුණි. ආලවකගේ ඉවසුම නැති විය. තම සේවකයා කුමක්‌ කියන්නේ දැයි දැන ගැනීමේ කුහුල අභිබවා ඔහුගේ සිත ගිනියම් වනබව ඔහුටම දැනුණි. හේ යළිත් ගද්‍රභාට කඩාපැන්නේය. කියව....... කියව...... මට සිදු වූ දේ කුමක්‌දැයි විගස කියව. ආලවකගේ ගිගුරුම් හඬ අවට ගිගුම් දෙන්නටද විය. "ඔබතුමාගේ වාස භවනට කෙනෙක්‌ ඇතුල් වූවා. හෙතෙම දැන් ඔබතුමාගේ අසුන මත වාඩි වී සිටිනවා. මා දුටුවේ එපමණයි. මට සියල්ල අමතක උනා. මා එක පිම්මේ මෙතැනට දුවගෙන ආවා. ආලවකගේ මුවින් පිට වූයේ වචන නොව ගිනි සැරය. හෙණ පුපුරන්නාක්‌ මෙන් ඝෝෂාවක්‌ විනා කිසිවක්‌ පැහැදිලිව වටහා ගන්ට කිසිවකුට හෝ නොහැකි විය. ඔහුගේ දෙනෙත් ගිනි පුළිඟු සේ දිලුණි. ඔහු එක්‌ අතකින් සිය දිගු හිස කෙස්‌ අදින්ටද විය. දැන් නම් ඔහුගේ පෙනුම රුදුරු යක්‌ පෙනුමකි. ඒදසුන දෙනෙතින් එක එල්ලේ බැලීමට තරම් බිහිසුණු එකකි. යක්‍ෂ සමාගමේ සිටි අයෙක්‌ ඔහු අසලට පැමිණ ඔහු අස්‌වසාලීමට වෑයම් කළේය. ඔහුගේ උත්සාහය පිළිගත්තේ ආලවකගේ පා පහරකින් ය. ඔහු යන්තම් ගැලවිණි. සියලු දෙනාම විස්‌මයට පත්ව බලා සිටියහ. ආලවකයෝ විදුලියක්‌ සේ මගට බැස වාත වේගයෙන් ඉගිලී යන අයුරු සියල්ලෝම බලා සිටියහ. ගද්‍රභයා ද භයින් ත්‍රස්‌තව ඔහු පසු පසින්ම දුවන්ට විය. ආලවකට ඔහුගේම දැස්‌ අදහා ගත නොහැකි විය. කිසිදු චකිතයකින් තොරව වාස භවනට ඇතුල් වී තමන්ගේ අසුනෙහිම අසුන් ගෙන සිටින අය කවරෙක්‌දැයි බැලීමට තරම්වත් ඔහුට ඉවසුම් නැති විය. බුදුහු ඔහු එන මග දුටු නමුත් ඒ බව නොදන්නා සේ එහි වැඩ උන්හ. බුදුන් ඉදිරිපිට ආලවක භවනෙහි සිටි පරිවාර ස්‌ත්‍රීහුද වෙනත් ලියෝද වාඩි වී සිටියහ. එය ඔවුන් තවත් කුපිsත කරවන දසුනක්‌ ම විය. ආලවකයෝ ගුගුරමින් ම ඇතුල් වන අයුරු එහි සිටි ලියෝ බියෙන් මෙන් දුටුවෝය. එහෙත් ඔවුන් තුළ සුළු හෝ කුකුසක්‌ නම් නොවීය. ඒ වනවිට ඔව්හු බුදුන් සරණ ගොස්‌ සිටියහ. ආලවක තෙමේ කිසිදු ගරු සරුවක්‌ නොදක්‌වාම "මහණ පිටවනු" යි ගුගුළේය. බුදුන් වහන්සේ ඉතා සන්සුන්ව ඔහුට කීකරු වූ සේක. බුදුන් පිටතට වඩින අයුරු දුටු ආලවකයා, යළිත් උන්වහන්සේට "මහණ ඇතුළට යව"යි කීවේය. බුදුහු එයටද කීකරු වූහ. මෙසේ ආලවකයා තුන්වරක්‌ම බුදුන් වහන්සේට ඇතුල්වීමට හා පිටව යැමට කළ විධානයට කීකරු වීම නිසා ඔවුන් සිතුවේ රාත්‍රිය ගෙවී යන තුරුම එලෙස සක්‌මන් කරවා බුදුන් වෙහෙස කරවීමට ය. ආලවක යළිත් වරක්‌ "මහණ පිට වෙනු" යි කීවේය. එවෙලේ බුදුහු මෙසේ වදාළහ. ආලවකය, මම පිට නොවෙමි. ඔබට හැකි දෙයක්‌ කරන්න.... ඒ වදන් ඇසූ ආලවක වඩාත් කුපින විය. ඔහුගේ විලාසය යළිත් ප්‍රචණ්‌ඩ විය. "එම්බා මහණ. ඔබමගේ භවනට අනවසරයෙන් කඩා වැදුණෙහිය. ඒ මා කවරෙක්‌ දැයි නොදැනය. මම ආලවක නම් යක්‍ෂාධිපති වන්නෙමි. මගේ නම අසන බලසම්පන්න රජවරුද, සැළෙති. මම කවරෙක්‌දැයි දැන් ඔබටම බලාගත හැකිය ආලවක තෙමේ බුදුන් වහන්සේ දෙසට පනින්ට වෑයම් කළේය. එහෙත් ඔහුට සිරුර අවනත නොවීය. හේ යළිත් මුළු වෙරදමා පනින්ට වෑයම් කළේය. එහෙත් පලක්‌ නොවීය. ඔහුට කිසිවක්‌ සිතා ගත නොහැකි විය. සිතට බියක්‌ ද ඇතුල් විය. එහෙත් ඒ බවක්‌ නොහඟවා මෙසේ කීය. ‘අහා ....එහෙමද ශ්‍රමණය ....හොඳයි මම බලාගන්නම්..මම තොපගෙන් ප්‍රශ්ණ කීපයක් විමසන්නෙමි. තොපට එම ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි වුවහොත් මම තොපගේ සිත අවුල් කරන්නෙමි.....හදවත පලා දමන්නෙමි...දෙපා වලින් ගෙන පර සක්වලට විසි කරන්නෙමි... ’’ ආලවකය....,දෙවියන්, මරුන්, බඹුන්, මිනිසුන් ශ්‍රමණ, බ්‍රාහ්මණයන් සහිත මේ තුන් ලෝකයෙහිම යම් කිසිවකු මගේ සිත අවුල් කිරීමට සමත් වේද, හෘදය වස්තුව පලා දමන්නට සමත් වේද, මගේ දෙපා වලින් ගෙන මුහුදින් එතරට දමන්නට සමත් වේද, එවැනි සමතකු මම නොදකින්නෙමි. ආලවකය. යක්‌කු මට යක්‌කු නොවෙති. දැඩියෝ මට දැඩියෝ නොවෙති. මම මේ සංසාර නමැති සංග්‍රාභූමියේ එකලාව අප්‍රමාණව ගමන් කළෙමි. මට සතුරෝද වූහ. මිතුරෝ ද වූහ. මට දිරි දුන් අයද වූහ. මට බාධා කළ අයද වූහ. දැන් මා බල මඩනු කිසිවකුට නොහැක්‌කේය. දෙව්, බඹ, සුර, අසුර සියල්ලෝ මා බල ද ගුණද දන්නෝය. මෙලොව සිටින රුදුරු මරුවා මා සමග සටනට පැමිණියේ දස බිම්බරක්‌ සෙනඟ ද සමඟය. ඒ සටන නිරායුධ මම ජය ලදිමි. ලෙහෙ බිඳක්‌ නොසෙල්විණි. දෙව් බඹහු සාධුකාර දුන්හ. මහපොළව කම්පා විය. ඒ අසමසම බුදු ගුණයටය. එසේ හෙයින් ආලවකය නුඹට මගේ රෝම කූපයකට තරම් හානියක්‌ කළ නොහැක්‌කේය. මම ප්‍රාණඝාතනය ඇතුළු සියලු අකුසල දුරු කළෙමි. මම කිසිදු ලෞකික සුවයක නොගිලුනෙමි. සියලු බැඳීම් බිඳ දැමීම්. සියලු සත්ත්වයන්ට මම දයාර්ද්‍ර වෙමි. උන්ගේ භව දුකට පිහිට වෙමි. මාගේ ඒ ධර්ම චාරිකාවේදී මා වෙතින් සහන ලද්දෝ අපමණය. රජ, සිටු, බමුණු ආදීහු ද මා කෙරේ පැහැද සසර කෙටි කර ගත්හ. එවන් ගුණ, නැණ බලැති මම ලොව්තුරා බුද්ධ නම් වන්නෙමි. ආලවකය.....තොපගේ වහසි බස් දෙඩවීම පසෙකලා යමක් ඇසීමට ඇත්නම් එය වහා අසනු....’’ හොඳයි මම අසන්නෙමි...සාවධානව අසා ගනු....ශ්‍රවණය, මේ ලෝකයෙහි මිනිසුන්ට කවර නම් වස්තුවක් ශ්‍රේෂ්ඨ වේද...? කියව ....කියව....තොප පිළිතුරු දිය හැකි බවට වහසි බස් දෙඩෙව්වෙහිය’’පින්වත් යක්ෂය....,මේ ලෝකයෙහි පුරුෂයකුට ශ්‍රේෂ්ඨ වන්නේ ශ්‍රද්ධාවයි. මිනිසකු බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් කෙරෙහි තිබිය යුතු විශ්වාසය ශ්‍රද්ධාව වශයෙන් හදුන්වනවා. ආර්යයන් මාර්ගඵල කෙරෙහි ඇති කැර ගන්නා ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාව වශයෙන් හදුන්වනවා. ‘හොඳයි ශ්‍රමණය, දෙවන ප්‍රශ්නය තොපගෙන් අසමි...පුරුදු පුහුණු කරන ලද කවර ධර්මයක් සැප ලබා දෙයිද....? ආලවකය....,, මේ ලෝකයෙහි කුසල් - අකුසල් යනුවෙන් දෙවර්ගයක් ඇත. අකුසල් නිසා හට ගන්නේ දුකක්මය. එබැවින් මැනවින් පුරුදු කරන ලද කුසල කර්මයක්ම සැප ලබා දෙයි..’ ‘ශ්‍රමණය , මේ ලෝකයෙහි නොයෙක් රස වර්ග ඇත. ඒ සියලු රස වර්ග අතුරෙන් කවර නම් රසයක් අතිශයින්ම උසස් වේද...ශ්‍රමණය තොප පිළිතුරු දී ගත නොහැකිව පැකිලෙන්නේද....? ‘නැත...නැත... ආලවකය....,, කෙසේවත් මම නොපැකිලෙමි...