සත්වයන් කම් සැප බහුලව විදින ලෝකවලට "කාමාවචර සුගති " යන නම යෙදේ. මිනිස් ලොව කාමාවචර සුගති ගණයටම අයත් වේ . එබැවින් මිනිසෙකු ලෙස උප්පත්තිය ලබනුයේ කුසල කර්ම වල විපාක හේතු කොට ගෙනය. මිනිස් ලොව හැරුණු කොට තවත් කම් සැප බහුල තැන් 6 ගැන සුත්‍ර ධර්මයෙහි දැක්වේ .ඒවා කාමාවචර දිව්‍ය ලෝක නම් වේ කාමාවචර දිව්‍ය ලෝක ගණන 6 කි.