ඉන්දියාවේ බුදු සසුනට මොකද වුණේ ? බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකට සැබෑ ලෙසම ඉතිහාස අධ්‍යනය තුලිනුත්, ධර්මය තුලිනුත් සත්‍යය සොයමු..... හින්දු නමින් ආගමක් ඇතිවූයේ මෑතකදීය. බුද්ධ කාලයේදී හින්දු යන නාමයවත් අසන්නට නොතිබුණි. සූත‍්‍ර දේශනා අනුව එකල තිබුණේ වේද තුනකි. එනම් ඍග්, යජූර්, ශ්‍යාම් යන වේදයන්ය. ඊට අමතරව බ‍්‍රාහ්මණ හා උපනිශද් වශයෙන් ග‍්‍රන්ථ තිබුණු බව පෙනේ. කුලභේදය මුල්බැසගෙන තිබුණත් ජනතාව අතර යම්කිසි නිදහසක් තිබුණි. නිදහස් ආගමික කණ්ඩායම් ඉස්මතු වී තිබුණි. පරිබ‍්‍රාජකයන්, තාපසයන්, නිගණ්ඨයන් ද වැජඹී සිටියහ. බුද්ධ කාලයේදී ශාස්තෘවරු හයදෙනෙකු චිරප‍්‍රසිද්ධව සිටි බව සාමඤ්ඤඵල සූත‍්‍ර ආදියෙන් පැහැදිලිව පෙනේ. ඇත්තෙන්ම එකල බ‍්‍රාහ්මණයන්ට අදාළව විශේෂ ආගමක් නොතිබුණි. ඔවුන්ගේ ප‍්‍රධාන කාර්යයක් වූයේ රාජ්‍ය අනුශාසනයත්, යාගහෝම කිරීමත්, දන්පැන් පිළිගැනීම් ආදියත්ය. එ් බව මේ ශ්ලෝකයෙන්ද පැහැදිලි වේ. ”අධ්‍යයනමධ්‍යාපනම් - යජනං යාජනං තථා දානංප‍්‍රතිග‍්‍රහං චෛව - බ‍්‍රාහ්මණා නාම කල්පයත් ඉගෙන ගැනීමත්, ඉගැන්වීමත්, යාග කිරීමත්, යාග කරවීමත්, දන් පිළිගැනීමත් යන මේ කරුණු නිසා බ‍්‍රාහ්මණ යැයි කියනු ලැබේ.” විශේෂයෙන් ඉන්දියාව පුරා පැතිරී ගොස් තිබුණේ බුදුසමයයි. එය ධර්මාශෝකයන්ගේ මැදිහත් වීමෙන් තවදුරටත් පුළුල්ව ගියේය. ඈත පළාත්වලට ද ධර්ම¥ත භික්ෂූන් වහන්සේලා පිටත් කොට හරින ලදී. ලක්දිවට බුදුදහම ලැබුණේ ද එ් අයුරිනි. මෙසේ බුදුසමය අතිශයින්ම බලවත් වීම නිසා එය බ‍්‍රාහ්මණයන්ට රිදුම් දෙන කරුණක් විය. ඔවුන්ට ලොකුම ප‍්‍රශ්නය වූයේ රජවරුන් බුදුදහම වැළඳගැනීමයි. එකල ලෝකයෙහි තිබූ අතිශය සමෘධිමත් නගරය වූයේ පාටලීපුත‍්‍රයයි. චන්ද්‍රගුප්තයන්ගෙන් ආරම්භ වූ මයුර රාජවංශය අශෝක අධිරාජයා බෞද්ධ වීමෙන් දිගටම බෞද්ධ රාජ පරම්පරාවක් ඇතිවිය. එහෙත් ඒ රජ පරපුරට එතරම් ආයුෂ නොතිබුණි. මයුර රාජවංශික ව‍්‍රහදත්ත රජු මරා බ‍්‍රාහ්මණවංශික පුෂ්‍යමිත‍්‍රශුංග බලෙන් රජවිය. බ‍්‍රාහ්මණයන්ගේ මූලික ගතිගුණ වෙනස් වී ඔවුන් ඍජුවම රාජ්‍යපාලනයට අතගැසුවේය. එහි ප‍්‍රතිඵලය විසින් සමස්ත ජම්බුද්වීපයම උඩුයටිකුරු කරන ලද්දේය. ඊළඟට බුදුදහම කණකොකා හඬන පළමුවෙනි විනාශය පටන් ගන්නා ලද්දේ භික්ෂූන් වහන්සේලා විසිනි. එනම් බුදුන් වදාළ ධර්මය සංස්කෘත භාෂාවට හැරවීමයි. මෙය බ‍්‍රාහ්මණයන්ට ඉවසුම් නොදෙන රිදුමක් විය. ඔවුන් වේදය ඉහළින් සැළකුවේ ඍෂිභාෂිතයන් ලෙස ය. එයට ඉහලින් ඔවුන්ට කිසිවක් නොතිබුණි. එහෙත් බුදුදහම සංස්කෘත භාෂාවට හැරවීමෙන් වේදය හා සමානව එය ප‍්‍රකට විය. ස්වභාවයෙන්ම මාන්නයෙන් යුතු බ‍්‍රාහ්මණයෝ සංස්කෘත බුදුදහම කියවා කිපුණහ. එයට හේතුව වූයේ එහි ඇති අනාත්ම දර්ශනයයි. එනිසා බුදුදහමට එරෙහිව වාද විවාද කරන්නට ඔවුන් නොපසුබට වූහ. මහායානික භික්ෂූන් විසින් නාලන්දා විශ්වවිද්‍යාලයේ සියලූ කටයුතු කරන ලද්දේ ද සංස්කෘත භාෂාවෙනි. උගතුන් හඳුන්වන ලද්දේ පණ්ඩිතයා නමිනි. අදටත් බ‍්‍රාහ්මණවරුන් තමන්ව හඳුනාගන්නට පාවිච්චි කරන්නේ පණ්ඩිත යන වචනයයි. කොටින්ම බුදුදහම විනාශ කිරීමෙහිලා මුලින්ම හටගෙන තිබෙන්නේ සැකය හා වාදවිවාදයන්ය. එය පළමුව ශාසනය තුළින්ම හටගත්තේය. කතාවස්තුප‍්‍රකරණය නම් වූ අභිධර්ම ග‍්‍රන්ථය කියවීමෙන් නා නා නිකායන්ට භේදභින්න වූ භික්ෂූන් වහන්සේලා විසින්ම තම ධර්මයට විරුද්ධව ගොඩ නගන ලද මතවාදයන්ගේ ස්වභාවය