මෙලොව පවත්නා රසයන් අතුරෙන් උතුම්ම රසය මම ඔබට පහදා දෙමි.එය නෙම් සත්‍ය රසයම වේ. “ශ්‍රමණය, ඔබ එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නත්, මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට නම් තොපට හැකි වේය’යි මම නොසිතමි. මෙලොව ජීවත් වන්නවුන්ගේ කවර නම් ජීවිතය ශ්‍රේෂ්ඨ වන්නේද? පින්වත් ආලවකය....,, යමෙක් ප්‍රඥාවෙන් ජීවත් වන්නෙහි නම් එයම ශ්‍රේෂ්ඨ වෙයි. යක්ෂය...ලෞකික වශයෙන් දැන උගත්කම් දියුණු කැර ගැනීමත්, ශ්‍රෘතමය ඤාණයෙන් පටන්ගෙන සර්වඥතා ඤාණය ලබා ගැනීම දක්වාත් ප්‍රඥාව දියුණු කර ගත හැකියි. ප්‍රඥාව නැති පුද්ගලයා වනාන්තරයක සිටින අන්ධභාවයට පත් හස්ථියකු හා සමානයි. නිවැරදි ස්ථානයට නිවැරදි අයුරින් ගමන් කිරීමට ඔහුට නොහැකියි. ‘හොඳයි ශ්‍රමණය, මම අනෙක් ප්‍රශ්න කිහිපය අසන්නෙමි. කෙසේ නම් සත්ත්වයා චතුර් ඕඝය තරණය කරන්නේද..කෙසේ නම් දුකින් නිදහස් වේද කෙසේ නම් සත්ත්ව තෙමේ පිරිසුදු භාවයට පත් වේද...? ‘ආලවකය....,, තොප විමසන කාම ඕඝ, දිට්ඨි ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ කියන සැඩ පහරවල් සතර තරණය කිරීමට නම්, ශ්‍රද්ධාව තිබිය යුතුයි. සංසාර සාගරය තරණය කිරීමට නම්, අප්‍රමාදය හෙවත් යහපත් සිහිය පැවතිය යුතුයි. සියලු සංස්කාර ධර්මයෝ වෙනස් වන සුළුයි. මේ බව සළකා මනා සිහියෙන් යුතුව කටයුතු කළ යුතුයි. දුක් වලින් නිදහස් වීමට නම් වීර්යය තිබිය යුතුයි. මෙය සම්මාවායාම කියලත් හැඳින්විය හැකියි. එනම් යහපත් කටයුතු සඳහා ඇති වීර්යයයි. අකුසල් වලින් දුරුවීමටත්, නැවත කිසි දිනක අකුසල් නොකිරීමටත්, කරන කුසල් වැඩි දියුණු කැර ගැනීමටත්, අලුතින් කුසල් කිරීමටත් , නරක දේවල් අත් හැර දැමීමටත් ගන්නා උත්සාහයයි. පින්වත් ශ්‍රමණයනි, මම ඔබ විමසමි. කෙසේ නම් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබයිද...කෙසේ නම් ධනය ලබයිද....? කෙසේ නම් කීර්තිය ලබයිද?...කෙසේ නම් මිත්‍රයෝ ලබයිද....? කෙසේ නම් මෙලොව පරලොව ප්‍රතිසන්ධිය ලබා ශෝක නොකරයිද.....? ඔබට මේ ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු දීගත හැකි වනු ඇතැයි මම නොසිතමි. පින්වත් යක්ෂ සේනාධිපතිය, ඔබට මම පිළිතුරු දෙමි....නුවණ ඇති අප්‍රමාදී මිනිසුන් ආර්යයන් වහන්සේලාගේ් ධර්මය ශ්‍රවණය කරති. එම ධර්ම ශ්‍රවණය හේතු කොට ගෙන නිර්වාණයට පැමිණීම පිණිස ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබයි. මාර්ග ඵල ලැබීමට හේතු වන චෛතසික වීර්යය තිබෙන කායික වීර්යය තිබෙන මිනිසුන් ලෞකික මෙන්ම ලෝකෝත්තර ධනය ලබා ගනිති. සත්‍ය වචන කථා කැරෙන නිසා කීර්තියට පැමිණෙති. එසේම දීමෙහි කැමැති පුද්ගලයෝ මිත්‍රයන් ලබති. පරලොව ශෝක නොකරන පුද්ගලයන් පිළිබඳව ද ඔබ ප්‍රශ්න කළා නේද..? එයට ද පිළිතුරු දෙමි. යම් කිසිවකු ශ්‍රද්ධාව ඇත්නම්, සත්‍යයක්, ඉන්ද්‍රිය දමනයත් , ත්‍යාගයක් යන ධර්ම සතර ඇත්නම් හෙතෙම පරලොව දී ඒකාන්තයෙන්මැ ශෝක නොකරයි.’ එසේම පින්වත, සත්‍යයට වඩා කීර්තිය ලබා දෙන, ඉන්ද්‍රිය දමනයට වඩා ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබා දෙන, පරිත්‍යාගයට වඩා මිත්‍රයන් ලබා දෙන , ශාන්තියට වඩා ලෞකික ලෝකෝත්තර ධනය ලබා දෙන වෙනත් කිසිවක් නැත. එවැන්නක් ඇතැයි ඔබට හැගෙන්නේ නම්, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයකුගෙන් විමසව‘. ‘අවශ්‍ය නැත ස්වාමීනි, ප්‍රඥාව ආදියට හේතු වන කරුණුත් පරලොව ශෝක නොකිරීමට හේතු වන කරුණුත්, සියල්ල අද පටන් මම දැන ගතිමි. ඔබ වහන්සේ ඒකාන්තයෙන්මැ මටම හිත වැඩ පිණිස මෙම අලව් නුවර මගේ භවනයට වැඩම කළාහු ය. එසේම දීමෙහි මහත්ඵල මහා ආනිසංස මම අද වටහා ගතිමි....ස්වාමීනි, මම අද පටන් බුද්ධ , ධම්ම, සංඝ යන තෙරුවන් ගුණ ගයමින් ගමින් ගමට , නගරයෙන් නගරයට යන්නෙමි.....භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ දෙසුම ඉතා යහපත්ය. මුනින් තබන ලද බඳුනක් උඩුකුරු කළ අයුරින්, වැසී තිබුණ යමක් විවර කළ අයුරින්, මං මුලාවූවෙකුට මග පෙන්වූ අයුරින්, අඳුරෙහි සිටියකුට ආලෝකයක් ලබා දුන් අයුරින් ඔබ වහන්සේ විසින් ධර්මය දැක්වූහ. අද පටන් මම දිවිහිමි කොටැ තෙරුවන් සරණ යන්නෙමි...මා තෙරුවන් සරණ ගිය උපාසකයකු වශයෙන් සළකනු මැනවි ස්වාමීනි....සාදු....සාදු.....සාදු.... බුදුන් වහන්සේ විසින් තම ප්‍රශ්නවලට දෙන ලද පිළිතුරු මෙන්ම ඒවා විග්‍රහ කළ ආකාරයද ආලවකගේ සිත් පහන් කිරීමට හේතු විය. මේ වනවිට රැය පහන්වෙමින් තිබිණි. අලුත් දවසක උදාව සිහි කරමින් සියොතුන්ගේ ගී නද ඇසන්නටද විය. තවත් මොහොතක්‌ ගත වෙද්දීම ආලවක භවනට පිරිසක්‌ ඇතුල් වන බව ඔහු දුටුවේය. ඒ තමන්ගේ දෛනික මිනිස්‌ බිල්ල රැගෙන එන රාජපුරුෂයන් බව එකෙණෙහිම ඔහුට සිහිපත් විය. ඔහුගේ සිතට සියුම් ලැඡ්ජාවක්‌ ද දැනුණි. ඔහු යළිත් බුදුන් වහන්සේට නමස්‌කාර කර නැඟී සිටියේය. රාජපුරුෂයෝ අන්ද මන්දව බලා සිටියහ. ඔවුන්ට කිසිවක්‌ වටහා ගත නොහැකි විය. හිරු රැසින් ආලවක භවනද දීප්තිමත් වෙමින් තිබුණි. විමසිල්ලෙන් ඇතුළ බැලූ රාජපුරුෂයන්ට දැක ගත හැකි වූයේ බුදුන් වහන්සේ හා බිම වාඩි වී සිටි කාන්තාවන් පිරිසකි. තවත් මොහොතක්‌ ගත විය. රාජපුරුෂයෙක්‌ ඉදිරියට පැමිණ ආලවකයාට සුපුරුදු ලෙස නරබිල්ල පිදුවේය. හේ මහත් ආදරයෙන් මෙන් රජකුමරා දැතින්ම ගත්තේය. බුදුහු මෙත් සිතින්ම එදෙස බලා සිටියහ. ලියක්‌ නැඟිට, කුමාරයා අතට ගත්තේ ඉනික්‌බිතිවය. එවේලෙහි එහි සිටි අය අතින් අතට කුමරු මාරු වී ගියේය. මේ වෙලෙහි සිහිවිකල්ව මෙන් තවත් ලියක්‌ එතැනට දිව ආවාය. ඒ එකුමරුන්ගේ මව වූ රජ බිසවය. ඇය විකල් සිහියෙන් මෙන් පුතු ගැන විමසා විලාප නැඟුවාය. එසඳ බුදුහු ඇය අස්‌වසා කුමරුන් නිරුපද්‍රිතව සිටින වග දැන්වූහ. ඇගේ සතුට ද නිම්හිම් නොවීය. බුදුන් වහන්සේ සියලු දෙනාටම දහම් දෙසූහ. සියලු දුක්‌ දොම්නස්‌ දුරු විය. ආලවක යක්‌ තෙමේ සෝවාන් බවට පත්ව සිටියේය. කුමරුන්ට හත්ථාලවක යන නමද ආදේශ විය. ඒ අතින් අතට ගිය හෙයිනි. බුදුහු පෙරළා ජේතවනාරාමයට වැඩියහ.







