Useful Links
Search Engines
Google
Bing
Yahoo
Ask
E-Mail types
gmail
Outlook or Hotmail
Yahoo
gmail
Dhamma Talks
Sri kalyaana
Sawanata Sisila
You Tube
You Tube
Sri Lankan Radio
All Sri Lankan
Hiru FM
Sirasa
SLBC
SL NEWS
SL news papers
Sinhala Page
සිංහල පිටුව
තුන් වරක් සාදු ... සාදු.... සාදු..... කියන්නේ ඇයි ?
තුන් වරක් සාදු ... සාදු.... සාදු..... කියන්නේ ඇයි ? දැන් විමසා බලමු මේ පුංචි “සාදු” කියන වචනය තුලින් අපට මේ සිත දමනය කරගැනීමේ, කුසලය උත්පාදනය කරගැනීමේ, සියලු පව් අකර්මන්ය කරදැමීමේ කටයුත්ත කරන්නට හැකිවෙන්නේ කොහොමද කියලා. “සාදු” යන වචනය තුන් වරක් භාවිතා කරන්නේ ඇයි? ඔබ අසා ඇති මේ “සාදු” කියන වචනය තුන් වරක් භාවිතා කරනවා. සමහරවිට අපේ ආච්චිලා සීයලා නම් හතරවෙනි වරටත් දිගු සාදුකාරයක් කියනවා. හිතුනේ නැතිද ඇයි මේ 3 පාරක් හෝ 4 පාරක් සාදු කියන්නේ ඇයි කියලා? අද කාලේ නම් බොහෝ ඇත්තන් මේ සාදුකාරය දෙන්නේ භක්තිය ශ්රද්ධාව පෙරටු කොට ගෙන පමණක් වෙන්නට පුළුවන්. මොකද මේ සාදුකාරයේ අර්ථය ඔවුන් දැනගෙන සිටියා නම් එහි අර්ථය නිතර අපට අහන්නට දකින්නට ලැබෙනවා. ඒත් එය එසේ නොවන නිසා අවම පිරිසක් පමණක් මේ අර්ථය අවබෝධයෙන්ම “සාදුකාරය” භාවිතා කරනවා කියලා අපට හිතන්න පුළුවන්. ඉතින් බුද්ධිමත් වෙන්නට යථාවබෝධය ලබන්නට ගමන් අරඹන ඔබට තව දුරටත් අර්ථ විරහිතව සිතුවිලි, ක්රියා, වදන් මෙහෙයවිය යුතු නැහැ. අදින් පසුව ඔබෙන් යමෙක් ඇසුවොත් බෞද්ධයින් ඇයි “සාදු” කියන්නේ? ඇයි ඒ උදවිය “සාදු” ලෙසින් තුන් පාරක් කියන්නේ? ඇයි අන්තිමට දීර්ඝ ලෙසින් “සාදු” ලෙසින් කියන්නේ? ඇයි හය හත් පාරක් සාදු කියන්නේ නැත්තේ? ආදී නොයෙකුත් ගැටලුවලට අවබෝධයෙන් පිලිතුරු සපයන්නට ඔබට අපහසු වෙන එකක් නැහැ. ඔන්න දැන් මේ “සාදුකාරය” තුන් වරක් හෝ හතර වරක් පවත්වන්නට හේතුවත් එයම තමයි. “සාදු, සාදු, සාදු, සා…දු …” ලෙසින් යෙදෙන විට 1. පළවෙනි “සාදු” හඬින් අදහස් කරන්නේ “- කයෙහි සංවරභාවයයි”. 2. දෙවැනි “සාදු” හඬින් “- වචනයෙහි සංවරභාවයත්” 3. තෙවැනි “සාදු” හඬින් “- සිතෙහි සංවරභාවයත්” 4. හතරවෙනියට දීර්ඝ “සාදු” හඬ මේ ත්රිවිධ සුචරිතය පෙන්වීම පිණිසම (ඒ කියන්නේ “සාදු සබ්බත්ථ සංවරෝ”ලෙසින් දැක්වූ “මේ සියලු තැන්හි සංවරය සුහද වූ සුචරිතවත් ගුණයයි” යන්න පෙන්වා දීමට යොදාගන්නවා.) එසේ නම් “සාදුකාරය” එසේ මෙසේ නිකම්ම ඔහේ ඕනෑ තැනකදී කියන්න පුළුවන් අර්ථයක් නැති වචනයක් නෙවේ කියලා දැනටමත් බුද්ධිමත් ඔබට වැටහෙනවා ඇති. ඉතින් තවදුරටත් විමසා බලන්න මේ තුලින් කොතරම් නම් අපූරු හික්මීමක් තමන් තුල ඇතිකරගන්නට අපට හැකියාවක් ලැබෙනවාද කියලා. එසේනම් ඔබ සියලු දෙනාම “සාදු” කියන පුංචි වචනය තුල ගැබ්වෙලා තියෙන විශිෂ්ඨ අර්ථය දැනගෙනම සාදුකාර දෙමු.