සිතාගත හැකිය. ගෞතම බුදු සසුනෙහි ධර්මාවබෝධයට එරෙහිව බෝධිසත්ව සංකල්පය හා මහායානය උපද්දවන ලද්දේ බ‍්‍රාහ්මණයන් නොවේ. වාදවිවාදාපන්න වූ භික්ෂූන් වහන්සේලා විසිනි. භික්ෂූන් භික්ෂූන් අතර දිගින් දිගටම වාද විවාද පැවතුණි. බොහෝ විට මෙයින් මහායානිකයෝ ජයගත්හ. ජනතාවගේ සිත් ගැනීම පිණිස ඔවුහු නිර්මාංශ ආහාර අනුභව කළහ. සංසාරයත්, නිර්වාණයත් අතර වෙනසක් නැතැයි දෙකම පැවැත්මෙන් ශූන්‍යයි කෙස් පැලෙන තර්ක කළහ. මේ තුළින් පළමුව අවුල්ව ගියේ බුදුරජුන් වදාළ නිවන් මගයි. මෙසේ ක‍්‍රමක‍්‍රමයෙන් ගෞතම සසුන හීන වී ගිය අතර බුදු දහමට හාත්පසින්ම වෙනස් වූ මහායානය නමින් අලූත්ම ධර්මයක් නිපදවූහ. බ‍්‍රාහ්මණයන්ගේ වාදවිවාදයන්ට ගොදුරු වූයේ මහායානිකයන්ය. එයට මුහුණදීම පිණිස නාලන්දා විශ්වවිද්‍යාලයට ද වාද විවාද පිළිබඳව තර්ක න්‍යාය මීමංසා ආදී වාද ග‍්‍රන්ථ ලියන්නට සිදුවිය. බ‍්‍රාහ්මණයන් හා ප‍්‍රසිද්ධ වාද විවාද කරන්නට සිදුවිය. සසර දුකෙන් මිදෙනු පිණිස බුදුරජුන් වදහළ දහම වාද විවාද කොට නැතිකරගත් පසු අලූතින් උපදවා ගත් මහායානය තුළින් බුදුදහමේ විනාශය ආරම්භ වූයේ ඔය ආකාරයෙනි. ඇතැම් අවස්ථාවන්හීදී භික්ෂූහු ජයගත්හ. එවිට පරාජිත බ‍්‍රාහ්මණයන් සංඝයාගේ දාසයෝ බවට පත්වූහ. ඇතැම්විට බ‍්‍රාහ්මණයෝ ජයගත්හ. එවිට භික්ෂූන්ට සිදුවූයේ අසිපතට ගෙල පිදීමයි. දිගින් දිගටම බ‍්‍රාහ්මණයන් සහ භික්ෂූන් අතර ඇතිවූ මේ වාදවිවාද හේතුවෙන් බුදුදහම පිළිබඳව බරපතල විකෘති චිත‍්‍රයක් බ‍්‍රාහ්මණයන් තුළ ඇතිවිය. එනම් බුදුරජාණන් වහන්සේ පහළ වූයේ වේදය විනාශ කිරීම පිණිසය යන හැඟීමයි. ඔවුන්ට බුදුරජාණ්න වහන්සේව පෙනුනේ ඉතා දරුණු අනුකම්පා විරහිත අසුර නායකයෙකුගේ චරිතයක් ලෙසයි. අදටත් ඉන්දියාවේ පවතින්නේ එ් අදහසයි. බුදුරජුන් කරන ලද්දේ අසුර නියෝජනයක් බවත්, අසුරයන්ගෙන් වේදය ඈත් කිරීම පිණිස පැමිණි විෂ්ණු අවතාරයක් බවත් ලියමින් බ‍්‍රාහ්මණයන් අද්භූත කටකථා පතුරුවන ලදී. අවතාරවාදය ඇතිවූයේ ඔය අවදියේදීය. බුදුදහමේ කරුණු උපුටාගත් බ‍්‍රාහ්මණයෝ ශ්ලෝක ලක්ෂයකින් යුතු ‘මහාභාරත මහාකාව්‍ය’ ලියන ලද්දේ බුදුදහම නැති කිරීමේ අරමුණින්මය. ශ්ලෝක ලක්ෂයකින් යුතු මහාග‍්‍රන්ථය පළමුවෙන් ලියන ලද්දේ ආචාර්ය නාගර්ජුනපාදයන් විසිනි. එය ශූන්‍යතාවාදය සම්බන්ධයෙනි. මහාකාව්‍ය පළමුවෙන් ලියන ලද්දේ අශ්වඝෝෂයන් විසිනි. එය බුද්ධචරිත මහාකාව්‍යයයි. එ්වා මහායාන ග‍්‍රන්ථයන්ය. බ‍්‍රාහ්මණයන් මේ සියල්ලම උඩුයටිකුරු කරන ලදී. ක‍්‍රි.ව. 4 වන සියවස වන විට ඉන්දියාවේ පැවති බෞද්ධ විරෝධය කොතරම් බරපතලදැයි අපට සිතාගත හැකි වන්නේ හේමමාලා සහ දන්ත කුමරු දළදා වහන්සේ මෙරටට වැඩම කළ ආකාරය තේරුම් ගනිද්දීය. ඔවුන් මෙහි පැමිණියේ පරිබ‍්‍රාජකයන් ලෙස වෙස්වලා ගෙනය. එයින් පෙනෙන්නේ බෞද්ධ ගිහියෙකුටවත් පාරට බැස යන්නට නොහැකි තත්වයක් උදාවෙමින් තිබූ බවයි. නමුත් පරිබ‍්‍රාජකයෙකුට නිදහසේ ඇවිදයාමේ හැකියාව තිබුණි. බ‍්‍රාහ්මණවරුන්ට ප‍්‍රධානම අභියෝගය වූ බුදුදහමමයි. එහෙයින් ඔවුහු බුදුදහම විනාශ කිරීමෙහිලා අනේකවිධ උපක‍්‍රම සොයන්නට වූහ. එකල පර්සියානුවන් ඇදහූ ඉතා දරුණු අසුර බලවේගය විය. එය හඳුන්වන්නේ ‘මිත‍්‍ර දෙවියා’ නමිනි. මෙම දරුණු අසුර බලවේගය වේදයෙහි හඳුන්වන්නේ ‘රුද්‍ර’ යන නමිනි. බමුණන් විසින් එම රුද්‍ර බලවේගය ‘ශිව’ නමින් වැළඳගන්නා ලදී. විශාල වශයෙන් ශිවට යාගහෝම කරන ලද්දේ බුදුදහම විනාශ කිරීම පිණිස වරම් ලබාගැනීමටය. සැබැවින්ම ශිව විසින් එකරුණ ඉටුකරන ලදී. එනම් ශිවට පුදපූජාවල් තැබීම හේතුවෙන් බුදුදහම විනාශ කිරීමෙහි මහා තාර්කික බලයෙන් යුතු සංකරාචාර්යයා ක‍්‍රි.