    ගිරිමානන්ද සූත්‍රය


ගිරිමානන්ද පිරිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ දෙවන පණ්ණාසකයේ සචිත්ත වග්ගයේ 10 වන සූත්‍රයයි. ඉන් උපුටාගත් මෙම සූත්‍රය චතුභාණ්වාර පාලි ( මහා පිරුවාණා පොත් වහන්සේ ගේ හෙවත් ) මහ පිරිත් පොතෙහි ඇතුළත් කර ඇත. රෝග සංසිඳවීම සඳහා දේශනා කරන ලද බොජ්ක්‍ධංග ධර්මත් සමග මෙම සූත්‍රයද රෝග ශාන්ති කර්මයක් ලෙස ගිනිය හැක.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසනා කාලයෙහි ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේ රෝගී වූහ. ආනන්ද හාමුදුරුවෝ ඒ බව බුදුරජාණන් වහන්සේට දන්වා රජගහ නුවර ගිජුකුළු පව්වට වැඩම වන්නේ නම් යහපතැයි ආරාධනා කළහ. එහිදී බුදුහු ආනන්ද දස සංඥා ඇසීමෙන් ගිරිමානන්ද භික්ෂුවට ඒ වැළදී ඇති රෝගාබාධ ඒ මොහොතේම සුව වෙයි.

ඔබ ගොස් දස සංඥා කියන්නැයි බුදුහු ආනන්ද හාමුදුරුවන්ට දස සංඥා වදාළ සේක. උත්පත්ති ජරා වෙනස්වීම් ඇති නිසා පංචස්කන්ධය අනිත්‍යය. ඇස කණ ආදී අභ්‍යන්තර ආයතන නිතර පීඩාවන්ට ගොදුරුවන බැවින් දුක්ඛය රූපාදී බාහිර ආයතන සයද වසඟයෙහි පවත්වා ගත නොහැකි ස්වරූප ඇති නිසා අනාත්මය. මේ ශරීරය පතුල සමින් උඩ හිස කෙසින් යට සමින් වැසුණු පරිමාවේ ඇතුළත් කෙස් ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුලු, වකුගඩු, හෘදය, අක්මාව, දළබුව, බඩදිව, පපු අතුණු, අතුණු බහන්, අමු ආහාර, පැසුණු ආහාර, පින්, සෙම්, පුයා ලේ, ඩහදිය, මේදතෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, මුකුණු, සදම්ඳුලු, මුත්‍ර යන කොටස් දෙතිස සලකමින් අසුභ සංඥා දැනගන්න.

ආනන්ද මෙසේ ශරීරයේ දුක් බොහෝය. බොහෝ ආදීනවය බොහෝ රෝගය, ඇස් ලෙඩ, කන් ලෙඩ, නාසික ලෙඩ, දිවේ ලෙඩ, ශරීරයේ ලෙඩ, හිසේ ලෙඩ, කන්තල ලෙඩ, කටේ ලෙඩ, දත් ලෙඩ, කාසය, ශ්වාසය, පීනස, දැවිල්ල, උණ උදර ලෙඩ, සිහිය නැතිවීම, අතීසාරය, ඉඳිමීම, මහ අතීසාරය, කුෂ්ටය, ගණ්ඩය, කබර, ක්ෂයය, අපස්මාරය, දදය, කැසිල්ලය, නියපහර වැදුන තැන ලෙඩය, මහා කුෂ්ටය, රත් පිතය, මධුමේහය, අංශභාගය, පිළිකාය, භගන්දරාය, පිත් සෙම් වාත තුන් දොස් සෘතු විපර්යාසයෙන්, විෂම පැවැතුමෙන්, අන්‍ය උපක්‍රමයෙන්, කර්ම දෝෂයෙන් සීත උෂ්ණ බඩගිනි පිපාසය, මලය මුත්‍රය යන මේ කරුණුවලින් හටගන්නා වූ ලෙඩය ආදී වසයෙන් මේ ශරීරයෙහි බොහෝ රෝග හටගන්නේය.

ඒ බව සලකා ආදීනව සංඥාව දැන ගන්න. ආනන්ද කාමාදී විතර්ක නොඉවසීම අත හැරීම, දුරු කිරීම, නැති කිරීම අභාවයට යැවීම ආදී කරුණු ප්‍රහාණ සංඥාව බව දැන ගන්න. එසේම ආනන්ද සංස්කාරයන් සංසිඳවීම, දුරලීම, තෘෂ්ණාව නැති කිරිමාදිය විරාග සංඥා ලෙස දැන ගන්න. තවද ආනන්ද ඒ සංස්කාරයන් සංසිඳවීම කෙලෙස් දුරු කිරීම තෘෂ්ණාව නැතිකිරීම නිරෝධ සංඥා බව දැන ගන්න.

ආනන්ද මේ පංචස්කන්ධය පිළිබඳ දැඩිසේ නොඇලීමක් වේද කෙලෙස් දුරු කිරීමක් වේද එය සබ්බලෝක අනභිරත සංඥා ලෙස දැනගන්න. ආනන්ද, නාම රූප ධර්ම පිළිබඳ පීඩාවට පත්වේද? ලජ්ජාවේද? පිළිකුල්වේද? එය සබ්බ සංඛරේසු අනිච්ච සංඥා බව දැන ගන්න. ආනන්ද සිහියෙන් හුස්ම ගැනීම, හුස්ම හෙළීම, දිගට හුස්ම ගැනීම, දිගට හුස්ම හෙළීම් ආදී වසයෙන් සිහියෙන් යුතුව ආශ්වාස ප්‍රශ්වාස හැසිරවීම ආනාපාන සතිය ලෙස දැනගන්න.

එම නිසා ආනන්ද ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස් මෙකී දස සංඥාව කියා දෙන්න. ආයුෂ්මත් ගිරිමානන්ද භික්ෂුන් වහන්සේ එය අසා සුවය ලත් සේක. පහවු රෝග ඇති වූ සේක. රෝගී බවින් මිදුන සේක, සංසිඳුන රෝග ඇතිවූ සේක. මේ ගිරිමානන්ද සූත්‍රයේ සංක්ෂේප අදහසයි.

ගිරිමානන්ද හාමුදුරුවන් ගිජ්ඣකුට පර්වතයේ අසනීප සිටින හෙයින් උන්වහනසේ කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන ලෙස ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට සැලකර සිටියහ. උන්වහන්සේ ආනන්ද හාදුරුවන්ට දස සංඛාවක් උගන්වා එය ගිරිමානන්ද හාමුදුරුවන්ට කියන ලෙස නියම කිරීමෙන් පැහැදිලි වන්නේ දස සංඥා එසේ ඇසීම ගිරිමානන්ද හාමුදුරුවන්ට ප්‍රමාණවත් බවය. මේ අවස්ථාව වනවිටත් ගිරිමානන්ද හාමුදුරුවන් රහත් බව ලබා සිටින්නට ඇත. දස සංඥා සිහි කරවීම ප්‍රමාණවත් වූයේ ඒ නිසාය. ආනන්ද හාමුදුරුවන් රහත්ව නොසිටි නිසා දස සංඥා විස්තරව දේශනා කරන්නට සිදු විය.

රෝගියකුට ප්‍රතිකාර කළ යුත්තේ සප්පාය, අසප්පාය හොඳින් දැන ගෙනය. බුදු හාමුදුරුවන් චුන්ද හාමුදුරුවන් ලවා බොජ්ඣංග කියවා ගැනීමෙන් සුවය ලැබීමත් හා ගිරිමානන්ද හාමුදුරුවන් ආනන්ද හාමුදුරුවන් වෙතින් දස සංඥා ඇසීමෙන් සුවය ලැබීමත් අතර සමානකමක් ඇත. ගිරිමානන්ද මහ රහතන් වහන්සේ අසනීප වූයේත් මුගලන් මහරහතන් වහන්සේ අසනීප වූ ගිජ්ඣකුටයේදීමය. අසනීප හේතුව අටුවාව සඳහන් නොකළේ එය කලින් සඳහන් හේතුවම වන නිසාය. පරිසර දුෂණය අසනීපයට හේතුවයි.

