Nothern Melbourne Sri Lankan Association


තෙරුවන් සරණයි ....! මෙවැනි මිච්ඡා වාචාවන් අසන්නට භික්‍ෂුව කරපු අකුසලය කුමක්ද කියලා මීට සති දෙකකට පෙරාතුව, රන් තැඹිලි පැහැයෙන් ප‍්‍භාෂ්වරව ආලෝකවත් වූ, නව යොවුන් වෙසක් සඳ, රූපයේ, වේදනාවේ, හඳුනා ගැනීමේ, අනිත්‍යභාවය මොනවට කියාපාමින්, ආකාශයෙන් අතුරුදන්ව ගිහිල්ලා, කැලෑ පරිසරය තිත්ත කළුවරයි. තොරතෝංචියක් නැතිව කෑගසන, මුහුණ රවුම්, ලාදුඹුරු පැහැති, කුඩා බස්සාගේ ගොරෝසු කටහඬ, කැලය දෙසින් ඇසෙනවා. අපි හැමෝම කැමැතියි, මිහිරි වචන, පි‍්‍රයවචන, සත්‍ය වචන අහන්න, නමුත් අපේ මොකක්දෝ කරුමයකට, අපිට අසන්නට ලැබෙන්නේම, අමිහිරි, අපි‍්‍රය, අසභ්‍ය, මිච්ඡා වාචාවන්මයි. භික්‍ෂුව සමහර අවස්ථාවල සිතනවා, මෙවැනි මිච්ඡා වාචාවන් අසන්නට භික්‍ෂුව කරපු අකුසලය කුමක්ද කියලා. භික්‍ෂුව ළමා කාලයේදී, පාසල් වයසේදී, මගේ අම්මා තාත්තාට බොරු කියලා තිබෙනවා. සමහර විට, මේවායේ විපාකයන් වෙන්නැති, වර්තමානයේ මිච්ඡා වාචාවන්ගෙන් පිළුණු වචන අපිට අසන්නට ලැබෙන්නේ. වර්තමානයේ පිංවත් ළමා සහ තරුණ දරුවන් දෙමාපියන්ට බොරු කියන්න, බොරු කරන්න එපා. එහෙම කළොත් අනාගතයේ ඔබලාට අමිහිරි මිච්ඡා වාචාවන්මයි අත්දකින්න වෙන්නේ. maharahathun2 සම්මා වාචාවන් දුර්වල කොටගත් පාලක පිංවතුන් ජීවත්වෙන රටක, අනාගතයේ අමිහිරි හඬින් කෑගසන බස්සන්ගේ ගහනය ගොඩාක් වැඩිවෙන්න පුළුවන්. ධර්මය විවෘතව බබළනවා. ඒ කියන්නේ ධර්මය ඒහිපසිස්කයි, ධර්මයේ ඒහිපස්සික ගුණය සමාජය තුළින්, පරිසරය තුළින් මතුකොට දකින්න නම්, සතිය, සිහිය, තිබෙන්නටම ඕනේ. සතිය, සිහිය, දුර්වල තැන, බස්සා යනු තවත් නිශාචර පක්‍ෂියෙක් පමණක්මයි. අපි බස්සාව කමටහන් කොට ගන්නේ නැහැ. අපි හදන්නේ බස්සාව සංරක්‍ෂණය කරන්නයි. අද උදෑසන භික්‍ෂුව ගමට පිණ්ඩපාතයේ වඩිනකොට, ගොන් නාම්බන් කිහිපදෙනෙක්ම මද ලකුණු පහළ වුණ එළදෙනෙක් සමග රාගයෙන් බැඳිලා, කාමයේ ආශ්වාදය කෙටිය කියලා, මේ සතුන් දන්නේ නැහැ. ඒ නිසාම තාවකාලිකව එළදෙනගේ පහස වෙනුවෙන්, ගොන් නාම්බෝ දෙදෙනෙක් වෙල් යායේ ඇනකොටා ගන්නවා. සෑමවේලාවේම තිරිසන් ලෝකයේදී, ශක්තිවන්තයා ජයගන්නවා. එය තිරිසන් ධර්මයයි. නමුත් මනුෂ්‍ය ලෝකයේදී, මේ තත්ත්වය වෙනස්, නීතිය විසින්, ගුණධර්ම විසින්, ශීලයෙන් ලබන, විනය, හික්මීම විසින්, ඇත්ත, යුක්තිය, සාධාරණයයි ජයගන්නේ. ඒත් මනුෂ්‍ය සමාජයේදී දැන්, දැන් මේ තත්ත්වය වෙනස්වෙලා, තිරිසන් අධ්‍යාත්මය, උතුම් මනුෂ්‍ය ආධ්‍යාත්මය සමග ටිකෙන් ටික මුහු වෙනවා. දේව ධර්මයන් වෙත ඇත්ත, යුක්තිය, සාධාරණය වෙනුවට, නිලය, බලය, ධනය, ඇති ශක්තිවන්තයා, සියලූ තැන්හිදී ජයගන්නා සතර අපා ආධ්‍යාත්මය, මනුෂ්‍යයාගේ අවාසනාවන්ත උරුමය බවට පත්වෙමින් පවතිනවා. පසුගිය කලබලකාරී සිද්ධීන් පසුපස සිටි අතළොස්සක් වූ මුස්ලිම් දේශපාලන නායකතුමන්ලා හෙට දවසේ, මුස්ලිම් අපි මේ රටේ සුළු ජාතියයි. සිංහල බෞද්ධ ඔබ මහා ජාතිය යැයි, ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න පුළුවන්. සිරගතකොට ඇති හමුදා සාමාජිකයන් සහ ගෞරවනීය ස්වාමින්වහන්සේ වහාම නිදහස් කරන්නැයි, මෙතෙක් රාජ්‍ය දුර්වල කිරීම උදෙසාම කටයුතු සිදු කළ, ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන නායකතුමන්ලා හෙට දවසේ උද්ඝෝෂණය කරන්න පුළුවන්. රාජ්‍යයේ විනාශය උදෙසා බලවත් වැරදි සිදු කළ සහ එවැනි වැරදි සිදු කරද්දී ඒවාට ඇස් කන් වසාගෙන සිටි, පිංවත් සිංහල බෞද්ධ නායකයන්, ගෞරවනීය ස්වාමින්වහන්සේගේ, සිවුර කොන් අල්ලාගෙන ජනතාව අතරට එන්න පුළුවන්. පිංවත් සිංහල බෞද්ධ ජනතාව වගේම, පිංවත් මධ්‍යස්ථ කි‍්‍රස්තියානි, මුස්ලිම්, හින්දු, පිංවතුන් රාති‍්‍ර කාලයේ වැටුණ වළේ, නැවත දවල් වැටෙන්න යන්න එපා. දේශීය පාලක පිංවතුන්ලාගේ දුර්වලභාවයන් නිසාම, ජාත්‍යන්තරය විසින් ඇටවූ බරපතළ උගුලක, රාජ්‍යය සිරගත කරන්න යන මොහොතක්. සියලූම ජාතීන් සමගියෙන් ජීවත් වෙන මේ සිංහල බෞද්ධ රටට අකීකරු වූ සියලූම පාර්ශ්වයන්, එකතුවී රටේ ජනතාව, බොරුවෙන්, රඟපෑමෙන් වංචාකාරීව රැවටීමට උත්සාහ කරන කාලයක් බවට, ඉදිරි මාස හය පත්වේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සියලූම සංස්කාරයෝ අනිත්‍යයි කියලා. මේ උතුම් සිංහල බෞද්ධ රටත්, මේ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ග අනිත්‍ය වූ ධර්මතාවයන්මයි. සියලූ සංස්කාරයෝ අනිත්‍ය වී යන නිසාමයි, භික්‍ෂුව පිංවත් ඔබට මේ සටහන තබන්නේ, මේ අනිත්‍ය වෙන සංස්කාරයන්, ඊළඟ පරම්පරාවටත් ආරක්‍ෂාකොට දෙන්නය කියලා, පිංවත් ඔබව දැනුවත් කරන්නයි. අනිත්‍යභාවයට පත්වෙන සංස්කාරයන් යම් පමණකට හෝ ආරක්‍ෂාකොට දෙන, එකම මාර්ගය තමයි, ආර්ය අශ්ඨාංගික මාර්ගය. සමස්ත රට ඉදිරියේ දිගහැර තිබෙන අළුයට තිබෙන රත්පැහැ ගිනි පුපුරු නිවා දමන්නට නම්, පිංවත් ජනතාව තුළ සතිය සහ සිහිය තිබෙන්නට ඕනේ. සතිය, සිහිය, ඇතිවෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය ඇතිවෙන්න නම්, පංචශීලයේ ආරක්‍ෂාව තිබෙන්නට ඕනේ. ජාති, ආගම්, භේදයකින් තොරව කරුණාකර ගෞරවනීය රටවැසි පිංවතුන්ලා පංචශීලයේ ආරක්‍ෂාව තුළ ශක්තිමත් වෙන්න. ඉන්ද්‍රිය සංවරය ඇතිකොටගන්න. සියලූම අවස්ථාවාදී ර්‍ණ නරක, නපුරු, ධර්මතාවන්ට, කණ්ඩායම්වලට මෙත් සිතම පතුරවන්න. පිංවත් ඔබ ඉදිරියේ කි‍්‍රයාත්මක වෙන පවුකාර මනුෂ්‍යයන්ගේ කි‍්‍රයාකාරකම්, අපේම අතීත අකුසල් සංස්කාරයන්ගේ ඵලයන් වශයෙන්ම දකින්න අයහපත විපාක දෙන විට යහපත තුළින් අයහපත ජයගන්න. ආර්ය ශීලයෙන්, ආර්ය සද්ධාවෙන් තොර කිසිම පිංවතෙක් අපිට සියයට සියයක්ම විශ්වාස කරන්න බැහැ. උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ සෑම පිංවතෙක්ම කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය දුර්වල නම්, ධනය, බලය සහ නිලතල ඉදිරියේ පිරිහෙන ස්වභාවයෙන් යුක්තමයි. එම නිසා පිංවත් ජනතාව තමන්ට නායකයෙක් තෝරාගැනීමේදී