ව. 788 දී කේරළයෙහි උපන්නේය. ඉතා කුඩා අවදියේම සන්‍යාසියෙකු බවට පත්වූ හෙතෙම බිහිසුණු වාද විවාද කරමින් බුදුදහම සුණු විසුණු කරන ලදී. හිමාලය මුදුනේ තිබූ බෞද්ධ සිද්ධස්ථානය භද්‍රිනාත් බවට පත් කරන ලදී. දන්ත පුරයෙහි තිබූ ශ‍්‍රී දළදා මාලිගය විනාශ කොට දන්ත යන නමද ඉවත් කොට පූරී යන නම දමා එහි කෝවිලක් තනා ජගන්නාථ මන්දිරය යැයි නම් තබන ලදී. ගුජරාටයේ තිබූ ප‍්‍රධාන බෞද්ධ විද්‍යාලය විනාශ කොට ශ‍්‍රින්ගරී මඨ නම් අන්තවාදී බ‍්‍රාහ්මණ විද්‍යාලයක් තනන ලදී. කාංචිපුරම්හි තිබූ ප‍්‍රධාන බෞද්ධ විහාරය විනාශ කොට එහිද ප‍්‍රධාන බ‍්‍රාහ්මණ විද්‍යාලයක් තනන ලදී. මෙසේ බුදුසසුන අතුරුදහන් වීම ආරම්භ වූයේ මෙම සංකරාචාර්යවරයාගේ ආරම්භක විනාශයත් සමඟය. ඉන් අනතුරුව දකුණු ඉන්දීය අන්තවාදී බ‍්‍රාහ්මණයන්ගේ උකුසු ඇස ලංකාද්වීපයට එල්ල විය. ලංකාවේ බුදු දහම විනාශ කිරීම ඔවුන්ගේ ඊළඟ ඉලක්කය විය. එ් වෙනුවෙන් ඔවුන් එක් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. එනම් ලංකාවට ද්වේෂ කරන ජනකායක් ඉන්දියාවේ බිහි කිරීමයි. එම අරමුණ සාර්ථක කරගන්නා ලද්දේ රාමායනය නම් වූ විකාර ප‍්‍රබන්ධය ලිවීමෙනි. තවමත් එහි අහිතකර ප‍්‍රතිඵල අපි භුක්ති විඳිමින් සිටිමු. බොහෝ අන්තවාදී දෙමළ කණ්ඩායම්වලට දකුණු ඉන්දියානු බ‍්‍රාහ්මණයින්ගේ පූර්ණ සහයෝගය ලැබෙන්නේ රාමායනයේ බලමහිමයෙනි. මැක්ස්මුලර් පඬිවරයා හින්දු දහම යනුවෙන් හඳුන්වනු ලද්දේ සංකරාචාර්යවරයාගෙන් පසු ආරම්භ වූ බ‍්‍රාහ්මණයින්ගේ ඇදහිලි හා විශ්වාසයන්ය. කොටින්ම නාලන්දා විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ බෝධිසත්ව වන්දනාව, බෝසත් ස්ත‍්‍රීන් වන්දනාව ආදී සියල්ල බමුණන් විසින් තමන්ගේ පැත්තට හරවා ගන්නා ලදී. අද දක්නට ඇති කාලි වන්දනාව, දුර්ගා වන්දනාව මෙන්ම මහායාන භික්ෂූන් නිපද වූ තාරා වන්දනාව ද ආදී ස්ත‍්‍රීන් වන්දනා කිරීමට බමුණන් පෙළඹුනේ මහායානය නිසාය. නාලන්දා විශ්වවිද්‍යාලය මුළුමනින්ම විනාශ කිරීම පිණිස කෲර මුස්ලිම් ආක‍්‍රමණිකයන් පොළඹවන ලද්දේ ද බ‍්‍රාහ්මණයන් විසිනි. බමුණන් විරුද්ධ වූයේ බුදුදහමටත් භික්ෂූන්ටත් පමණක් නොවේ. බුදුරජුන් කෙරෙහි මහත් භක්ති පේ‍්‍රම ඇති සක් දෙවිඳු ආදී දෙවිවරුන්ටත්, ඇතැම් බ‍්‍රහ්මයින්ටත් විරුද්ධ වූහ. සක් දෙවිඳුන්ව ගැරහීමට හා සිනහවට ලක්වන අයුරින් ප‍්‍රබන්ධ කතා කොට හෑල්ලූවට ලක් කිරීමට ද පසුබට නොවූහ. ක‍්‍රම ක‍්‍රමයෙන් සක් දෙවිඳුන් ප‍්‍රමුඛ සතර වරම් දෙවිවරුන් මෙන්ම ආටානාටිය සූත‍්‍රයේ සඳහන් සෙන්පති දෙවිවරුන් පිළිබඳ විශ්වාසය මුළුමනින්ම තුරන් කරන ලදී. ශිව, කාලි, ගණපති ආදී අසුර බලවේගයන්ට මුල්තැන ලබාදුන්හ. මේ හේතුව නිසා බෞද්ධ දෙවිවරුන්ගේ මතකය බෞද්ධයන් තුළින් ද මැකී ගියේය. කොටින්ම එබඳු දෙවි පිරිසක් පිළිබඳව අද ඉන්දියානුවෝ නොදනිති. ශංකරාචාර්යයන් ඉදිරිපත් කරන ලද්දේ අද්වෛතවාදය සහ නිර්ගුණබ‍්‍රහ්මණ්වාදයයි. එ් සඳහා ඔහු පාදක කරගන්නා ලද්දේ නාගර්ජුනයන්ගේ ශූන්‍යතාවාදයයි. මෙනිසා තත්කාලීන පඬිවරු මොහුට ‘ප‍්‍රච්ඡුන්නබෞද්ධ’ හෙවත් ‘සැඟවුණු බෞද්ධයා’ යන නාමය කියන ලදී. මොහු තුළ තිබූ බෞද්ධ වෛරය ඉතා අසාමාන්‍ය එකකි. එයට හේතුව වූයේ බ‍්‍රාහ්මණයන් විසින් පුරාණ නමින් ගොතන ලද මිත්‍යා ග‍්‍රන්ථයන්හි