ගිජ්ඣකුට පාමුල විස ගසක මල් පිපී හමන සුළඟ විෂ සහිත වීමයි. කෙනෙකු රෝගී වීමට ජලය, වාතය , ශීතල, උෂ්ණ ආහාර ආදී කරුණු හේතුවන බව මේ සුත්‍රයේ දක්වා ඇත. ඒ කරන විස්තරය ශ්‍රාවක පි‍්‍රය එකකි. නිකම්ම රෝගය අසා බෙහෙත් ලියනවාට වඩා රෝග ලක්ෂණ ප්‍රතිකාර පැවසෙන ශ්ලෝකයක් කවියක් කියා ඒ බෙහෙත් විස්තර කරනවා ආසන්නට රෝගියාද කැමතිය. ඒ සාමාන්‍ය මිනිස් ගතිය පවා මේ සූත්‍රයේ ආදීනව සංඥාව විස්තර කරන ආකාරයෙන් පැහැදිලිය.

ඇස් ලෙඩ, කන් ලෙඩ ආදී වූ රෝග ලේඛනයට රෝග හතලිස් ගණනක් දක්වා ඇත. මේ ලේඛනය ශ්‍රවනය කරන අය තම දැනීමත් එක්කර සවන් යොමු කරති. ඒ රෝගී තත්ත්වයක් ඇති කාහට වුවත් ආනාපානසති භාවනාව පිළිබඳ සරල විස්තරයක් සූර්‍ත‍්‍රයෙහි ඇතුළත් වෙයි.

ගිරිමානන්ද සූත්‍රයේ දක්වා ඇති පරිදි වනයෙහි රුක් මුලක හෝ සුදුසු වෙනත් තැනෙක හෝ පලක් බැඳගෙන (බද්ධ පර්යංකයෙන්) කය සෘජුව තබා ගෙන සිහියෙන් යුක්තව මම ආශ්වාස කරමියි සිහියෙන් ආශ්වාස කරයි. මම ප්‍රශ්වාස කරමියි සිහියෙන් ප්‍රශ්වාස කරයි ආදී වසයෙන් එම ස්වභාව උගන්වා ඇත. ඉතා අසාධ්‍ය නොවූ රෝගී අයට කායික වේදනාව යටපත් කර ගැනීමට මේ අගනා ප්‍රතිකර්මයකි. මෙම පිරිතෙහි ( සූත්‍රයෙහි) එම භාවනාව මෙතරම් සරලව දක්වා ඇත්තේද ඒ නිසාය.

ගිරිමානන්ද සූත්‍රයේ නිදාන කථාව

සැවැත් නුවර අනේපිඩු සිටුවරයා විසින් කරවන ලද ජේතවනාරාම මහා විහාරයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර දැඩිසේ රෝගී විය. ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුවගේ ගිලන් බව බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ ඒ බව මෙසේ බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සිටියහ.

“ස්වාමිනි බුදුරජාණන් වහන්ස ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ දැඩිසේ රෝගීව සිටිති. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළහොත් මැනවි. එය අසා වදාළ බුදුරජාණන් වහන්සේ එසේ නම් ආනන්ද තොප එහිගොස් මේ දස සංඥාවන් ගිරිමානන්ද භික්ෂුවට කියව. එසේ තොප දස සඤ්ඤාවන් කී කල එය අසා ගිරිමානන්ද භික්ෂුව සුවපත් වන්නේ යයි වදාරා අනිත්‍ය සඤ්ඤාවන් දෙසූ සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙම දස සඤ්ඤාවන් උගෙන ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස් කීහ. එම දස සඤ්ඤාවන් අසා ගිරිමානන්ද භික්ෂු තෙම නිරෝග විය. සුවපත් විය.

ගිරිමානන්ද මහරහතන් වහන්සේ

අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නාම ලේඛනයෙහි ඇතුළත් සුමේධ බුදුරජාණන් වහන්සේ 13 වැනි අංකයට ගැනෙති. එම සුමේධ බුදුරදුන් දවස මහා සිටුවරයෙකු ලෙස ජීවත් වූ අයෙකි. මෙම ගිරිමානන්ද භික්ෂුව එසේ සිටියදී තම මව-පියා- සොහොයුරා බිරිඳ පුත්‍රයා යන අය එක් දිනෙකම මිය ගියහ. මහත් දුකට පත් ඔහු ප්‍රකෘති සිහිය ලබා ගැනීමට අසමත් වූයේ වනගත විය. පිස්සකු මෙන් හැසිරෙන්නේ ඉතා අසරණ විය. මෙසේ සිටියදී සුමේධ බුදුරජ ඔහු සමීපයේ අසල ගසක් මුල වැඩ සිටියේය. ස්වල්ප වේලාවකින් අසරණ සිටුවරයා සාමාන්‍ය සිහිය ලැබීය. එය අවස්ථාව කරගත් සුමේධ බුදුරජාණන් වහන්සේ

අනවිහාතා තතෝ ආගුං

අනනුඤ්ඤාතො ඉතො අගා

යථාගතා තථාගතා

කානාතත්ථ පරිදේවනා

මේ ගාථාව වදාරා ධර්ම දේශනා කළහ. ඒ ඇසූ සිටුවරයා ශෝකය සංසිඳවා ගෙන බුදුරදුන්ට විශේෂ පුෂ්ප පූජාවක් කළේය. එයින් සසර අනන්ත සැප ලැබ අප බුදු රදුන් දවස බිම්බිසාර රජුගේ පුරෝහිත බමුණාගේ පුතෙක්ව ඉපිද සුදුසු වියට පත් කළ බුදු ගුණ අසා පැවිදි විය. ග්‍රාමවාසය හැර අරණ්‍යවාසව කල් ගෙවීය.

වරෙක බුදුරදුන් දක්නට වැඩි බව අසා බිමිබ්සාර රජතුමා පැමිණ වන සෙනසුන් කරා නොවඩිනා ලෙසට ගිරිමානන්ද හිමිට ආරාධනා කොට සිව් පසයෙන් ( චිවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය) උපස්ථාන කරන බවද දැන්විය. එය නොඉවසා (නොපිළිගෙන) වන සෙනසුනට වැඩියේය. කුටියක් එහි නොවීය. වැසි කල පැමිණියේය.

එහෙයින් ගිරිමානන්ද රහතන් වහන්සේට පීඩාවන නිසා දෙවියෝ වැසි නතර කළහ. රටට අවශ්‍ය වැසි නැතිව රටවැස්සෝ පෙළුනහ. රජතුමා කරුණු විමසා දැන වන සෙනසුනෙහි කුටියක් තනවා පූජා කළේය. ඉන්පසු රටට වැසි ලැබින සසර පුරුද්ද නිසා උන්වහනසේ වන සෙසුනට පි‍්‍රය කළහ.

දෙවියන්ට වැසි වැස්ස වීමටත් වැස්ස නතර කිරීමටත් මෙම සුත්‍රයෙන් ප්‍රකාශ වීම ඉතා වැදගත්ය. මෙම ගිරිමානන්ද සූත්‍රය පිරිතක් වශයෙන් උදේ සවස සජ්ඣායනා කිරීමෙන් රෝගාබාධයන් ගෙන් මිදිය හැක.


    🌺🌺සංකිච්ච මහරහතන් වහන්සේ🌺🌺


🌺🌺සංකිච්ච මහරහතන් වහන්සේ🌺🌺

වරක් සැවැත් නුවර උසස් කුලවල කුමාරවරු තිස් දෙනෙක් බුදු හිමියන් වෙත මහණ වූ හ. උන් වහන්සේලා විදසුන් වැඩීම සඳහා එක් වන පියසකට යෑමට බුදුන් වහන්සේගෙන් අවසර ලබාගත්හ. සංකිච්ච සාමණේරයන් වහන්සේ ද මෙම විහාරස්ථානයේ ම වැඩ වාසය කළ සේක. උන් වහන්සේ සත් හැවිරිදි වියෙහිදී ම රහත් භාවය ලැබූ හිමි නමකි.

බුදුන් වහන්සේ මේ කුඩා සංකිච්ච හිමි අමතා “පුත සංකිච්ච, ඔබත් මේ දරුවන් සමග යන්නැ” යි වදාළ සේක. “එසේය, බුදු පියාණෙනි” යි සංකිච්ච පුංචි රහතන් වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ. බොහෝ දුර කතර ගෙවා මේ සියල්ලෝ ම එක් පිටිසර ගමකට පැමිණියහ. එදා ගම්වැස්සන්ට හරි ම සතුටු දිනයකි. ස්වාමීන් වහන්සේලා දුටු ගම්වැස්සෝ, “අපි ඔබ වහන්සේලාට සිවු පසය ම සූදානම් කර දෙන්නම්. මෙහි ම වැඩ වාසය කරන්නැ” යි ආරාධනා කළේ භක්ති පූර්වක ව ය.