අනුගමනය කළ යුතු ධර්මානුකූල ප‍්‍රවේශය, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඇසුරෙන් පහත සටහන් තබනවා. පිංවත් ඔබ නායකත්වයට තෝරා ගැනීමට බලාපොරොත්තු වන පිංවතාගේ ශීලය ගැන හොඳින් විමසා බලන්න. ඔහු සමාජය ඉදිරියේ සිල්වත් භාවයෙන් පෙනී සිටියත්, අප‍්‍රකටව දුශ්ශීල කෙනෙක්ද, ඔහු තමනුත් පංචශීලයෙන් ආරක්‍ෂා වී සමාජයට පංචශීලයෙන් පූර්වාදර්ශයක්් දිය හැකි කෙනෙක්ද? නැවත නැවත සොයා බලා එම නායකයාගේ ශීලය ගැන තීරණය කරන්න. දෙවැනිව ඔබ තෝරාපත්කර ගන්නා නායකයාගේ නුවණ සහ බුද්ධිමත් භාවය ගැන ඔහු සමඟ සාකච්ඡාවෙන්, ඔහුගේ දේශන ඇසුරෙන්, හොඳින් සොයා බලන්න. රටේ සාමය, සංවර්ධන, ජාතික සමගිය, ජාතික ආරක්‍ෂාව උදෙසා ඔහු සතු සැලසුම්, ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට ඔහුට ඇති හැකියාව හොඳින් විමසා බලන්න. ඔහු රට වෙනුවෙන් මෙතෙක් දරා ඇති වගකීම්, අවංකභාවයෙන් සහ රටට ආදරයෙන් ඉටු කොට තිබේද යන්න හොඳින් සොයා බලන්න. තෙවැනිව ඔබ නායකත්වයට තෝරා ගන්නා නායකයාට අභියෝගයන් ඉදිරියේ තම රට ජයග‍්‍රහණයන් කරා මෙහෙයවීමට අවශ්‍ය පෞරුෂත්වය තිබේද යන්න හොඳින් සොයා බලන්න. මංකොල්ලකාර දේශීය සහ විදේශීය බලවේගයන්ගේ, බලවත් ගොදුරක්, බවට රට පත්වී තිබෙන මොහොතක, පංචශීලය තුළ හික්මෙන, දැනුමෙන් සහ ලෞකික ප‍්‍රඥාවෙන් පොහොසත්, සියලූ අභියෝගයන් ඉදිරියේ නොසැලෙන, නායකයෙක්, සියලූම නායකයන් අතරින්, තෝරාගැනීමට පිංවත් ඔබ දක්‍ෂ විය යුතුයි. මුළු රටම අඩපණ කළ, උමතු ආගමික වියරුව, සුන්දර වෙසක් සඳ පායාගෙන එද්දී, ආශ්චර්යයක් සේ් සංසිඳී ගියා. ඒ තාවකාලික සංසිඳීම ඇති කළේ, සුන්දර වෙසක් සඳ විසින් නොවේ, වෙසක් සතියේ පිංවත් ඔබගේ ජීවිත තුළින් ශක්තිමත් වුණ ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය තුළින්මයි. උතුම් ධර්මයේ ශක්තිය තවමත් ජීවමානයි, ප‍්‍රශ්නය වන්නේ, අනතුරක් පහව ගිය විට, පිංවත් ජනතාවට ධර්මය අමතක වීමයි. අපි සැමගේම ජීවිත, රටේ කි‍්‍රයාත්මක වන වගකීම් විරහිත දේශපාලනය හේතුවෙන්, බලවත් අනතුරකට ඇද දමා තිබෙන මොහොතක, පිංවත් ජනතාව ආශ්වාදයෙන් බැහැර වී සතිය සිහියෙන් කටයුතු කරන්න. සතිය සිහිය ඇතිකොට ගන්න නම්, ඔබ තුළ ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇතිවෙන්න නම්, පංචශීලයේ ආරක්‍ෂාව අත්‍යවශ්‍ය වෙනවා. පිංවත් ඔබ අනුනට චෝදනා කිරීමට ඇඟිල්ලක් දිගු කරන විට, ඔබ දෙසට ඇඟිලි හතරක්ම දික්වෙන බව කරුණාවෙන් සිතන්න. විනාශය ද එසේත් නැතිනම් ආරක්‍ෂාව ද කියන අර්ථයන් දෙක, අපි සියලූ දෙනා ඉදිරියේ තරගවැදි සිටින මොහොතක, පිංවත් ඔබ ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන්, ශීලයේ ශක්තියෙන්, උපන් දේශයේ ආරක්‍ෂාව ජයග‍්‍රහණය දෙසට ඔසවා තබන්න දක්‍ෂ වෙන්න. ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න... තෙරුවන් සරණයි සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org