බුදුරජුන්ට සහ එම ධර්මයට විරුද්ධව ඇති ප‍්‍රලාපයන් ය. මහාචාර්ය පී. නාරයන් විසින් ශංකරාචාර්යගේ ජීවිත කථාව ලියාගෙන යද්දී මෙසේ සඳහන් කරයි. ”වේදයටත්, එම දර්ශනයටත් අභියෝග කළ විප්ලවකාරී දරුවා වූයේ බුදුදහමයි. බුදුසමය විසින් දේව මැවිල්ල හා ආත්මය ප‍්‍රතික්ෂේප කරන ලදී. මෙසේ වේදයේ මූලික ඉගැන්වීම්වලට අභියෝගයක් වූ සිද්ධාර්ථයන්ගේ ධර්මය බ‍්‍රාහ්මණයෝ ඉතා දැඩි ස්වරූපයකින් මර්ධනය කළහ.” මෙවැනි ප‍්‍රකාශවලින් පෙනෙන්නේ බුදුදහමෙහි මූලික හරය වන චතුරාර්ය සත්‍යාවබෝධය යටපත් වී නා නා ආගමික මතයන් පිළිබඳව වාද විවාද කෙතරම් උස්ව තිබුණේ ද යන්නයි. ශංකරාචාර්යයන්ගේ සමකාලීනව එක්තරා බ‍්‍රාහ්මණයෙක් නාලන්දාවෙහි ඉගෙනීමට ගියේය. නාලන්දා විශ්වවිද්‍යාලයෙහි එකල උගන්වන ලද්දේ වේද විශ්වාසයන්ට විරුද්ධව බ‍්‍රාහ්මණයන් හා වාද විවාද කිරීමට සූදානම් කිරීමයි. ඇතැම් භික්ෂූන් වහන්සේලා තියුණු ලෙස බමුණු දහම විවේචනය කරන ලදී. මෙයින් කම්පාවට පත් වූ එක් බ‍්‍රාහ්මණවංශික භික්ෂුවක් සිවුරු හැර ගොස් භික්ෂූන් හා වාද විවාද කොට පරදවා ඔවුන්ව මරවන්නට විය. හේ වනාහී කුමාරිලභට්ටයන්ය. ඔහු විසින් තමන්ගේ ගුරුවරයාව ද මරවන ලදී. මෙයින් කම්පනයට පත් හෙතෙමේ තමා විසින්ම පිදුරු ගොඩක් ගොඩ ගසාගෙන ගිනිතබා ගනිමින් ජීවිතක්ෂයට පත්වන්නට සූදානම් විය. එ් මොහොතේදී ශංකරයන් එතැනට පැමිණියේය. ”වේද ආගමට විරුද්ධ කොටසක් මා විනාශ කළා. ඉතිරි කොටස විනාශ කිරීම තොප සතුය. මා මේ ගිනි තබාගෙන මැරෙන්නේ ගුරුවරයා විනාශ කළ වරදට ය” යනුවෙන් පැවසූ කුමාරිලභට්ටයන් ගිනි තබාගෙන දිවි නසා ගත්තේය. ක‍්‍රි.ව. 334 - 420 කාලයේ ෆාහියන්ගේ සංචාරය වන විට සමස්ත ඉන්දියාව පුරා බුදුදහම පැතිර ගොස් තිබූ බවට සාධක තිබේ. එමෙන්ම හියුං සියෑන් භාරතයෙහි සංචාරය කරන කාලය වන විට මහායානය බලවත්ව තිබුණු අතර, භික්ෂූන් අතර ද වාද විවාද පැණ නැඟී තිබුණි. වරක් හියුං සියෑන් විසින් ද ගෞතම සසුනේ මගඵල ලබන්නට ආසා කරමින් සිටි භික්ෂු පිරිසක් වාද කොට පරද්දවන ලදී. එ් පරාජිත භික්ෂූන්ව මහායානයට හරවා පාරමී පුරන්නට පොළඹවන ලදී. මේ අයුරින් ථේරවාද බුදුදහම විනාශ කරන ලද්දේ මහායානිකයන් විසිනි. මහායානිකයන්ව විනාශ කරන ලද්දේ බ‍්‍රාහ්මණයන් හා මුසල්මාන්වරුන් විසිනි.... බ‍්‍රාහ්මණයන් විසින් බෞද්ධයන් විනාශ කිරීම පිණිස කරන ලද කටයුතු පිළිබඳව කරුණු ගොනු කිරීමක් මෑත කාලීන උගතුන් විසින් කර තිබේ. එ්වා මෙසේය. x ධර්මාශෝක රජුගේ පරපුර පැවතුණේ ඉතා සුළු කලකි. මයුරවංශික අධිරාජ්‍යයෙකුව සිටි ව‍්‍රහද්දත්ත හට බ‍්‍රාහ්මණ වංශික සෙන්පතියකු සිටියේය. ඔහුගේ නම පුෂ්‍යමිත‍්‍රශුංග වේ. දෛනිකව කරන හමුදා නිරීක්ෂණයේදී කුමන්ත‍්‍රණකාරී පුෂ්‍යමිත‍්‍රශුංගයන් විසින් අධිරාජ්‍යයා ඝාතනය කරන ලදී. එතැන් සිට ක‍්‍රි.පූ. 185-151 කාලය තුළ තිස් හතර අවුරුද්දක් පාලනය රැුගෙන ගිය මෙම බ‍්‍රාහ්මණ නායකයා විසින් බෞද්ධ ස්ථූප විනාශ කරන ලදී. භික්ෂූන් මරණ ලදී. බොහෝ සිද්ධස්ථාන වනසන ලදී. ‘ශුංග’ පෙළපත ආරම්භ කරන ලද්දේ මොහු විසිනි. මෙය ක්ෂත‍්‍රිය වංශයක් නොව බ‍්‍රාහ්මණ වංශයකි. මෙයම වර්ණාශ‍්‍රම ධර්මයට විරුද්ධ ය. වේදයට අනුව මෙවැන්නකට ඉඩක් නැත. පෙර ඔවුන් පුරෝහිතයන් පමණි. එහෙත් දැන් රජවරුත් පුරෝහිතයෝත් දෙකොටසම ඔවුන් ය. x බ‍්‍රාහ්මණයන් විසින් කුලප්පු කරන ලද රාජවංශයක් සිටියේය. පර්සියාවෙන් සහ මධ්‍ය ආසියාවෙන් පැමිණි මොවුන් හඳුන්වන්නේ ‘හූන’යන් ලෙසය. ඉතා