එදා සිට මේ භික්‍ෂූන් වහන්සේලාට රසවත් අහරින් අඩුවක් නැත. ගම්වැස්සෝ සේනාසන ද පිළියෙල කොට දී භාවනා කිරීමට ද පහසුකම් සලසා දුන්හ. මේ නවක භික්ෂූන් තිස් නම ම කිසිම කරදරයක් නැති ව විවේකී ව කුඩා සංකිච්ච හිමි සමග අප්‍රමාදී ව භාවනාවෙහි නිරත වූ හ. මහමඟ ඇවිදින හිඟන මිනිසෙක් ද දිනපතා මෙහි පැමිණ ආහාර ගැනීම සිරිතක් කරගත්තේ ය. දිනක් රසවත් අහරින් ඔද වැඩුණු ඔහු මෙසේ සිතන්නට විය: ‘මුන් වහන්සේලාට කොතරම් රස ආහාර ද ලැබෙන්නේ... රෑ දාවල මහන්සි වී වැඩ කරන අන් අයට මෙතරම් රස අහර ලැබෙන්නේ නැහැ. මම මෙහි ම නවතිමි’ සිතා හිමිවරුන්ගෙන් අවසර ලැබ ටික කලක් එහි නැවතිණ. දැන් ඔහුගේ සිරුර හොඳින් වැඩී ඇත. ටික දිනකට පසු ආපසු යෑමට ඔහුට සිතිණි.

පෙරළා මහ වනයට වැද, යන අතරමග ඔහු අසුවූයේ සොර මුළකට ය. පන්සියයක් දෙනා එහි වූ හ. අහර ලැබ ඇඟ පත හැඩ වැඩ වී සිටින මොහු අල්වාගෙන බිලි පූජා කරන්නට ඔවුහු සිතූ හ. ගුණමකු සිඟන්නා මෙහිදී “අනේ මා වාගේ හිඟන්නකු බිලි පූජාවට ගන්නට එපා. ධාර්මික ව දිවි ගෙවන භික්ෂූන් වහන්සේලා තිස් නමක් අසල ගමෙහි ඉන්නවා. දෙවියන් සතුටු කරන්නට නම් ඔවුන්ගෙන් කෙනකු ගන්නැ” යි බැගෑපත් විය. “දෙවියන් සතුටු කරන්නට නම් උතුම් කෙනකු ගන්න එක වඩා හොඳයි.” ඔවුන් සැමගේ ද අදහස විය.

ඔවුන් සිඟන්නාගෙන් මඟ අසා, ගියේ භික්ෂූන් වෙත ය. සොර දෙටුවා කිසි ම ඉවක් බවක් නැතිව එක් ස්වාමීන් වහන්සේ නමක් අල්වා ගෙන යෑමට සැරසිණි. ඒ දුටු සංකිච්ච ස්වාමීන් වහන්සේ “ඔබ කවුද? කොහේද මොහු ගෙන යෑමට තැත් කරන්නේ?” යනුවෙන් පිළිවිසී ය. “අපට මොහු ඕනෑ බිලි පූජාවට” ඒ රළු වචන පිට වූයේ සිත් පිත් නැති සොර දෙටුවාගේ මුවිනි.

“හොඳයි. ඔබට ඕනෑ බිලි පූජාවට කෙනෙක් නේද? ඒ හිමි නමට වඩා මා එයට සුදුසු යි. මා ගෙන යන්න” සංකිච්ච හිමියෝ බිලි පුදට තම දිවි දීමට ඉදිරිපත් වූ හ. බුදු රදහු තමා එව්වේ මේ අවදානම් අවස්ථාව නිසා බව ද උන් වහන්සේට සිහිපත් විණි.

සොර දෙටුවා මෙවැනි එඩිතර කෙනකු ලැබීම කොතරම් භාග්‍යක් දැ යි සිතමින් සංකිච්ච තෙරණුවන් රැගෙන ගියේ ය. දැන් ඔහු කුඩා තෙරණුන්ගේ දිවි නැසීමට සූදානම් ය. බිලි පූජාව සඳහා අනෙක් දෑ සියල්ල සූදානම් කර ඇත. හිමියෝ කිසිම බියක් නැතිව සමවතට සම වැදුණහ. සොරා කඩුව මුවහත් කර තදින් පහරක් එල්ල කළේ එක වර ම ගෙල සිඳීමට යි.

එහෙත් අශ්චර්යයකි. කඩුව ආ පිට නැමී ගියේ ය! මිට දක්වා හැකිළිණි. කුඩා සංකිච්ච හිමියෝ ඉතා ප්‍රසන්න මුහුණින් සමවත් සුවයෙන් නොසැලී සිටි සේක.

සොරුන්ට සිත් අදහාගන්නට නොහැකි විය. තමන් කරන්නට ගිය පාප කර්මය ගැන පසුතැවිලි වූ හ. මේ සිත් පිත් නැති කඩුව පවා සීලයෙන් ගුණයෙන් යුත් පින් කෙතක් බඳු උතුමකුට නමස්කාර කරන බව ඔවුහු වටහාගත්හ. වහා ම සියල්ලෝ උන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණහ.

“අනේ හිමියනි, අපට කමා කරන්න. ඔබ වහන්සේ ඔය යන මාවතට අපත් ගෙන යන්න. අප කැමතියි මහණ වෙන්න.”

කුඩා සංකිච්ච හිමියන්ගේ මේ අසිරිමත් පෙළහර නිසා පන්සියයක් සොරහු පාපයෙන් මිදුණහ. පැවිදි බව ලැබූ හ. පසුව බුදුන් වහන්සේ,

“යෝ චේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ - සීලවන්තස්ස ඣායිනෝ”

යනුවෙන් ‘විසිරුණු සිත් ඇති, සිත එකඟ කර නොගත් යම් කිසි දුසිල්වතෙක් අවුරුදු සීයක් ජීවත් වේ ද, ඊට වඩා ධ්‍යාන වඩන සිල්වතාගේ එක් දිනක් ජීවත් වීම උතුම් යැ’ යි වදාළහ. ධර්ම ශ්‍රවණයෙන් අනතුරු ව පන්සියයක් නම ම රහත් ඵලයට පැමිණියහ.

(ධම්මපදයේ සහස්සවග්ග 110 වන ගාථාව ඇසුරෙනි).

🌺🌺නාග පේ‍්‍රත වස්තුව🌺🌺

සංකිච්ච හිමියන් විසිවස් පිරී උපසම්පදාව ලබා පන්සියයක් භික්ෂූන් සමඟ බරණැස් නුවරට ගොස් ඉසිපතනයේ වැඩ වාසය කළා. මිනිසුන් තෙරුන් වහන්සේ සමීපයට ගොස් බණ අසා සිත් පැහැදි වීදී පිළිවෙලකට හා කණ්ඩායම් වශයෙන් ආගන්තුක දානය දෙන්නට පටත් ගත්තා. එහි විසූ එක්තරා උපාසක මහතෙක් මිනිසුන්ට සැමදාම දානය දීමට කැමැති කරවා ගත් නිසා ඔවුන් තමන්ට හැකි පමණින් නිත්‍ය දානය දීමට පටන් ගත්තා.

බරණැස් නුවර ජීවත් වූ එක් මිසදුටු බමුණෙකුට පුතුන් දෙදෙනෙක් හා දුවක් වූවා. ඔවුන්ගෙන් වැඩිමහලු පුත්‍රයා ඒ උපාසකගේ යහලුවෙක් වූ නිසා ඔහු සංකිච්ච තෙරුන් වහන්සේ බැහැ දැකීමට යාලුවා සමග ගියා. උන්වහන්සේගෙන් බණ අසා සිත පහදවා ගෙන ඔහු එක් භික්ෂූන් වහන්සේ නමක් නිවසට වඩමවාගෙන විත් දානය පූජා කළා. කල් යද්දී භික්ෂූන්ගේ පිළිවෙත් දැක බණ අසා ඔහුගේ බාල සොහොයුරුද සොහොයුරියද සසුන පිළිබඳව බෙහෙවින් පැහැදුනා. ඒ තිදෙනා නිතර නිතර දන් දීමට පුරුදු වුණා.

නමුත් ඔවුන්ගේ මවුපියෝ සැදැහැසිත් නැති අයයි. පිනට අකමැති වුණා. ශ්‍රමණයන් වහන්සේලාට පිදුම් බුහුමන් කළේ නැහැ. ඔවුන්ගේ දුවට තම සොහොයුරාගේ පුතා විවාහ කර දීමට මේ මව්පිය යුවල සුදානම් වුණා. නමුත් ඒ පුතා සංකිච්ච තෙරුන්ගෙන් බණ අසා සංවේගය උපදවා ගෙන පැවිදි වුණා. එම සාමණේර හිමියෝ නිතරම තම මවගේ නිවසට දානය වැළඳීමට වැඩියා. ඒ මෑණියන්ට සොයුරාගේ දියණිය කෙරෙහි සිතක් උපදවා ගන්නා ආකාරයට සාමණේර හිමියන් පොළවනු ලැබුවා. ඒ සාමණේර හිමියෝ කලකිරී තම ගුරු හිමියන් වෙත ගොස්

’ස්වාමිනී මම සිවුරු හරිමි’ කියා සිටියා ’මාසයක් ඉවසන්න’ ඒ භික්ෂුවගේ පින දුටු ගුරු හිමියෝ වදාළා. භික්ෂුව මාසයක් ගියවිට නැවත එලෙසම දැක්වූවා.

අඩමසක් ඉවසන්න’ ගුරු හිමියෝ වදාළා. අඩමසක් ගිය කල්හි නැවත අවසර පැතුවා ’සතියක් ඉවසන්න’ ඒ සතිය ඇතුළත සාමණේර හිමියන්ගේ නැන්දණිය ගේ ගෙය දිරාගිය වහල හා සවි නැති බිත්ති වැස්ස හා සුළඟ නිසා ඇද වැටුණා. එහිදී බුමුණා සහ බැමිණියත් ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් දියණියත් ගෙට යට වී මිය ගියා. බමුණා හා බැමිණිය පේ‍්‍රත ලොව ඉපදුනා. පුතුන් දෙදෙනා හා දියණිය භූමාටු දෙවියන් අතර ඉපදුනා. ඔවුන්ගේ වැඩිමහලු පුතුට ඇත් යානාවක් පහළ වුණා. බාල පුතාට අස් වෙළඹුන් සහිත රියද පහළ වුණා. දියණියට රන්සිවි ගෙයක් පහල වුණා.