කෲර පෙළපතක් වන මොවුන්ගේ පුරෝහිත වූවෝ බ‍්‍රාහ්මණවරු ය. බමුණන් විසින් මොවුන් හරහා බෞද්ධයන් සමූලඝාතනය කරවන ලදී. ‘තෝරමාන’ නම් බ‍්‍රාහ්මණ රජුගේ පුත‍්‍රයා වන ‘මිහිර්කුල’ විසින් කැරැුල්ලක් උපද්දවන ලදී. සමස්ත වයඹ භාරතය තමාගේ ග‍්‍රහණයට නතුකොට සියලූ බෞද්ධයන් විනාශ කරන බවට ප‍්‍රතිඥා දෙන ලදී. ප‍්‍රදේශභාර බෞද්ධ රජු විසින් කැරලිකාර මිහිර්කුල අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් මහායානභක්තික එම රජුගේ මෑණියන් මිහිර්කුලට සමාව දීමටත්, රාජ්‍ය සේවයට බඳවාගැනීමටත් රජුව පෙළඹුවාය. එහි ප‍්‍රතිඵල විසින් එම බෞද්ධ රාජ වංශයම මොහු අතින් ඝාතනය විය. මිහිර්කුල රජවිය. බෞද්ධයන්ගේ ලෙයින් ගංගා නදියේ ජලය රක්තවර්ණ විය. මොහු විසින් විහාරාරාම එක්දහස් හයසියයක් වනසන ලදී. නව ලක්ෂයක් බෞද්ධයින්ව ඝාතනය කරන ලදී. වර්තමානයේ ‘ජලන්ධර්’ යනුවෙන් හඳුන්වන්නේ එම ප‍්‍රදේශයයි. x නාලන්දා, වලභි, ජගද්දලා, ඖදන්තපූරි වැනි මහා විශ්වවිද්‍යාලවල බුදු දහමින් පරිබාහිර වූ තිරශ්චීන විද්‍යාවන් උගන්වන්නට විය. එමෙන්ම එහි ප‍්‍රධාන අධ්‍යයන මාධ්‍යය වූයේ සංස්කෘත භාෂාවයි. එමෙන්ම භික්ෂුසංඝයා භේදභින්න වී විවිධ නිකායන්ට කැඞී බිඳී ගොස් තිබුණි. භික්ෂූන් භික්ෂූන් අතර ද ප‍්‍රසිද්ධ වාද විවාද තිබුණි. ථේරවාදය වැනසීම මහායානයේ ප‍්‍රධාන ඉලක්කය විය. පාරමී පුරන බෝසත් පරපුරක් බිහිකිරීමේ නාමයෙන් ගෞතම ශාසනය අතුරුදහන් වෙමින් තිබුණි. ප‍්‍රධාන විශ්වවිද්‍යාලවල ප‍්‍රධාන ඉගැන්වීම් වාදවිවාද පිණිස වූ හෙයින් එකම අර්බුදකාරී තත්වයකට පත්වී තිබුණි. එමෙන්ම තම තමන්ගේ පක්ෂය ජයගනු පිණිස මෙහි යන්ත‍්‍ර, මන්ත‍්‍ර, තන්ත‍්‍ර, ජ්‍යෝතිෂ්‍ය වැනි විෂයයන් බහුල වශයෙන් උගන්වන ලදී. බෝධිසත්ව තිරයට මුවා වී ඔවුන් බලඅරගලයක නියැලී සිටියහ. රාජ පුරෝහිත බවට පත් ඇතැම් භික්ෂූන් වහන්සේලාට රජවරු ඇතුන් පවා පූජා කොට තිබූ බව තාරානාථයන් විස්තර කරයි. ඔවුන් රාජ මාළිගයෙහි දන් වළඳන්නට පැමිණියේ ඇතුන් පිට ය. මේ අයුරින් රාජකීය ලීලාවෙන් ජීවත් වීම නිසා බුදුදහම පොදු ජනයාගෙන් ඈත් වෙමින් තිබුණි. x නීලපට දර්ශනය වැනි ඉතා ග‍්‍රාම්‍ය වූ ලිංගික අභිචාර විධි වලින් යුක්ත වූ යම් යම් පූජාවන් ද ඇතැම් මහායානික භික්ෂූන් වහන්සේලා විසින් නිර්මාණය කරන ලදී. එ් සඳහා නොයෙක් දේවීවරුන් ද නිර්මාණය කරගන්නා ලදී. එ් දේවීවරුන් සඳහා කන්‍යාවියන් ලංකර ගන්නා ලද්දේ දේවදාසියන්ගේ නාමයෙනි. වාදවිවාදවලින් පසු බ‍්‍රාහ්මණයෝ එ්වා පරද්දවා දැම්මෝය. එ් සියල්ලන් හීන කුලීනයන් බවට පත්කළහ. නමුත් දේවදාසියන්ගේ ක‍්‍රමය ඔවුහු තවමත් පවත්වාගෙන යති. x බොහෝ භික්ෂූන් වහන්සේලා උත්සාහ ගත්තේ තන්ත‍්‍ර, මන්ත‍්‍ර තුළින් සිද්ධි හෙවත් ඉර්ධීන් උපදවා ගැනීමට ය. එ්වායේ නටඹුන් අද පවා හින්දු සමාජයෙහි ඉතිරිව තිබේ. ඇතැම් සාධුවරු වනාන්තරවලට ගොස් මන්ත‍්‍ර මතුරමින් සිද්ධි ලබාගැනීමට වෙහෙසෙති. මේවා පුරුදු කරන ලද්දේ මහායාන භික්ෂූන් විසිනි. මෙයට හොඳම උදාහරණය නම් ‘පද්මසම්භව’ නම් මන්ත‍්‍රකාර මහායාන භික්ෂුව ටිබෙටයට ගියේය. ඔහු වනානන්තරයට ගොස් මන්ත‍්‍ර බලයෙන් ව්‍යාඝ‍්‍රයෙකු දමනය කර ඌ පිට නැගී ගියේය. මෙම මන්ත‍්‍රධාරීයා ගොඩබැසූ තැන අද හඳුන්වන්නේ .ඔසටැර ීබ්නැ ඔැපචකැ. නමිනි. මොහු ඉදිරිපත් කළ ව්‍යාජ බුදු දහම ටිබෙටයේ තිබූ ‘බොන්’ නම් මළවුන් ඇදහීම හා එක්විය. අද ටිබෙට් බුදු දහම වශයෙන් හඳුන්වන්නේ එයයි. බොහෝ රටවල් මහායාන බවට පත්වූයේ මෙවැනි ක‍්‍රමයන් තුළිනි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම නිසා නොවේ. යන්ත‍්‍ර, මන්ත‍්‍ර, තන්ත‍්‍ර ආදියෙන් මහායාන භික්ෂූන් ‘සිද්ධි’ ලැබීම තත් කාලීන බ‍්‍රාහ්මණ සමාජයට අභියෝගයක් විය. සිද්ධි යනු යම්කිසි අද්භූත බලයක් ලබාගැනීමයි. එ් තුළින් ලෙඩ සුව කිරීම, පේන බැලීම, භූතයන් එළවීම ආදිය කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. එනිසා එයට මුහුණ දීම පිණිස බ‍්‍රාහ්මණයන් ද සිද්ධි ලබාගැනීමට වෙහෙසුණහ. අද පවා එවැනි යම්කිසි දෙයක් කළ හැකි නම් ඔහුව ‘සිද්ධි බල’ ලැබූ කෙනෙකුන් ලෙස හඳුන්වති. සායි බාබා වැන්නවුන් පවා සමස්ත හින්දු සමාජය තමා වසඟයට ගන්නා ලද්දේ භූත බලයෙන් ලත් සහය තුළනි. එය කොතරම් සාර්ථක වූයේ ද යත් ඔහු මිය යන විට ඉන්දීය රුපියල් කෝටි හතළිස් දාහක් ඔහුගේ ගිණුමේ තිබුණි. යන්ත‍්‍ර, මන්ත‍්‍ර ආදියට කරනු ලබන අවිචාර විධිවල අපේක්ෂාව වූයේ සිද්ධිප‍්‍රාප්තිය අත්පත් කරගැනීමයි. එය කරනු ලබන්නාව මහායාන භික්ෂූන් විසින් හඳුන්වනු ලැබුවේ ‘සාධක’ වශයෙනි. එම කටයුත්ත හඳුන්වනු ලැබුවේ ‘සාධනා’ යනුවෙනි. එමෙන්ම ඔහුව ‘යෝගී’ වශයෙන් ද හඳුන්වනු ලැබේ. යෝග යන්න බුදුරජාණන් වහන්සේ භාවිතා කළ වචනයකි. ‘යෝගී කරණීයෝ’ යෝග කළ යුතුය කියා වදාළේ භාවනා කිරීමටය. අද බ‍්‍රාහ්මණයන් විසින් එම වචන එම අයුරින් ම යොදුනු ලැබේ. x මහායාන භික්ෂූන් වහන්සේලා රාජපූජිත වූහ. පුරෝහිතගේ තැන මහායාන භික්ෂුවට ලැබුණි. මෙයින් ප‍්‍රයෝජන ගත් එ් පුරෝහිත භික්ෂුව විසින් බමුණන්ගේ යාගහෝම සඳහා කරනු ලබන සත්ව ඝාතන රාජ නියෝග මගින් තහනම් කරන ලදී. මේ තුළින් බ‍්‍රාහ්මණයන්ගේ බලය හීන වී යාම ද මෙම වෛරයන්ට මුල ලෙස සැලකිය හැකිය. මෙසේ අධික ලෙස වෛර බැඳගත් බ‍්‍රාහ්මණයන් විසින් බෞද්ධයින්ට විරුද්ධව වාද විවාද නැංවීම බලවත්ව කැපී පෙනුණි. රාජසභාවලදී ප‍්‍රධානත්වය ලැබුණේ වාද විවාදයන්ට ය. බ‍්‍රාහ්මණයන් ජයගෙන භික්ෂූන් වහන්සේලා පැරදුණු අවස්ථාවන්හීදී එම භික්ෂූන්ට ඉතා දරුණු විපාක ලැබුණි. වරක් වාදයකදී කුමාරිලභට්ටයන් පැරදී ගියේය. එවිට ඔහු ‘වේදය ම යි සත්‍යය’ කියමින් කන්දකින් බිමට පැන්නේය. ඔහුට කිසි අනතුරක් සිදුවූයේ නැත. එයට රජු පැහැදුණි. එවිට රජු විසින් වාදය පිණිස වෙනත් දිනයක් නියම කරන ලදී. දෙපාර්ශවයම රැුස් විය. සභාවට පැමිණි රජු කට වසන ලද කළයක් පෙන්නුවේය. එම කළයෙහි තිබෙන්නේ කුමක්ද කියා කීම කළ යුතු විය. එවිට ඔවුන්ගේ ආනුභාවය කෙරෙහි රජු පහදිනු ඇත. එ් මොහොතෙහි කිසිවෙක් උත්තර නොදුන්හ. වෙනත් දිනයක් ඉල්ලා ගත්හ. මහායාන භික්ෂූන් නොයෙකුත් පුද පූජා පවත්වමින්, යෝග භාවනා කරමින් කළය ඇතුළේ තිබෙන්නේ කුමක්දැයි සොයාගත්හ. එනම් නාගයෙකි. කුමාරිලභට්ට ප‍්‍රධාන බ‍්‍රාහ්මණයෝ ගංගා නදියෙහි කරවටක් කිමිදී ශිව දෙවියන්ට යාතිකා කළහ. අදාළ දිනය පැමිණියේය. රජු කළය පෙරට ගෙනාවේය. බ‍්‍රාහ්මණයන් පවසා සිටියේ නාගදරණය මත විෂ්ණු දෙවියන් සිටින බවයි. රජුගේ සිත නොපහන් විය. රජු කළයට දැම්මේ නාගයෙකි. භික්ෂූන්ගෙන් අසන ලදි. පිළිතුර වූයේ කළයේ නාගයෙක් සිටින බවයි. බ‍්‍රාහ්මණයින්ගේ පක්ෂය ගෙන සිටි රජතුමාට අකමැත්තෙන් නමුත් කළය විවෘත කිරීමට සිදුවිය. සියල්ලන් පුදුමයට පත් කරමින් කළය තුළ තිබුණේ නාග දරණ මැද සිටින විෂ්ණු රූපයකි. කුමන්ත‍්‍රණයන්හි ස්වභාවය මෙයින් සිතාගත හැකිය. භික්ෂූහු පැරදී ගියහ. සියලූ දෙනාම සමූලඝාතනය විය. ඇත්තෙන්ම