බමුණා හා බැමිණිය විශාල යකඩ මුගුරු ගෙන ඔවුනොවුනට පහර දෙනවා. වැදුන වැදුන තැන්වල විශාල කලගෙඩි තරම් ගෙඩි නැගී මොහොතින් ඒවා පැසවා පැලී ගියා. ඔවුන් එකිනෙකා ඒ ලේ සැරව පානය කරමින් ගහබැන ගන්නවා. එයිනුත් සෑහීමකට පත් වන්නේ නැහැ. අර සාමණේරයන් වහන්සේ තම ගුරු හාමුදුරුවන් වෙත ගොස් මෙසේ පවසනවා ’ස්වාමිනි මා පොරොන්දු වු පරිදි දවස ගෙවී තිබෙනවා. මම හෙට සිවුරු හැර යනවා.

සංකිච්ච හිමියෝ තම සෘද්ධි බලයෙන් අර සාමණේර හිමියන්ට ප්‍රේත ලෝකයේ හා භූමාටු දෙවිවරු දැකීමට සැලස්සුවා.

උන්වහන්සේ ඒ පේ‍්‍රතයන් දැක මෙසේ අසනවා.

එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් ඉස්සරවෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. එතකොට දස දිසාවම බබලනවා.

ඒ වුණාට ඔබලානම් අත්වලින් දඩුමුගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය මොකක්ද?.

පාද හතරකින් යුතු සුදු හස්ථි රාජයෙක් ඉන්න වාහනයෙන් යන එක් අයෙක් ඉන්නවා නේද? එයා අපේ ලොකු පුතා. එයා දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා.

අර වෙලඹුන් හතර දෙනෙක් බැදපු අශ්ව රථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවා නේද? එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙමෙයිනේ. දානපතියෙක්. ඒකයි එයා බබලන්නේ.

අර රන්සිවි ගෙයකින් ගෙනයන දෙවගනක් ඉන්නවානේ. ඇය හරි නුවණැති. මුවැත්තියකගේ අඩවන් නෙත් තියෙනවා. ඒ අපේ බාල දෝණි. තමාට ලැබුණ කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා.

ඔය දරුවෝ ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දන් දුන්නේ. ඒකට අපි. මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා. දරුවෝ දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි. කපල අව්වේ දාපු බටගස් වගේ වේලි වේලී ඉන්නවා.

ඔබලාගේ කෑම බීම මොනවාද? මොනවගේ ද නිදා ගන්නේ. මහ පවිටුන් වන ඔබලා ජීවත් වන්නේ කොහෙද? හොඳට දේපල වස්තුව තිබෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා.

අපි කරන්නේ එකිනෙකාට වද හිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බීවත් ඇතිවන්නේ නැහැ. අපිට එකිනෙකා රුස්සන්නේ නැහැ. දන් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තේ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැලපි වැලපි ඉන්නවා. සමහර මිනිසුන් භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නැහැ පින් කර ගන්නෙත් නැහැ.

ඒ පෙරේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ. මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක් කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වන්නේ නැහැ.


    වෙදැදුරු ජීවක කෝමාර භච්ච


බුදුන් වහන්සේගේ වෙදැදුරු ජීවක කෝමාර භච්ච

ගෞතම බුදුරජාණන් වහන්සේ දිවමන් සමයෙහි භාරත දේශයෙහි පහළ වුණු අද්විතීය දක්ෂතාවන්ගෙන් දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරුණු ශ්රේෂ්ඨතම වෛද්යවරයාණන් වූයේ ජීවක කෝමාර භච්චය. එතුමන් රෝගීනට ප්රතිකාර ලබාදීමේදී පොදු ජනතාව පමණක් නොව රාජ රාජ මහාමාත්ය - සිටුවරු ඇතුළු ප්රභූ පංතිය පමණක් නොව තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ ද වෛද්යවරයා බවට පත්වී සිටියහ. ජීවක ගෞතම බුදුන් වහන්සේගේ පෞද්ගලික වෛද්යවරයා බවට පත් වීම සඳහා ප්රාර්ථනය ඇති කර ගනු ලැබුවේ පෙර ආත්ම භවයන් රාශියකට පෙරය. එනම් පදුමුත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයෙහි හංසවතී නුවර උපත ලැබු ඔහු එදවස ශාස්තෘන් වහන්සේගේ ප්රසාදය ලැබූ උපාසකයකුව ජීවත් වුණු බව (මනෝරථ පුරනියෙහි) සඳහන් වන්නේය. හෙතෙම සංඝයා වහන්සේට කරන ලද පූජාවකින් අනතුරුව "මම ඒකාන්ත වශයෙන්ම අනාගත බුද්දොත්පාද කාලයෙහි උන්වහන්සේගේ වෛද්යවරයා ලෙස කටයුතු කරන බවට ප්රාර්ථනා කළ බව අපහට ප්රකට වේ. ජීවකගේ මෙලොව ජනිත වීම පිළිබඳ කතාන්තරය නම් අසන්නාට, කියවන්නාට එතරම් ප්රියමනාප වුනු එකක්, සිද්ධියක් නොවන්නේමය. මෙදවස විශාලා මහනුවර ධනවත් සිටුවරයකුට දාව උපන් කුල කුමරියක් වූ සාලවතී රූපශ්රීයෙන් අගතැන්පත් තැනැත්තියකි. ඇය සිරිකතගේ දියණියක් ලෙස හැඳින්විණ. වරක් ඈ දෙස බැලූ පිරිමියෙකු රජකුමරෙකු, සිටුවරයකු නැවත ද ඈ දෙස හැරී බලනුයේ ඒ රූසිරි බවින් ආකර්ශනය වීමෙනි. ප්රභූ ජනතාවගේ ඉල්ලීම පරිදි රූමත් සාලවතී කුමරිය වෙත රාජ්ය අනුග්රහයෙන් සුඛෝපභෝගී මැදුරක් සේවකාදීන් හා වස්තුව ලැබුණ අතර ඇය නගර ශෝභිනියක් බවට පත්විය. සාලවතී කුමරිය රූමත් බවින් මෙන්ම නැණ නුවණින් ද යුක්ත වූවාය. සාලවතී කුමරිය පොකුණෙහි, නාන තොටෙහි සිය යෙහෙලියන් සමඟ දිය නෑමට ගිය විට ද, බිම්බිසාර රජුගේ කණිටු පුත් අභයරාජ කුමරා ඇයගේ දර්ශය ද, දෙවනුව ඇසුර ද ප්රිය කළේය. වැඩිකල් නොගොසද් කුමරිය වසන මැදුර නිසසල විය. කුමරුන් නිසා ඈ ගැබ්ගෙන සිටි නිසාය. ගැබ්බරින් පසු වූ සාලවතී නගර ශෝභිනිය දිනක් අඳුරු කුටියෙහි ප්රසූත වේදනාවෙන් පසුවෙමින් සිට, අරුණෝදයට ආසන්න රාත්රියෙහි පුත්රයෙකු ප්රසූත කළාය. වැදූ ළපැටියා කොතරම් හුරුබුහුටි බැව් පෙනුනත් නගර ශෝභිනියකට පුතෙකුගෙන් ඇති ඵලය කිම? ඇතැමුන් අනුමාන කරන්නේ ඇයට වැදූගෙයි සන්නියක් වැළඳෙන්නට ඇතැයි කියාය. කෙසේ හෝ ඇය සිහිවිකල්ලෙන් මෙන් තමා ප්රසූත කළ ඒ දයාබර ලේ කැටි පුතු උපන් සැනෙකින්ම තම සේවිකාවකට කියා මදක් ඈතින් පිහිටි කසළ ගොඩක රඳවනු ලැබුවාය. මද වේලාවක් ගත වෙත්ම අරුණෝදය දීප්තිමත්ව හැම තැන සිසිරා පැතිර යමින් තිබිණ.