බුද්ධිමතුන්ගේ යැයි සැලකිය හැකි වාද විවාද මොවුන් අතර නොතිබුණි. ඉතා ලාමක ගණයේ සණ්ඩුසරුවල් වලට උපකාරී වන වාද විවාද පමණි ඔවුන්ට තිබුණේ. එක්තරා ප‍්‍රධාන වාදයකදී නාලන්දා සරසවියෙහි කුලපති භික්ෂුවකට පිළිතුරු දීමට සිදුව තිබුණේ සහල් ඇටයේ උපත ගැනයි. එනම් පළමුව සැදුණේ සහල් ද? වී ද? යන්නට පිළිතුරු දීමයි. මෙවැනි ලාමක වාද විවාදයන්ගේ අරමුණ වූයේ ඇත්ත දැනගැනීම නොව එකිනෙකා පරද්දා ගැනීමයි. x අවතාරවාදය ඉස්මතු කරන ලද්දේ ද බෞද්ධ සංහාරයට උපකාර පිණිස ය. මෙම අවතාරවාද ඇතුල් කොට ‘පුරාණ ග‍්‍රන්ථ’ ලියන ලද්දේ සංවිධානාත්මක බ‍්‍රාහ්මණ කණ්ඩායම් විසිනි. එහිදී බුදුදහමට එරෙහිව දරුණු ප‍්‍රලාපයෝ ලියන ලදහ. බුදුදහමින් ගත් කරුණු රැුස් කොට, කුණාල ජාතකයෙන් රැුගත් වස්තු බීජය විස්තර කොට ‘මහා භාරතය’ ලියන ලද්දේ ද බුදුසමයෙන් ජනතාව ඈත්කරනු පිණිසය. බුදුරජුන් පහළ වූ යුගය විනාශකාරී ‘කලියුගය’ බවත්, ”පරිත‍්‍රාණාය සාධූනං - විනාශාය ච දුෂ්කෘතම් ධර්ම සංස්ථාපණාර්ථාය - සම්භවාමි යුගේ යුගේ යහපත් සත්පුරුෂයින්ට (බමුණන්ට* රැුකවරණය පිණිස, වේදය නැසූවන් වැනසීම පිණිස, වේදය යළිත් ස්ථාපිත කිරීම පිණිස, මම යුගයක් යුගයක් පාසා එමි.” මෙසේ භගවත් ගීතාවේදී බ‍්‍රාහ්මණයන් විසින් විෂ්ණු දෙවියන්ගේ මුවට නංවා ශ්ලෝක බන්ධන කරන ලද්දේ ද බුදු දහම නැසීම පිණිස ම ය. කොටින්ම බ‍්‍රාහ්මණයන් භගවත් යන වචනය ද භාවිතා කරන ලද්දේ බෞද්ධයන්ගෙන් කොපි කිරීමෙනි. අද ඔවුන්ගේ සියලූ දෙවිවරු භගවාන් වී සිටිති. භගවත් ගීතාවෙහි අධර්මය විනාශ කිරීමට අර්ජුනයන් පෙළඹ වූ කෘෂ්ණ අවතාරය පහළ වූ යුගය වනාහී කලියුගයට පෙර යුගයයි. එය ‘ද්වාපර යුගය’ වශයෙන් බමුණෝ පැවසූහ. කලියුගයට වසර හාර ලක්ෂ තිස් හයදහසක් ඇතිබව පැවසූ මොවුන් ද්වාපර යුගයේදී එය දෙගුණ කළහ. සංකරාචාර්යගේ බෞද්ධ සංහාරයෙන් පසු කේරළ බ‍්‍රාහ්මණයන් විසින් ශ‍්‍රී ලංකාවේ බුදු දහමට විරුද්ධව රාමායනය ලියන ලදී. එය ද්වාපර යුගයටත් පෙර වූ ‘ත්‍රෙත’ නමින් වූ යුගයක් බව කියා කලියුගයෙහි වූ ආයුෂ තුන්ගුණ කොට දක්වන ලදී. දකුණු ඉන්දීය රාජසභාවල රැුව්දුන්නේ රාමායනයයි. එයින් උද්දාමයට පත් වූ ශිව භක්තික රජවරු නොයෙක් අවස්ථාවන්හීදී රාමාගේ චරිතයට පණ පොවමින් පැමිණ ලංකාව ගිනිබත් කළහ. අදටත් මුන්නේශ්වරම්හි පවතින බිලිපූජාව ආරම්භ කරන ලද්දේ කාලිංගමාඝයන්ගේ මෙහෙයවීම නිසා ය. ලංකාවේ සියලූ ස්ථූප වැනසීමටත්, බෞද්ධයන් ශිව භක්තියට හැරවීමත් මොවුන් දරුණු අයුරින් කරන ලදී. x බ‍්‍රහ්මාණ්ඩ පුරාණයෙහි බ‍්‍රාහ්මණයන් විසින් ලියන ලද්දේ කොතරම් බලවත් විපතක් වුවද බ‍්‍රාහ්මණයෙකු යම් හෙයකින් වැරදීමකින්වත් බෞද්ධයෙකුගේ නිවසකට ඇතුළු වුවහොත් එය ඉතා දරුණු පාපයක් බවයි. මෙයින්ම බ‍්‍රාහ්මණයන් තුළ පැවති බෞද්ධ විරෝධය ඉතා පැහැදිලි වේ. x ‘ම‍්‍රච්ඡුාකාටිකා’ නම් වූ නාට්‍යයෙහි සඳහන් වන්නේ උජ්ජේන්හි වාසය කරන බෞද්ධ භික්ෂූන්ගේ දර්ශනය පවා නොදැකිය යුතු අසුභ දෙයක් බවයි. x විෂ්ණු පුරාණයෙහි මෙසේ සඳහන් වේ. සුරාසුර යුද්ධයක් ඇතිවිය. එහෙත් සුරයන්ට අසුරයන්ව පරදවා ලිය නොහැකිය. හැමවතාවේදීම අසුරයන් ජය ගනී. මෙයට හේතුව කුමක්දැයි සුරයෝ විමසූහ. එවිට අවබෝධ වූයේ සුරයන්ගේ ධර්මය වන වේදය අසුරයන්ද ඉගෙන ගෙන ඇති බවයි. අසුරයන්ව වේදයෙන් ඉවත් කිරීම පිණිස උදව් ඉල්ලා සුරයෝ විෂ්ණු දෙවියන් සොයා ගියහ. එවිට විෂ්ණු මෙසේ පවසයි. ”සුද්ධෝදන රජු පියාණන් වී මහාමායා බිසව මෑණියන් වී