ඒ උදැසන තරුණ අභය රාජ කුමරුන් ව්යායාමයක් ලෙසින්දෝ තම ආරක්ෂක රාජ්ය සේවකයන් ද සමගින් අසුපිටින් මේ අසලින් පියමන් කරමින් සිටියේය. කසළ ගොඩෙහි කුණු තැවරුණු සුරුබුහුටි සිඟිති බබෙකු සිටිනු දුටු රජකුමරා නොපමාව මොහොතකට අසු නවතා දරුවා තවමත් ජීවතුන් අතර දැයි විමසීය. එසේය, කුමරුනි යයි සවනෙහි රැඳෙත්ම, එසේ නම් වහාම දරුවා අහුලා ගන්න යෑයි රාජ්ය සේවකයන් දැනුවත් කළේය. ළදරුවා නිරුපද්රිතව ජීවතුන් අතර පසුවුණු බැවින් ඔහු රජ මැදුර කරා සෙනෙහසින් ගෙන ගොස් කිරිමව්වරුන්ට භාර කළහ. සිඟිත්තා ජීවත් වන බැවින් 'ජීවක' යයි නම් තබණු ලැබුවේය. අභය රාජ කුමරා ළදරුවා වෙත සෙනෙහසින් අවශ්ය සැප සම්පත් ලබා දෙමින් ස්නේහයෙන් පෝෂණය කරගන්නා ලද්දේය. ඔහුට රජ කුමරකුට මෙන් අවශ්ය සියලු සුව පහසුකම් සලසා දුන් අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන් ඔහු හැඳින්විණ. ළදරුවා කුඩා කල සිටම වැඩිහිටි බසට කීකරු බුද්ධිමත් ගති ලක්ෂණ පෙන්නුම් කරනු ලැබුවේය. නිමිති ලක්ෂණ පිළිබඳ පඬිවරු ඔහු ගැන පැවසුවේ ස්ථිර වශයෙන් ම මොහු මහා පඬිවරයකු වීමේ වාසනා ගුණයෙන් යුතුව සිටින බවය. ජීවකයාගේ පියා තමා බව අභයරාජ කුමරු පුතුට සෙනෙහසින් පවසා ඇත. ජීවකට කුඩා කල රජ කු=මරෙකුට මෙන් පූර්ව අධ්යාපනය ලබා දුන්නේය. ඔහුට අවශ්ය වූයේ සාමාන්ය රජ කුමරෙකුට ලබා දෙන්නා වූ යුද ශිල්පය, ධනු ශිල්පය ආදී වශයෙන් රාජ්ය පාලකයකුට ලබා දෙන්නා වූ අධ්යාපනයන් ප්රගුණ කරලීම නොවේ. ජීවක කුඩා කාලයේ පටන්ම සත්ත්ව ශරීරයෙහි ඇතිවන වේදනා දැන සිටියේය. දිනක් ඔහු දුනුවායකු නිසා වේදනාවෙන් ලේ ගලමින් සිටි සැළලිහිණියකු ගෙනවුත් ප්රතිකාර කොට සුවය ලබා දුන්නේය. ජීවකගේ සිත්හි පෙර ආත්මවල සිට පැවත ආවේ ලෝ සතුන් ශාරීරිකව සුවපත් කරලීමයි. එකී මහාර්ග අධිෂ්ඨානයක් පෙරදැරි කරගෙන සිටි ඔහු දිනක් කිසිවෙකුට හෝ නොදන්වා තක්ෂිලා නුවර විශ්වවිද්යාලයේ දිසාපාමොක් මහැදුරු අභියසට පැමිණියේය. තමා පැමිණියේ 'වෛද්ය විද්යාව' හැදැරීමට යෑයි හෙතෙම පැවැසීය. එසේ නම් චාරිත්රානුකූලව ගුරු පඬුරු ගෙනැවිත් තිබේ දැයි ඇදුරුතුමන් විමසීය. තමා බිම්බිසාර රජ මාලිගයේ වසන බවත්, ඔහුට නොදන්වා මෙහි පැමිණි නිසා කහවනු නොගෙනා බවත් පවසමින්, ඒ වෙනුවට තමා මහැදුරු තුමාගේ බැල මෙහෙවරකම් කරදෙන බවත් පැවැසීය. දිසාපාමොක් ඇදුරුතුමන් ජීවකගේ ශරීර ලක්ෂණ දෙස නිරීක්ෂණය කර බලා, මොහු විශිෂ්ට ඥානවන්තයකු වන බව තේරුම් ගෙන, ඔහුව වසර හතක වෛද්ය ශාස්ත්රය හැදැරීම පිළිබඳ වූ අධ්යයනය සඳහා බඳවා ගනු ලැබුවේය. 'වෛද්ය පීඨයේ' තක්ෂිලා නුවර සරසවියේ වෛද්ය විෂය ධාරාව හදාරා ඉතා දක්ෂ ලෙස අවසන් කළ ජීවක තමා අබියසට කැඳවූ වයෝවෘධ දිසාපාමොක් මහැදුරුතුමා මෙවන් ඉල්ලීමක් ඔහුට ඉදිරිපත් කළේය. එනම් මේ මිහිතලය තුළ ඖෂධයක් නොවන කිසියම් පැළෑටියක් වේ නම් එය සොයාගෙන අවුත් තමන් වෙත නොපමාව ඉදිරිපත් කරන ලෙසය. දිසාපාමොක් ඇදුරුතුමා පෙන්වා දුන් පෙදෙස වූ සොළොස් ගව්වක ප්රමාණයක් ආවරණය වුනු භූමි තලයක් සිසාරා විවිධ වෘක්ෂ හා පැළෑටිවල මුල් පොතු, කොළ, කඳ පිළිබඳව පර්යේෂණය කළ ජීවක තම වගකීම් කාර්යය නිමා කොට, සිය නිගමනය මෙලෙස හෙළි කළේය. මේ මිහිතලය මත එවන් ඖෂධයක් නොවන කිසිදු පැළෑටියක් නොතිබෙන බවය. දිසාපාමොක් ඇදුරුතුමන් ජීවක මහා ප්රාඥ වෛද්යවරයකු ලෙස එමගින් අවසන් ලෙස නිගමනය කළ අතර 'ජීවක කෝමාර භච්ච' යන නාමයෙන්ද, (කුමාරෙන පොසාපිතො කොමාරපචෙචා) යනුවෙන් ද ඔහු හඳුන්වන ලදී. වෛද්ය ජීවක කෝමාර භච්ච තක්ෂිලා නුවරින් ආපසු තම උපන් ප්රදේශයට ඒමට පිටත්ව සිටියදී, සාකේත නුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයකුගේ ඇඹෙණිය සත්වසරක් දැඩි හිස රුජාවෙන් පෙළෙමින් සිටි අතර, තම වෛද්ය ප්රතිකාරයෙන් ඇය සුවය ලැබුවාය. සතුටට පත් සිටුවරයා සිය ධනයෙන් කහවනු දහසයදහසක් ඔහුට තිළිණ කළේය. මේසා විශාල ධනයක් පිරිනැමුවේ කුමටද, මා ජීවත් වන්නේ වෛද්ය කර්ම කිරීමට විනා ධනය ඉපැයීමකට නම් නොවන්නේ යයි හෙතෙම සිතුවේය. ජීවක වෛද්යවරයා රජගහනුවරට පැමිණි විට අභයරාජ පියා තම පුතනුවන් පැමිණීම නිසා මහත් සේ සොම්නසට පත්විය. ඔහු සතුට පළ කළේ ජීවක තමාට දාව උපන් බව පවසමිනි. ඉක්බිතිව අභය රාජ කුමරුන් දයාවෙන් ජීවක වෙත තම රජ මැදුරට සමීපව තවත් මැදුරක් ද තනවා වාසය සඳහා පිළිගැන්වීය. දෙවනුව ජීවක වෛද්ය - බිම්බිසාර රජු බගන්දරා නම් රෝගයෙන් පෙළෙමින් සිටි බැවින් එම රජුට ප්රතිකාර කොට සුවය ලබා දුන්නේය. ජීවක වෛද්යවරයාගේ ප්රතිකාර මගින් රජතුමාගේ රෝගය සුව වූ අතර ප්රමෝදයට පත් රජු ඔහුට 'වෛද්ය ශිරෝමණී' නාමය සහිත තනතුරු ද ලක්ෂයක් අගනා නියම් ගමක් ද අඹ උයනක් ද සිය ගණනක් පරිවාර ජනයා ද ප්රදානය කරන ලදී. මේ අතර උදේනි නුවර චන්ඩප්පජෝති රජුගේ ආරාධනයෙන් වෛද්ය මෙහෙවරක් කිරීමේ අවස්ථාව ජීවකට උදාවිය. ජීවකගේ ප්රතිකාර මහිමයෙන් රජුගේ රෝගාබාධ පුදුමුකාර ලෙස නිවාරණය විය. මෙයින් ඉමහත් සතුටට පත් රජු ජීවකට මහා ධන පරිත්යාගයක් ද මිල කළ නොහැකි අගනා සළුවක් ද පරිත්යාග කරන ලද්දේය. ජීවක මේ අගනා සළුව බුදුන් වහන්සේට පූජා කළ බැව් සඳහන් වේ. රජගහනුවර අසූකෙළක් ධනය ඇති සිටුවරයකු රෝ බියෙන් පසු වූ අතර, ඔහුගේ හදිසි මරණය දින 05 කින් සිදු වන බවට තොරතුරු පැතිරින. ජීවක වෛද්යවරයාණන්ගේ ප්රතිකර්මවලින් සුවය ලැබූ සිටුවරයා තමන්ගේ අසූ කෙළක් ධනය වෛද්යතුමන් වෙත පවරමි යෑයි සැළකර සිටියේය. බරණැස් නුවර (බාරනාසි) සිටුවරයකුගේ රෝගාබාධයකයට ද ප්රතිකාර කොට සුවය ලබා දී මහා ධන සම්පත් පරිත්යාග පිරිනැමිණ. ජීවක වෛද්ය විශේෂඥවරයාණන් නොබෝ කලෙකින් දඹදිව් තලයෙහි මහා ධනවතෙකු බවට පත් වූ අතර මහමැදුරු සංකීර්ණයකින් සමන්විත ජීවකාම්බ වනයේ හිමිකරු බවට ද පත්විය. "දික් සඟියෙහි සාමඤ්ඤඵල සූත්ර"යෙහි සඳහන් පරිදි මේ සශ්රීක 'ජීවකාම්බවනය' සියලු සම්පත් සමගින් පසු කල බුදුරදුන් ප්රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලද්දේය. බුදුන් වහන්සේ සමීපව ඇසුරු කළ ජීවක වෛද්යවරයාණන් උන්වහන්සේ කෙරෙහි දැක්වූයේ අප්රමාණ භක්තියකි. ගෞරවයකි. බුදු රදුන් ප්රමුඛ සංඝයා වහන්සේ වෙත "ජීවකාම්බ වනය" පූජා කරලීමට පෙරාතුව, බුදුන් වහන්සේට වැඩ සිටීමටත්, භාවනා කිරීමටත්, සරිලන ආකාරයෙන් භාවනා කුටි, ධර්ම දේශන ශාලා, මණ්ඩප, දාන ශාලා, සක්මන් මළු ඇතුළු බෞද්ධ විහාරාංගයක අත්යවශ්ය ගෘහ නිර්මාණ අංගයන්ගෙන් පරිපූර්ණ සංඝාරාමයක් හෙතෙම ඉදි කරවූයේය. ගොඩනැඟිලි හාත්පස අටලොස් රියන් ප්රාකාරයක් ද ඉදිකරවීය. බුදුන් වහන්සේ වඩාත් කැමැත්තෙන් මේ නිස්කලංක සංඝාවාසයෙහි හා ගන්ධකුටියෙහි වැඩ වෙසෙමින් 'ජීවක සූත්රය්' ්සාමඤ්ඤඵල සූත්රය්, චුල්ලසෙට්ටි ජාතකය ආදී සූත්ර රාශියක් දේශනා කරමින් ශාසනික මෙහෙවරෙහි නිරත වුනු බව ත්රිපිටකයෙන් සනාථ වේ. ජීවක වෛද්ය විසින් බුදුන් වහන්සේට විහාරයක් තනා පූජා කළ බව ජීවක සුත්ත වණ්ණනා - පපCඳචසුදනි" යෙහි සඳහන් වේ. ජීවක කෝමාරභච්ච සෝවාන් ඵලයට පත් වූ උපාසකයෙකු බවද ප්රකට වන්නේය. ජීවක එක් කලෙක භාග්යවතුන් වහන්සේගේ දොස් කිපී පීඩිතව පැවැති ශරීරය සැහැල්ලුවන ආකාරයට විරේක කරවා සිවෙය්යක වස්ත්ර යුගලය පූජා කොට වස්ත්ර දන්දීම නිසා කළ අනුමෝදනාව අවසන සෝවාන් ඵලයෙහි පිහිටියේ යෑයි ද සඳහන් වේ "ස්වාමීනි මම භාග්යවතුන් වහන්සේ සරණ යමි, භික්ෂු සංඝයා සරණ යමි. ධර්මරත්නය සරණ යමි." ජීවක සුත්ත ඛණ්ණනා - පපCඳච සුදනිය" ඒ බව සඳහන් කර ඇත. දම්රජාණෝ ජීවකයනට කළ ධර්ම දේශනය - මඡ්ඤ්ධිම නිකායේ - ජීවක සූත්ර"යෙහි සඳහන් වන්නේය. මහාවග්ගයේ විවරක්ඛන්ඩක යේ සඳහන් මෙම කොටසින් ජීවක වෛද්යවරයාණන් බුදුන් වහන්සේගේ ශරීරයේ ඌෂ්ණාධික අවස්ථා නිවාරණය කොට ශරීර සුවය ලබාදීමට ඉවහල් වී ඇත. ඒ මෙසේය. ජීවක විසින් භාග්යවතුන් වහන්සේගේ ශරීරයේ දොස් කිපී සිටි අවධියක, භාග්යවතුන් වහන්සේට තිස් වසරක විරේකය සඳහා බෙහෙත් ප්රතිකාර කර ඇත. එක් එක්වර විරේක ප්රතිකාර බේත් ගැනීමෙන් පසු උණු දිය ස්නානය කළ යුතු බැව් සඳහන් වේ. භාග්යවතුන් වහන්සේගේ ශරීරය මේ ප්රතිකාර මාලාව මගින් ප්රකෘති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිනිඳු ආහාර ගැළපේ යෑයි ද නිගමනය කොට ඇත. අනතුරුව ගෞතමයාණන් වහන්සේගේ ශරීරය මද කාල පරිච්ඡේදයකින් අනතුරුව ප්රකෘති තත්ත්වයට පත් වී ඇත. (විවරක්ඛන්ධකය - මහාවග්ගය.) බුදුන් වහන්සේ වැඩ සිටි තවත් විහාරයක් වූ "මද්දකුච්චි විහාරය" ජීවකාම්බ වනය නුදුරින් පිහිටි එකකි. පාපතර දෙව්දත් තෙර ගිඡ්ජකුට පර්වතයේ උඩ සිට බුදුන් වහන්සේ ඝාතනය කිරීම සඳහා මහගල් පෙරළීය. ක්ෂණයෙන් පොළොවෙන් මතු වූ ආධාරක කළුගල් මගින් බුදු සිරුරට රක්ෂාවරණය සලසන ලදී. එහෙත් මේ අවස්ථාවේදී කැඩී ගිය ගල් පතුරක් වැදීමෙන් බුදු සිරුරට වේදනාවක් ඇති වුණු අතර උන්වහන්සේට පියනගා ගමන් කිරීමට පවා දුෂ්කර විය. එහිදී භික්ෂුන් වහන්සේ මේ ස්ථානයට පැමිණ මCඳචසිවිකාවක බුදුන් වහන්සේ හොවා වඩා හිඳුවා - මද්දකුච්ච විහාරයට ඔසවා වැඩම කරවා ගෙනආ අතර, එතැන් සිට ජීවකාම්බ වනයේ උන්වහන්සේ වැඩ සිටින ගන්ධකුටියට නැවත ඔසව ගෙන එන ලද්දේය. එහිදී බුදුන් වහන්සේට ප්රතිකාර කරලීමට කැඳවන ලද්දේ උන්වහන්සේගේ ජීවක වෛද්යවරයාණන්ටය. ජීවක වෛද්ය වරයාණන්ගේ ප්රතිකාර මගින් සියලු ශාරීරික අපහසුතා දුරැලුන අතර, බුදුන් වහන්සේට නැවත ශාරීරික සුවය ළඟාවිය. පාපතර දේවදත්ත බුදුන් වහන්සේගේ ලේ සෙලවීමේ පාපකර්මය නිසා අපාගත විය. භික්ෂුන් වහන්සේගේ සෞඛ්ය සම්පන්න බව රැකදීම සඳහා බුදුන් වහන්සේ ජීවක වෛද්ය වරයාණන්ගේ අනුශාසනා ඒ ආකාරයෙන්ම පිළිගත් බවත් ත්රිපිටකයේ සඳහන් වලින් සනාථ වේ. රස බොජුන් වළ¹ ශරීරයට නිසි ව්යායාම් නොලැබ වාසය කිරීමෙන් භික්ෂු සංඝයා වහන්සේ ශරීරික රෝගාබාධයනට ගොදුරු වන බව පළමුවෙන් ම පෙන්වා දී ඇත්තේ ජීවක වෛද්යතුමන්ය. ශාරීරික සෞඛ්ය රැකෙන ආකාරයෙන් සක්මන් භාවනාවෙහි යෙදීම, ආරණ්ය - සංඝාවාස - නිවහන, ගෙවත්ත නිසි ලෙස අතුපතු ගා පිරිසිදු කිරීම ආදී ක්රියාවන්හි භික්ෂු - භික්ෂුණිය නිරතවීම සුදුසු බව බුදුන් වහන්සේ ඒ අනුව සසුන දැනුවත් කර ඇත. ජීවක, තුන්ලෝකාග්ර ශාන්ති නායක බුදුරදුන්ගේ වෛද්යවරයා බවට පත්වීමට තරම් වූ කුසල කර්මයන්ගෙන් පිරුණු මහෝත්තමයකු විය. මහණෙනි, යම් කෙනෙක් මට උවටැන් කරන්නේ නම් ඔහු විසින් ගිලනුන්ට උපස්ථාන කළ යුතු යෑයි වදාළහ. (මහාවග්ගපාලි) ජීවක වෛද්යවරයා තමන් හරිහම්බු කරගත් කෝටි ගණන් ධනය බුද්ධ ශාසනික කටයුතුවලට නිර්ලෝභීව පිsරිනැමූ අතර, අන්යාගමික බැතිමතුනට වෙනසක් නැතිව ධන පරිත්යාග කර ඇත. ජීවක වෛද්යවරයා සිය දිවියෙහි අවසාන කාලයෙහි බුදු සසුනෙහි පැවිදි වුනු අතර මාර්ගඵල ලැබූ ප්රසන්න පුද්ගලයන් අතර ප්රධාන තැන ජීවකට හිමිවිය යුතුම යෑයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. (අංගුත්තර නිකාය) භාර්හුට් ස්ථූපයෙහි ඇති 'භාර්හුට් කැටයමක' ජීවක අඹ වනයෙහි මණ්ඩමාල නම් වූ නිසීදක ශාලාව විදහා පෙන්වා දක්වා ඇත. ජීවක අඹ වනයෙහි ගොඩනැඟිලි සංකීර්ණය එදවස බුදුන් වැඩ සිටි කාලයෙහි ව්යාප්තව ඉදිවී තිබිණ. මේ සංකීර්ණයේ චතුරස්රාකාර ගොඩනැඟිලි නටබුන් හමු වී ඇත. ඒ අතර භාජන, පාත්ර, දීසි, කෝප්ප ආදී උපකරණ රාශියක නටබුන් ද ඉන්දීය පුරාවිද්යාඥයන් සොයා ගෙන ඇත.

තථාගතයන් වහන්සේ ලෝවැසියන්ගේ දුක් කම්කටොලුවලට වෙදකම් කළ මහා වෙදාණන් 'භෙසඡ්ජගුරු' ලෙස අංගුත්තර නිකායේ සඳහන් වේ.


    බුද්ධත්වයට පෙර අවධිය දක්වාද බුදු ගුණය දකින්න..


More to come....