සිද්ධර්ථ ගෞතම නමින් මම පැමිණෙන්නෙමි. අසුරයන්ව වේදයෙන් බැහැර කරන්නෙමි. එවිට සුරයෝ ජයගන්නාහුය.” බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ ජනතාව අසුරයන් බවත්, ඔවුන්ව සමූලඝාතනය කිරීමෙන් ධර්මය ජයගන්නා බවත් පෙන්වා දීම පිණිස මෙම ප‍්‍රබන්ධය ගොතන ලදී. මෙම විෂ්ණු පුරාණයේදී බුදුරජාණන් වහන්සේව මහා මෝහ හෙවත් මහා ¥ෂකයා ලෙස හංවඩු ගසන ලදී. x හියුං සියෑන්ගේ වාර්තාවලට අනුව ශිව භක්තික හූනයන්ගේ ආක‍්‍රමණ දිගින් දිගටම සිදුවිය. ශිව භක්තික සසංකයන් විසින් බෞද්ධ විහාරස්ථාන වනසන ලදී. ශ‍්‍රී මහා බෝධිය ද පුළුස්සන ලදී. මහායාන භික්ෂුවක් වන තාරානාථයන්ගේ වාර්තාවලට අනුව බෞද්ධ සංහාරයක් බුද්ධගයාවට පැමිණෙන ලකුණු පහළ විය. එවිට බුද්ධගයාවෙහි වජිරාසනය මත වැඩසිටි පිළිම වහන්සේ ඉවත් කොට එතැන ශිව ප‍්‍රතිමාවක් තබන ලදී. එ් ආක‍්‍රමණිකයන්ගෙන් වජිරාසන භූමිය ආරක්ෂා කරගැනීමටය. ශිව ප‍්‍රතිමාවක් තිබුණොත් එතැන බේරෙන බවට මෙය හොඳ ලකුණකි. කොටින්ම අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාවට යද්දී බව වජිරාසන විහාරය මැද තිබුණේ ශිවලිංගයකි. අදත් එහි නටඹුන් තිබේ. විනාශය කුමක්දැයි මෙයින් තේරුම් ගැනීම පහසුය. x ආර්ය මංජු ශී‍්‍ර මූලකල්පයෙහි සඳහන් වන්නේ බුද්ධගයාවේ තිබූ විශාල බුදුපිළිමයක් බ‍්‍රාහ්මණයන් විසින් විනාශ කළ බවයි. මින් වසර දෙසිය පණහකට පමණ පෙර දකුණු ඉන්දියාවේ සිට පැමිණි ශිව භක්තික තාපසයෙකු බුද්ධගයාව අල්ලා ගත්තේය. ඔහු අයත් වන්නේ සංකරාචර්යයන් විසින් පිහිටුවන ලද හින්දු ආගමික ශාඛාවක් වන ගිරි නිකායටයි. ඔහු බුද්ධගයාවෙහි ප‍්‍රධානියා විය. මහන්තා යනු ප‍්‍රධානියාට කියන නමයි. අදටත් ඔහු තනාගත් මාලිගයෙහි සිය ගණන් බුදුපිළිම පුරවා ඇත. දොර අගුල් දමා ඇත. අන්‍යයන්ට එ්වා බැලීමට තහනම් ය. ඔහුගේ ගෝලබාලයන්ගේ පරපුර තවමත් හොඳින් වැජඹේ! x 14 වන සියවසේ මාධව ආචාර්යයන් විසින් ලියන ලද ‘ශංකර දික්විජය’ නම් පොතෙහි සඳහන් වන්නේ රාමේශ්වරම් සිට හිමාලය දක්වා බෞද්ධයන්ව විනාශ කිරීමට ශංකර් අණ දුන් බවයි. රාමානුජ ආචාර්යවරයා ද ‘විශිෂ්ට අද්වෛතය’ නමින් වේදාන්තය දියුණු කොට තවදුරටත් ශිව භක්තියේ දුෂ්ට බව මුවහත් කළේය. කොටින්ම රාමේශ්වරම්, රාමානන්දපුරම් ආදී නම් දකුණු ඉන්දියාවේ කන්‍යාකුමාරි තුඩුවට භාවිතාවෙන්නට පටන් ගත්තේ ඉතා මෑත භාගයේ සිට ය. එ් සඳහා ඉංග‍්‍රීසි ජාතික ආණ්ඩුකාරයාට යථෝක්ත නම් ඉදිරිපත් කොට සම්මත කරගත්හ. එසේ නොමැතිව එ්වා බොහෝ පැරණි නම් නොවේ. අදටත් දකුණු ඉංදියාවේ බිහි වී ඇති බොහෝ නම් ගම්වලට ‘රාම’ යන නාමය ඇතුළු වී ඇත්තේ මෑතකදී ය. x ක‍්‍රි.ව. 8 වන සියවසේ ශංකරයන් විසින් කරන ලද බෞද්ධ සංහාරය නිසා එය හඳුන්වනු ලබන්නේ ‘ශංකරදිග්විජය’ යන නමිනි. දිග්විජය යනු යුද්ධ කොට දිශාවන් ජයගැනීමයි. මෙයින් උද්දාමයට පත් වූ බ‍්‍රාහ්මණයෝ සමස්ත ඉන්දියාවෙන්ම බුදු දහම තුරන් කළහ. විශේෂයෙන් දකුණු ඉන්දියාවේ ප‍්‍රධාන ප‍්‍රාන්ත සතර වන කේරළය, තමිල්නාඩු, කර්ණාටක සහ ආන්ද්‍රා යන ප‍්‍රාන්තයන්හී මහත් සම්භාවනාවට පත් වූ බුදු දහම මුළුමනින්ම අතුරුදහන් විය. භික්ෂූන් වහන්සේලා ඝාතනය කරන ලද්දේ දරුණු වධහිංසාවලට පමුණුවමිනි. එ් රුධිරයෙන් නැහැවී ගිය ඉතිහාසය තවමත් අපට පැහැදිලි කරගැනීමට නොහැකිය. තෙරුවන් සරණයි! අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. (Y) මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.